කොකා-කෝලා සහ Clean Ocean අතර හවුල්කාරිත්වය අඛණ්ඩව තුන්වන වසරටත්

Share

Share

Share

Share

2025 ජනවාරි 30 වන දින ආරම්භ වූ ’Adopt a Beach’ වැඩසටහනේ තුන්වන වසර සඳහා කොකා-කෝලා සහ Clean Ocean එක්ව ඔවුන්ගේ හවුල්කාරිත්වය නැවත අලුත් කළේය. ශ්රී ලංකාවේ වෙරළ තීරය ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව ක්රියාත්මක මෙම හවුල්කාරීත්වය අලුත් කිරීමේ විශේෂ අවස්ථාව සමරනු ලැබුවේ Clean Ocean හි සභාපති සහ නිර්මාතෘ ජෙරම් ප්රනාන්දු සහ කොකා-කෝලා ශ්රී ලංකා හි ශ්රී ලංකාව සහ මාලදිවයින සඳහා අධ්යක්ෂිකා කෞෂාලි කුසුමපාල මහත්මියගේ සහභාගීත්වයෙනි.

මෙම වැඩසටහන කොළඹ 15 කාක දූපත වෙරළ උද්යානයේදී පැවැත්විණි. මෙම හවුල්කාරීත්වය වෙරළ පිරිසිදු කිරීම් සහ ප්රතිචක්රීයකරණ උත්සාහයන් තුළින් සමුද්ර දූෂණය අවම කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. ’Adopt a Beach’ වැඩසටහන සමුද්ර පරිසර පද්ධති ආරක්ෂා කිරීම, පරිසර හිතකාමී පිළිවෙත් දිරිමත් කිරීම සහ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා ජනතාව එකට එක් කරනු ලබයි. තවද එකට එක්ව වැඩ කිරීම තුළින් සාගරයේ ස්වභාවික සුන්දරත්වය ආරක්ෂා කිරීමට සහ ගෝලීය ක්රියාමාර්ගයක් ගැනීමට අන් අය පෙළඹවිය හැකි ආකාරය මෙන්ම පිරිසිදු, හරිත අනාගතයක් ගොඩනැගීමේදී පුද්ගලයින්ගේ සහ සංවිධානවල කාර්යභාරයද මෙමගින් පෙන්නුම් කරයි.

ஆசியாவின் சிறந்த வளர்ந்துவரும் Podcast விருதை...
2026 FIFA உலகக் கிண்ணத்தின் முதல்...
2026 FIFA ලෝක කුසලාන තරඟාවලිය...
From Exam Tips to Career...
S&P Sri Lanka சுட்டெண்ணில் இணையும்...
HNB, විශ්වාසය, නායකත්වය සහ නවෝත්පාදන...
TikTok releases Q3 2025 Community...
Softlogic Life Ignites the Resilient...
HNB, විශ්වාසය, නායකත්වය සහ නවෝත්පාදන...
TikTok releases Q3 2025 Community...
Softlogic Life Ignites the Resilient...
TikTok to bring FIFA World...