සම්පත් බැංකුවේ තිරසාර නායකත්වය, ශ්‍රී ලංකා තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේ දී බුහුමන් ලබයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරීවරන්ගේ සංගමය (ACCA) විසින් පසුගියදා සංවිධානය කරනු ලැබූ
ශ්‍රී ලංකා තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේ දී බැංකු කාණ්ඩයේ අනුශුරතාවය හිමි කර ගැනීමට සම්පත් බැංකුව සමත් විය. මෙම සම්මාන උළෙල කොළඹ සිනමන් ග්රෑන්ඩ් හිදී පැවැත්වුණු අතර, සම්පත් බැංකුවට හිමි වූ මෙකී ජයග්‍රහණයත් සමගින් විනිවිදභාවය, වගවීම මෙන්ම තිරසාර ව්‍යාපාරික භාවිතයන් සම්බන්ධයෙන් බැංකුවේ අඛණ්ඩ කැපවීම වැඩිදුරටත් ඉස්මතු වූයේය.

2004 වසරේ සිට පැවැත්වෙන ශ්රී ලංකා තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේදී ආයතනික වගකීම් පිළිබඳ ප්රමිතිගත කරමින් පාරිසරික, සමාජයීය සහ පාලනය (ESG) භාවිතාවන් පිළිබඳව, විනිවිදභාවයෙන් යුතුව තොරතුරු අනාවරණය කරන ආයතනයන් ඇගයීමට ලක් කෙරේ. ඒ අනුව සම්පත් බැංකුව ලද මෙම පිළිගැනීම, ආයතනික වශයෙන් ඉහළම වාර්තාකරණ ප්‍රමිතීන් පවත්වා ගැනීමට සහ ආයතනික උපායමාර්ග හා තිරසාරභාවය ඒකාබද්ධ කිරීමේ හැකියාවට හිමි වූ සුවිශේෂී ගෞරවයක් ලෙස කැපී පෙනේ. මෙම සම්මාන පිරිනැමීම හරහා තම තිරසාරභාවය පිළිබඳ වාර්තාකරණයන් වැඩිදියුණු කිරීමට මෙන්ම ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රජාවට සහ පරිසරයට තම ධනාත්මක බලපෑම පෙන්නුම් කිරීමට ආයතන හා සංවිධානයන් දිරිගැන්වෙනු ඇත.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය මෙසේ පැවසුවාය. ‘’තිරසාරභාවය අපගේ ව්‍යාපාරයේ මූලීකම අංගයක් වන අතර, වගකිව යුතු බැංකුකරණයක් සඳහා එය මනා ප්‍රවේශයක් සපයනවා. මෙම පිළිගැනීම ඔස්සේ මුල්‍ය කාර්ය සාධනයක් මෙන්ම පාරිසරික හා සමාජයීය යහපැවැත්ම වෙනුවෙන් බැංකුව දක්වන උනන්දුව වැඩිදුරටත් කැපී පෙනෙනවා. තිරසාරභාවය පිළිබඳ වාර්තාකරණය තුළින් ආයතනික වගවීම් ප්‍රවර්ධනය කිරීමේ දී, ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරීවරන්ගේ සංගමය සිදු කරන කාර්යභාර්ය අප අගය කරන අතරම, පාරිසරික, සමාජයීය සහ පාලනය (ESG) උදෙසා ධනාත්මක බලපෑමක් ඇති කිරීමේ අරමුණින් අපගේ තිරසාර වාර්තාකරණයන් අඛණ්ඩව සිදු කරගෙන යනවා’’

ස්වාධීන විශේෂඥ මණ්ඩලයක් විසින් මෙම ඇගයුම් ක්‍රියාවලිය ගැඹුරින් සමාලෝචනය කළ අතර, පරිපූර්ණත්වය, විශ්වසනීයත්වය සහ සන්නිවේදනය වැනි ප්‍රධාන නිර්ණායකයන් මත පදනම්ව මෙම වාර්තාකරණයන් ඇගයීමට ලක් කරන ලදී. Global Reporting Initiative (GRI), Integrated Reporting, Task Force on Climate-Related Financial Disclosures වැනි ගෝලීය ක්රමවේදයන්ට සමපාත වෙමින්, ESG වාර්තාකරණය සඳහා වන සම්පත් බැංකුවේ පුළුල් ප්රවේශය මෙම ජයග්රහණය සඳහා තීරණාත්මක කාර්යභාර්යක් ඉටු කළේ ය. තිරසාරභාවය පිළිබද වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් පාරිසරික, සමාජයීය සහ පාලනය (ESG) වගකීම ප්රවර්ධනය කිරීම මඟින් සම්පත් බැංකුව, තම කොටස්කරුවන්ගේ දිගුකාලීන විශ්වාසයට වටිනාකමක් එකතු කරයි.

සම්පත් බැංකුව, තිරසාරත්වය පෙරටු කරගනිමින් සිය මෙහෙයුම් සිදු කරන අතර වගකිව යුතු ව්‍යාපාරික භාවිතාවන් උදෙසා එය උපායමාර්ගික ලෙස හසුරුවනු ලබයි. තම දිගුකාලීන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමේ දී සම්පත් බැංකුව, ප්‍රජාව වෙත ප්‍රතිලාභයන් හිමි කර දෙමින් ඵලදායී තිරසාරත්වයකින් හෙබි අනාගතයක් නිර්මාණය කිරීම උදෙසා සිය දායකත්වය අඛණ්ඩව ලබා දෙනු ඇත.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...