MAS, ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිල ක්‍රීඩා ඇඟලුම් කට්ටලය භාර දෙයි

Share

Share

Share

Share

MAS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන Bodyline පුද්. සමාගම, ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා සංගමය (SLA) සමඟ වන අඛණ්ඩ හවුල්කාරීත්වයේ තවත් පියවරක් ලෙස ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ 2025 වසර සඳහා ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාර දුන්නේය. මෙම ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාර දීමේ උත්සවය 2025 අප්‍රේල් 7 වන දින පැවැත්වුණු අතර 2028 වසරේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලිය දක්වා මෙරට මලල ක්‍රීඩාවේ නිල ඇඟලුම් සහකරු ලෙස Bodyline ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සමඟ එක්ව කටයුතු කරනු ඇත.

මෙහිදී Bodyline හි ප්‍රධාන විධායක නිලධාරී සහන් රාජපක්ෂ මහතා විසින් අලුතින් නිර්මාණය කරන ලද මෙම ක්‍රීඩා ඇඟලුම් කට්ටල ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වෙත පිරිනමන ලද අතර ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ගරු සුගත් තිලකරත්න මහතා ද එම අවස්ථාවට එක් විය. MAS විසින් උසස් තාක්ෂණය භාවිත කරමින් ඉහළ කාර්යසාධනයක් සහිතව නිර්මාණය කර තිබෙන මෙම ඇඟලුම් කට්ටල ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරඟවලදී ක්‍රීඩා කරන විට ඔවුන්ට සහාය වීම සඳහා නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලාංකේය උරුමයක් වන උඩරට නර්තන සම්ප්‍රදායේ චමත්කාරය සමඟ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජවය එක් තැන් කළ සුවිශේෂී නිර්මාණයක් ලෙස මෙම ඇඟලුම් කට්ටලය සඳහන් කළ හැකිය. එම නර්තනය තුළ දැකිය හැකි ප්‍රබල චලනයන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජවය එකට එක් වීම තුලින් නිරූපණය කරනු ලබන්නේ ශ්‍රී ලාංකිකයින්ගේ ශක්තිය හා අභිමානයයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Bodyline හි ප්‍රධාන විධායක නිලධාරී සහන් රාජපක්ෂ මහතා පැවසුවේ “අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව නියෝජනය කරන විට ඔවුන්ට නව්‍ය ඇඟලුම් තාක්ෂණයෙන් හා ඉහළ කාර්යසාධනයකින් යුතු උසස්ම තත්ත්වයේ ක්‍රීඩා ඇඟලුම් ලබා දීමට හැකි වීම ගැන අපි ආඩම්බර වනවා. වසර ගණනාවක් පුරා SLA සමඟ ඇති අපගේ ශක්තිමත් හවුල්කාරිත්වය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහාය වීමටත් ඔවුන්ට උපරිමයෙන් දස්කම් දැක්වීමට විශ්වාසයක් ලබා දීමටත් උපකාරී වනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

MAS Holdings හි සමූහ නිෂ්පාදන පරිවර්තන නිලධාරී ඩිල්ශාන් මොහමඩ් මහතා අදහස් දක්වමින් “ජාත්‍යන්තර තරඟයන්හිදී විශිෂ්ට දස්කම් දැක්වීම සඳහා අවශ්‍ය හොඳම කාර්යසාධන ඇඟලුම් අපගේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතු බව සහතික කරමින් නව්‍යකරණ නිෂ්පාදන ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපි කටයුතු කරනවා” යනුවෙන් පැවසීය.

මෙම වසරේදී ජාතික මලල ක්‍රීඩා කණ්ඩායම අලුතින් නිර්මාණය කරන ලද මෙම ඇඟලුම් කට්ටල පැළඳ ජාත්‍යන්තර තරගාවලි රැසකට ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ අතර 6 වන කණිෂ්ඨ (18න් පහළ) ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය, දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය, ලෝක සහය දිවීමේ ශූරතාවලිය, ආසියානු විසිකිරීමේ ශූරතාවලිය, ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය වේ.

“Bodyline වැනි විශ්වාසවන්ත හවුල්කරුවෙකු සිටීම මගින් අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් තත්ත්වයේ හොඳම ක්‍රීඩා ඇඟලුම් ලබා ගත හැකි බව සහතික කෙරෙනවා. එමගින් ඔවුන්ට ඔවුන්ගේ පුහුණුව සහ කාර්යසාධනය කෙරෙහි සම්පූර්ණයෙන්ම අවධානය යොමු කිරීමටත් ඉඩ සැලසෙනවා. මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව නගා සිටුවීම සඳහා අප ආයතන දෙක එකම අරමුණකින් කටයුතු කරන බව පෙන්නුම් කරන කදිම සාක්ෂියක්.” යනුවෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවසුවේය.

MAS සහ Bodyline ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය උදෙසා ලබා දෙන සුවිශේෂී දායකත්වය පිළිබඳව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා ප්‍රශංසා කරමින් පැවසුවේ “අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දියුණුවට මෙවැනි රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් ඉතා වැදගත්. අපේ රටේ ක්‍රීඩා කුසලතාවන්ට සහාය වීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඇඟලුම් ලබා දීමේ MAS හි කැපවීම අප අගය කරනවා.” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා ඇඟලුම් නිෂ්පාදකයා ලෙස MAS, දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමින් තරඟ කිරීමට උසස් තත්ත්වයේ ක්‍රීඩා ඇඟලුම් ලබා දෙමින් නවෝත්පාදනයන් අඛණ්ඩව සිදු කරනු ලබයි.

Sunshine Holdings records LKR 48.9...
Huawei Hosts the 1st Global...
Sunshine Foundation for Good strengthens...
வரலாற்று சிறப்புமிக்க காலியில் LANKATILES தனது...
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
මෙරට ඉංජිනේරු අධ්යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක්...