Samsung සිය Neo QLED, OLED, QLED සහ Frame TV සඳහා Vision AI තාක්ෂණය හඳුන්වා දෙමින් මනරම් රූප නෙත් අභියසට ගෙන එයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන 2025 වසරේ සිය නවතම නිෂ්පාදන ලෙස Neo QLED 8K, OLED, QLED TV සහ Frame රූපවාහිනී නිෂ්පාදන පෙල දියත් කරනු ලැබීය. එහි විශේෂත්වය වන්නේ ඒ තුලින් අති නවීන Vision AI තාක්ෂණය ශ්‍රී ලාංකිකයින් වෙත ගෙන ඒමට Samsung කටයුතු කර තිබීමයි. සුවිශේෂී AI තාක්ෂණය සමඟින් ශ්‍රී ලාංකිකයින් මෙතෙක් අත්නොවිඳි අසමසම රූපවාහිනී අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව මේ තුලින් උදා කිරීමට Samsung සමත්ව සිටියි. මෙම රූපවාහිනී නිෂ්පාදන පෙළෙහි විශේෂත්වය වන්නේ Vision AI තාක්ෂණයෙන් සුසැදි සුවිශේෂී තිරය නරඹන්නන් නිරායාසයෙන් ආකර්ෂණය කර ගැනීමටත් ඒ සමඟ කටයුතු කරමින් ඔවුන්ගේ ජීවිත නා සිටුවීමටත් හේතු වනු නිසැකය.

අති නවීන තාක්ෂණය සමඟින් AI මගින් වැඩි දියුණු කළ රූප හා නාද මාලාවන් ඒ ඒ පරිශීලකයාට ගැලපෙන අත්දැකීමක් ලබා දෙනු ඇත්තේ උපරිම කාර්ය සාධනයක්ද ඔවුන් වෙත ගෙන එමිනි. එම Samsung Vision AI තාක්ෂණය ප්‍රධාන වශයෙන් සාධක 3ක් මත ගොඩ නැගී ඇත.

මෙහිදී අන්තර්ගතයට හා අවට පරිසරයට ගැලපෙන ආකාරයේ ඇල්ගොරිදම් භාවිත කරමින් පරිශීලකයා වෙත ආකර්ෂණීය හා වින්දනීය අත්දැකීමක් උරුම කර දෙන AI තාක්ෂණය ඒ ඒ මොහොතට ගැලපෙන පරිදි රූපවල ගුණාත්මකභාවය හා ශබ්දයේ ඉමිහිරි බව ඉහළ නැංවීමට කටයුතු කිරීමද මෙහි ඇති විශේෂත්වයකි. පරිශීකයාට අවශ්‍ය පරිදි සකස් කර ගත හැකි මේ තුලින් ඔවුන් වෙත ලබා දෙන නවතම අත්දැකීම ඉතා වැදගත්ය. මෙහි තවත් ප්‍රමුඛ කරුණක් වන්නේ ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් සහ වෙනත් ස්මාර්ට් උපාංග සඳහා රූපවාහිනිය පහසුවෙන් සම්බන්ධ කර ගැනීමට ඇති හැකියාවයි. ඒ හරහා පහසුවෙන් අන්තර්ගතයන් බෙදා ගැනීමට. පාලනයට මෙන්ම අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ඊට හැකියාව උදා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Samsung Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා “අද වන විට ශ්‍රී ලංකාවේ නිවාසයන්හි රූපවාහිනිය සතු කාර්ය භාරය බොහෝ දුරට වෙනසකට ලක් වී තිබෙනවා. එය තවදුරටත් රූපරාමු නරඹීම සඳහා වන නිෂ්පාදනයක් පමණක් නොව සම්බන්ධතාව ඉහළ නංවන එදිනෙදා ජීවිත නගා සිටුවන නිෂ්පාදනයක් වනවා. අපගේ නවතම නිෂ්පාදන පෙළ හරහා Samsung Vision AI තාක්ෂණය හඳුන්වා දෙමින් රූපවාහිනී නරඹීමෙන්ම ඔබ්බට පරිශීකයින් ගෙන යමින් අසමසම අත්දැකීමක් ඔවුන් වෙත උරුම කර දීමට කටයුතු කර තිබෙනවා. Samsung Vision AI මඟින් ඒ ඒ පුද්ගලයාට ගැලපෙන අත්දැකීමක් AI තාක්ෂණය මඟින් ලබා දෙනවා. තමන්ට හා පරිසරයට ගැලපෙන පරිදි සකස් කර ගැනීමේ හැකියාව සමඟින් නැරඹීමට වඩා වැඩි යමක් පරිශීලකයින් වෙත ලබා දෙන මෙය අප ‘It’s Your Show’ ලෙස නම් කර තිබෙනවා. මේ හේතුවෙන් නිවස තුලදීම සිනමාත්මක අත්දැකීමක් ආලින්දයේ රූපවාහිනිය තුලින් ලබා ගැනීමේ හැකියාව උදා කර දීමට අපට හැකි වනවා. මෙම නව්‍ය නිෂ්පාද පෙළ සමඟින් හෙට දවසේ රූපවාහිනී භාවිතය තව දුරටත් ඉහළ නැංවීමට මෙන්ම මෙරට නවතම රූපවාහිනී වෙළෙඳපොල නායකත්වය තවදුරටත් තහවුරු කිරීමට අපට හැකිවන බව මගේ විශ්වාසයයි.’‘යනුවෙන් පැවසීය.

පරිශීලකයාගේ නිවසට සහ හැසිරීම්වලට ප්‍රතිචාර දක්වන අනුවර්තන මධ්‍යස්ථානයක් බවට පත් කරන මෙම නවතම රූපවාහිනිය ඔවුන්ගේ එදිනෙදා ජීවිතය වඩාත් පහසු කිරීමට සමත්ව ඇත්තේ නැරඹුම් තිරයක් පමණක් නොව බුද්ධිමත් සහකරුවකු බවටද පත් වෙමිනි. එය Universal Gesture Control, AI Upscaling Pro, Generative Wallpaper, Multi-Device connectivity සහ Family Care යන මාදිලිවලින් සමන්විත වේ.

මේ අතුරින් AI තාක්ෂණයෙන් වඩාත් බලගැන්වූ නවතම නිෂ්පාදනය වන්නේ Neo QLED 8K රූපවාහිනියයි. Samsung විසින් හඳුන්වා දුන් නවතම නිෂ්පාදන පෙළෙහි ප්‍රමුඛ නිෂ්පාදනයක් වන එය 768 AI neural ජාලයන්ගෙන් හා NQ8 AI Gen3 ප්‍රොසෙසරයකින් බල ගැන්වෙමින් අසමසම පරිශීලක අත්දැකීමක් උරුම කරදෙනු ලබයි. ඉතා සියුම් Infinity Air නිර්මාණයකින් ආවරණය කර ඇති Neo QLED 8K යනු සුන්දරත්වය සහ තාක්ෂණික හැකියාව සමඟින් සිනමා අත්දැකීමක් ආලින්නදයට කැඳවාගෙන එන විශිෂ්ට නිෂ්පාදනයකි.

මෙහි ඇති 8K AI Upscaling Pro විශේෂාංගය හේතුවෙන් ඕනෑම අන්තර්ගතයක් සියලු විස්තර හා දත්තයන් සමඟින් ගුණාත්මක 8K තත්වයට පත් කිරීමේ හැකියාවද ඒ සතුය. එහි ඇති Glare-Free තාක්ෂණය අධික ආලෝක තත්වයකදී පවා රූපවාහිනී තිරය පහසුවෙන් නැරඹිය හැකි අයුරින් පවත්වාගෙන යාමට කටයුතු කරනුයේ වර්ණයේ හෝ රූපයේ කිසිඳු වෙනසකින් තොරවය. එසේම මෙහි අන්තර්ගත Q-Symphony සහ Dolby Atmos යන ශබ්ද තාක්ෂණයන් එක්ව ආකර්ෂණීය ශබ්ද රසයක් දෙසවනට එක් කරනු ලබන්නේ රූපයේ මෙන්ම ශබ්දයේද නවතම අරුතක් පරිශීලකයින් වෙත ගෙන එමිනි. Neo QLED 8K අඟල් 75 සහ 85 ප්‍රමාණවලින් දැන් මිලදී ගත හැකිය.

128 Neural Networks, Motion Xcelerator 165Hz, Glare-Free Viewing සහ AI Motion Enhancer Pro මඟින් මෙහෙයවනු ලබන NQ4 AI Gen3 ප්‍රොසෙසරයකින් මනා කාර්ය සාධනයක් සපයන OLED TV, Samsung හි අනෙක් නවතම හඳුන්වා දීමයි. පරිපූර්ණ වර්ණයන් නෙතු අභියසට ගෙන එන PANTONE තාක්ෂණයෙන් සුසැදි මෙහි ඇති Slim One Connect විශේෂාංගය තුළින් සුපැහැදිලි රූපරාමු තිරය මත දිගහැරීමට සමත් වෙයි.

මෙම නවතම රූපවාහිනී නිෂ්පාදනයන්හි තවත් විශේෂත්වයක් වන්නේ පරිශීලක දත්ත හා පෞද්ගලිකත්වය සුරතින පුලුල් ආරක්ෂක විශේෂාංගයක් වන Samsung Knox අන්තර්ගත වීමයි. අනවසර පුද්ගලයකුට පිවිසීම වළක්වා ලන එම තාක්ෂණය හේතුවෙන් දත්තවල ආරක්ෂාව තහවුරු වන අතර විවිධ හානිකර වෙබ් අඩවිවලින් ඇති විය හැකි බලපෑම් අවහිර කිරීමද සිදු වේ. එසේම හරහා පුද්ගලික තොරතුරුවල ආරක්ෂාවද තහවුරු වේ.

නිරන්තරයෙන් සිය පාරිභෝගිකයින් වෙත අති නවීන තාක්ෂණය හා දිගු කාලීන වටිනාකම් පිරිනැමීම තුළින් දිනෙන් දින සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට Samsung Sri Lanka සමත්ව සිටියි. ගෝලීය වශයෙන් කීර්තියක් අත්කරගෙන සිටින Samsung සමාගම වසර 19ක් පුරා ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා ලෙස පෙරමුණ ගෙන ඇත්තේ එහි නවෝත්පාදන හා ගුණාත්මකභාවයේ විශිෂ්ටත්වය නිසාවෙනි. ශීතකරණ හා රෙදිසෝදන යන්ත්‍ර සඳහා වසර 20ක වගකීමක් ලබා දීමට කටයුතු කර ඇත්තේ එම කර්මාන්තයේ ඉහළම වගකීම පාරිභෝගිකයින් වෙත ලබා දෙමිනි. පාරිභෝගික විශ්වාසය දිනාගෙන සිටින බලයලත් අලෙවිකරුවන් වන Singer, Damro, Singhagiri සහ Softlogic අලෙවිසැල් තුළින් පුළුල් පරාසයක විහිදුණු Samsung විදුලි උපකරණ හා ගෘහ උපකරණ වගකීමක් සහිතව මිලදී ගත හැකිය.

Maliban Brings Korean Flavour to...
கூட்டு ஆடைச் சங்கங்களின் மன்றத்தின் அறிக்கை
Mahindra Ideal Finance 2025 මූල්‍ය...
மனநல ஆரோக்கியத்தை மேம்படுத்த வழிகாட்டுதல் தியான...
Mahindra Ideal Finance 2025 நிதியாண்டில்...
Mahindra Ideal Finance delivers strong...
Press Release: Guided Meditation on...
Samsung සිය Neo QLED, OLED,...
Mahindra Ideal Finance delivers strong...
Press Release: Guided Meditation on...
Samsung සිය Neo QLED, OLED,...
Sunshine Holdings concludes ‘Smart Life...