පසුගියදා නිමාව දුටු Coke Kottu Beat සාදය සමඟින් ගාලු මුවදොර පිටිය සැණකෙලි සිරියෙන් පිරී ගියේ සුවහසක් ජනතාව වෙත රසවත් ආහාර පාන වර්ග මෙන්ම මියුරු සංගීත රටාවන් රස විඳීමේ අවස්ථාව සලසා දෙමිනි. දහස් ගණනකගේ සහභාගීත්වයෙන් ගාලු මුවදොර පිටියේදී පැවති එම සුවිශේෂී සැණකෙළියේදී තමන් කැමතිම රසවත් ප්‍රණීත ආහාරයක් වන කොත්තුවල සිට ඉමිහිරි බෙර වාදනයන් දක්වා සියලු දේ විඳ ගැනීමේ නිදහස ඔවුන්ට හිමි වූ අතර සිය පාරිභෝගිකයින්ගේ රස වින්දනය උදෙසා මෙවන් වැඩසටහන් අඛණ්ඩව සංවිධානය කිරීමට කොකා-කෝලා සමාගම කටයුතු කරමින් සිටියි.
එසේම මෙහිදී නාගරික ආහාරපානවල සිට ග්‍රාමීය ආහාර වර්ග දක්වා එකිනෙකට වෙනස් රසයන්ගෙන් යුත් කොත්තු සමඟ බෙදා ගැනීමට මෙයට සහභාගීවූවන්ට අවස්ථාව ලැබුණු අතර ආප්ප, බාබකියු, බර්ගර්, ෆ්‍රයිඩ් රයිස් මෙන්ම සිසිල් කොකා-කෝලා සමඟ සුවිශේෂී අත්දැකීමක් ශ්‍රී ලාංකේය තාරුණ්‍යය වෙත ගෙන ඒමට කොකා-කෝලා සමත් විය.
මෙහි පැමිණි සිටි සියලු දෙනා ආකර්ෂණය කරගැනීමට හකි වූ විශේෂ සිදු වීමක් වූයේ Coke Kottu Battle තරඟයයි. එහිදී වෙළෙඳුන් 20කට අධික පිරිසක් සජීවීව ආහාර පිසීමට කටයුතු කළ අතර විනිශ්චය මණ්ඩලය විසින් ජයග්‍රාහකයින් දෙදෙනෙකුට තෝරා ගෙන ඔවුන්ට විශේෂ මුදල් ත්‍යාගයක් ප්රදානය කරන ලදී.
එදින සන්ධ්‍යාව සංගීතයෙන් රස ගැන්වීම සඳහා මිඩ්ලේන් සංගීත කණ්ඩායම ඇතුළු තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් උමාරියා, කාංචනා, වස්ති, දිනේෂ් ගමගේ සහ කයිසර් කයිස් වැනි ජනප්‍රිය තරු රැසක් එක් වූ අතර ඔවුන් රැප්, EDM, hip-hop ඇතුලු සියලු සංගීත රටාවන් අනුගමනය කරමින් සැබෑ රසයක් රසිකයින් වෙත ගෙන එන අතරේදී නාද්රෝ සංගීත කණ්ඩායම විසින් හිස් කොකා-කෝලා බෝතල් සහ කූඩ භාවිත කරමින් අලංකාර සංගීත රසයක් එක් කිරීමද විශේෂත්වයකි.
මීට අමතරව මෙම අවස්ථාවට ආකර්ෂණීය ක්‍රියාකාරකම් මෙන්ම විවිධ තරඟ සහ ඉවුම්-පිහුම් වැනි විනෝදජනක ක්‍රියාකාරකම් රැසක් ද ඇතුළත් විය. මෙම ක්‍රියාකාරකම් මගින් ජනතාවට කොකා-කෝලා සන්නාමගත වෙළඳ භාණ්ඩ දිනා ගැනීමට ද අවස්ථාවක් ලැබුණි. එමෙන්ම එදින රාත්‍රියට තවත් උද්යෝගයක් එක් කරමින් දිනුම් ඇදීමක් ද පැවැත්වූ අතර, එහිදී වාසනාවන්ත ජයග්‍රාහකයින් තිදෙනෙකුට සුවිශේෂී ත්‍යාග හිමි විය.
මෙම සැණකෙළියට සහභාගී වීම සඳහා ප්‍රවේශපත්‍ර ලෙස කෝක් බෝතලයක ලේබලයක් පෙන්වීම අවශ්‍ය වූ අතර එම ලේබල් ඉදිරිපත් කරමින් ඕනෑම අයෙකුට මෙයට ඇතුළත් වීමේ අවස්ථාව කොකා-කෝලා විසින් සලසා දී තිබිණි.
සංගීත රසාස්වාදය හා ආහාරපාන රස විඳින අතරතුර පරිසරය සුරැකීම වෙනුවෙන් වන සිය කැපවීම ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවද Coke Kottu Beat සාදයේ ‘නැවත ජීවයක් දෙමු’ (Give Back Life) ප්‍රදර්ශන කුටිය තුළින් සපුරා ගැනීමට ද කොකා-කෝලා ශ්‍රී ලංකා කටයුතු කරනු ලැබීය. ‘Give Back Life’ ප්‍රදර්ශන කුටිය PET ප්ලාස්ටික් එකතු කිරීමේ හා ප්රතිචක්රීයකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව Coke Kottu Beat සාදයට පැමිණෙන්නන්ව දැනුවත් කරන ප්‍රධාන අංගයක් වූ අතර PET ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය කළ හැකි බුරුසු, කොසු, නූල්, කමිස ඇතුළු බොහෝ නිෂ්පාදන පිළිබඳව ද පැමිණ සිටි පිරිස දැනුවත් කිරීම විශේෂත්වයකි. විශේෂයෙන් මීට සහභාගී වූ Gen-Z වයස් කාණඩයේ පසුවන්නන් විසින් මීට ඉමහත් ප්‍රතිචාර දැක්වූ අතර අවසානයේදී සැණකෙලිය පැවති ගාලු මුවදොර භූමිය පිරිසිදු කර භාර දීමටද ඔවුන් කටයුතු කරනු ලැබීය.
ගාලු මුවදොර හුරුපුරුදු පෙනුම වෙනස් කරමින් Midlane සංගීතයෙන් රස ගැන්වුණු Coke Kottu Beat සාදය රසයෙන් හා සංගීතයෙන් පිරුණු ලංකාවේ දැවැන්තම අත්දැකීමයි. කොත්තු රසය හා coke රසයේ මිහිර විදිමින් සංගීතයෙන් සතුට සපයන මෙවැනි අත්දැකීමක් වරක් ලැබූවෙක් දෙවරක් නොසිතා යලි යලිත් ඒ රසය ඉල්ලනු නොඅනුමානයි. ඒ නිසාම 2025 වසර පුරාම රටේ ප්‍රධාන නගර රැසක් coke මිහිරෙන් නහවන්න අපි සූදානම්.