ඩකා වෙත නව දෛනික ගුවන් සේවාව සමග, FitsAir ගුවන් සමාගම සිය කලාපීය සබඳතාවයන් ශක්තිමත් කර ගනී

Share

Share

Share

Share

• නවතම ගුවන් ගමන් කාල සටහන තුළින් ගුවන් මගීන්ට සුව පහසු සහ නම්‍යශීලී පියාසර අත්දැකීමක් භුක්ති විඳීමට අවස්ථාව!

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ගුවන් ගමන් සඳහා ශීඝ්‍රයෙන් වැඩිවන ඉල්ලුම සහ වෙළඳ සංචාරක සබඳතාවන්හි වර්ධනය සැලකිල්ලට ගනිමින්, 2025 අගෝස්තු 18 වන දින සිට කොළඹ – ඩකා ගුවන් ගමන් සේවාව දිනපතා ක්‍රියාත්මක කරන බව FitsAir ගුවන් සමාගම නිවේදනය කරයි.

මෙම උපායමාර්ගික ව්‍යාප්තිය ඔස්සේ ගුවන් මගීන් වැඩි පිරිසකට, සුවපහසු සහ දැරිය හැකි මිලකට සිය ගුවන් ගමන් සේවාව අත්විඳීමට අවස්ථාව සැලසෙනු ඇත. බංගලාදේශය දකුණු ආසියාවේ සීඝ්‍රයෙන්ම වර්ධනය වන ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම නිසා කොළඹ සහ ඩකා අතර ව්‍යාපාරික හා විවේකී සංචාර අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට FitsAir ගුවන් සමාගම සැලසුම් කර ඇත.

ඩකා වෙත දිනපතා පියාසර කිරීම ආරම්භ කිරීම හරහා අපගේ කලාපීය ජාලය තුළ ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් වෙ‍ත ගමන් කරන ගුවන් මගීන්ට වැඩි සුවපහසුවක් සහ ගුණාත්මක සේවාවක් ලබා දීමට හැකියාව ලැබෙන බව FitsAir ගුවන් සමාගමේ විධායක අධ්‍යක්ෂ Ammar Kassim මහතා පැවසීය. ‘‘ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) මෑත කාලීන දත්ත වාර්තාවන්ට අනුව, 2025 මාර්තු මාසයේ දී පමණක් බංග්ලාදේශ සංචාරකයින් 4,700 කට වැඩි පිරිසක් මෙරටට පැමිණ ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 260% ක වර්ධනයකි. ඒ අනුව මෙම කලාපය තුළ ඉහළ යමින් පවතින ගුවන් ගමන් ඉල්ලුම පෙන්නුම් කරන අතරම, දැරිය හැකි මිලකට අඛණ්ඩ ගුවන් සේවාවක් සැපයීම මඟින් එම අවශ්‍යතාවය සපුරාලීමට හැකි වීම සම්බන්ධයෙන් අපි ආඩම්බරයට පත් වන්නෙමු’’ යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව දකුණු ආසියාව සමඟ අභ්‍යන්තර සංචාරක ව්‍යාපාරය සහ වෙළඳාම සක්‍රීයව ප්‍රවර්ධනය කරමින් සිටින මොහොතක FitsAir ගුවන් සමාගමේ මෙම ව්‍යාප්තිය කැපී පෙනෙන කරුණකි. ඩකා නුවර යනු වෛද්‍ය සංචාරක ව්‍යාපාරය, උසස් අධ්‍යාපනය, සාප්පු සවාරි ආශ්‍රිත සංචාරයන් සඳහා වැදගත් වෙළඳපොළක් බැවින් එම කලාපය වෙත වැඩි වශයෙන් ගුවන් ගමන් සංචාරයන් ඇරඹීම ඔස්සේ දෙරටේම ආර්ථික හා සංචාරක ව්‍යාපාරයන් සඳහා ශක්තිමත් අඩිතාලමක් වනු ඇත.

මෙම උපායමාර්ගික පියවර හරහා දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන ගුවන් සේවයක් බවට පත්වීමේ FitsAir හි දිගුකාලීන දැක්ම පිළිබිඹු කෙරෙන අතර, වර්ධනය වන පාරිභෝගික ඉල්ලුම සපුරාලීමට සහ දේශ සීමා සංචාරයන් පුළුල් කිරීමට ද අවස්ථාව සැලසේ. මාලේ, ඩුබායි, ඩකා සහ ක්වාලාලම්පූර් වැනි ගමනාන්ත වෙත මගී සේවා සහ සියලුම මාර්ගවල ව්‍යාපාරික පන්ති සේවාව ද හඳුන්වා දීමත් සමගින්, නිවාඩු ගත කරන්නන් සහ ව්‍යාපාරික සංචාරකයින් යන දෙපිරිසටම වඩාත් සැප පහසු පියාසර අත්දැකීමක් ලබා දීමට FitsAir ගුවන් සමාගම අවධානය යොමු කර තිබේ. සිය ගුවන් ගමන් වාරයන් වැඩි කරමින්, නව ගමනාන්තයන් වෙත සිය සේවාව පුළුල් කිරීම ඔස්සේ විශ්වසනීයත්වය සහ පාරිභෝගික තෘප්තිය කැටිකොට ගත් සුව පහසු සේවාවක් ලබා දීමට FitsAir ගුවන් සමාගම අඛණ්ඩව කටයුතු කරනු ඇත.

වැඩිදුර තොරතුරු දැන ගැනීමට හෝ ඔබගේ ගුවන් ගමන් වෙන්කරවා ගැනීමට, http://www.fitsair.com වෙත පිවිසෙන්න.

FitsAir ගුවන් සමාගම පිළිබඳව

FitsAir ගුවන් සමාගම යනු, පහසු පිරිවැයක් සමගින් විශ්වාසදායක සහ කලාපීය ගුවන් ගමන් සේවා සපයන, පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ශ්‍රී ලාංකික ගුවන් සේවයකි. දකුණු ආසියාව සහ මැදපෙරදිග ප්‍රමුඛ ප්‍රධාන ගමනාන්තයන් වෙත සිය සේවාව සපයන මෙම ගුවන් සේවය, නියමිත කාල සීමාවන් තුළ කාර්ය සාධනයක් අනුගමනය කරමින් ව්‍යාපාරික සහ නිවාඩු සංචාරයකයින් හට සුව පහසු සේවාවක් ලබා දෙයි. ආර්ථික (Economy) සහ ව්‍යාපාර (Business) පන්ති සේවාවන් පිරිනමන FitsAir ගුවන් සමාගම, වර්ධනය වෙමින් පවතින වෙළඳ ගමනාන්තයන් සඳහා දැරිය හැකි මිලකට, ගුවන් මගීන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි විශිෂ්ට සේවාවක් ලබා දෙමින් සිටී.

2026 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය...
Prime සමූහය LMD වෙතින් මෙරට...
FACETS Sri Lanka 2027: ஒரு...
Shantha Bandara reappointed SLCPI President...
500 ட்ரோன்கள், முன்னணி கலைஞர்களின் இசை...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
உலகளாவிய சைபர் பாதுகாப்புப் தரவரிசையில் Sophos...