ආකර්ෂණීය වාසි රැසක් සමඟින්, සම්පත්කාඩ්ස් ‘Town on Sale’ මෙවර බණ්ඩාරවෙල නගරයට

Share

Share

Share

Share

සම්පත්කාඩ්ස් හි සිය ප්‍රමුඛතම ප්‍රවර්ධන වැඩසටහනක් වන ‘Town on Sale’ මෙවර බණ්ඩාරවෙල නගරය කේන්ද්‍ර කරගනිමින් එළැඹෙන ජූලි 26 සහ 27 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතය. බණ්ඩාරවෙල නගර මධ්‍යයේ පිහිටි Cargills චතුරස්‍ර පරිශ්‍රය මූලික කර ගනිමින් පැවැත්වෙන මෙම ප්‍රවර්ධන වැඩසටහනේ දී සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා සුවිශේෂී වූ වට්ටම් පිරිනමමින් අමතක නොවන සාප්පු සවාරි අත්දැකීමක් ලබා දෙනු ඇත.

මෙරට සංචාරක කර්මාන්තය තුළ ආකර්ෂණීය ගමනාන්තයන්ගෙන් සමන්විත බණ්ඩාරවෙල ප්‍රදේශයේ මෙවැනි ප්‍රවර්ධන වැඩසටහන් ව්‍යාප්ත කිරීම හරහා ඒ අවට ප්‍රදේශයේ වෙළඳ ප්‍රජාවට, සිය ව්‍යාපාර කටයුතු වර්ධනය කර ගැනීමට ද අනගි අවස්ථාවන් උදා වනු ඇත.

එබැවින් අවන්හල් හා භෝජනාගාර, ඇඳුම් විලාසිතා, ආහාර පාන, ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ අවශ්‍යතා සහ තවත් බොහෝ දේ ඇතුළත් භාණ්ඩ සහ සේවාවන් සඳහා ඇති සුවිශේෂී වට්ටම් භුක්ති විඳීමට එක්රොක් වන ලෙස සම්පත් බැංකුව බණ්ඩාරවෙල අවට ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට ඇරයුම් කර සිටී.

9 වැනි වතාවට පැවැත්වෙන සම්පත්කාඩ්ස් ‘Town on Sale’ මෙවර වැඩසටහනේ දී තෝරා ගත් වෙළඳසැල් හරහා භාණ්ඩ හා සේවාවන් සඳහා සිය කාඩ්පත් හිමියන්ට 25% ක් දක්වා සුවිශේෂී දීමනාවන් සහිත අගනා වට්ටම් හිමි කර දීමට සම්පත් බැංකුව සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව Cargills Food City, Fashion Bug, CIB Shopping Centre, Front Line, Upul’s International, Unlimit, Jenitas, Gayans Textile, Fashion Wear, Baby Joy, DSI, Damro, Seetha Holdings, Singer, Abans, Royal Cashew, Pizza Hut, KFC, Barista, Bandarawela Hotel Restaurant, Olive’s, Q Dine Pizzahub, Cargills Food City, Vision Care, Wickramarachchi Opticians and Hearing Care, Image Print & Bookshop, Dewmi Rosa Bookshop යනාදී ප්‍රධානපෙළේ වෙළඳසැල් රැසක් ඔස්සේ මෙම සුවිශේෂී වට්ටම් භුක්ති විඳීමට සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට අවස්ථාව සැලසෙනු ඇත.

මෙම ‘Town on Sale’ ප්‍රවර්ධන වැඩසටහන සම්බන්ධ‍යෙන් සම්පත් බැංකු කාඩ්පත් මධ්‍යස්ථාන ප්‍රධානී චිරාත් සමරසේකර මහතා පැවසුවේ මෙවන් අදහසකි. ‘‘ශ්‍රී ලංකාව පුරා ඇති ප්‍රධාන නගරවල් තුළ මෙම ප්‍රවර්ධන වැඩසටහන දියත් කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ අපගේ දේශීය වෙළඳුන් දිරි ගන්වමින්, සම්පත්කාඩ්පත් හිමියන්ට වාසිදායක සාප්පු සවාරි අත්දැකීමක් ළඟා කර දීමටයි.

බණ්ඩාරවෙල, බදුල්ල සහ ඒ අවට ප්‍රදේශවල පාරිභෝගිකයින් කාඩ්පත් ගනුදෙනු පිළිබඳ දැනුවත් කිරීම සහ ඒ ඔස්සේ ඒ අවට ප්‍රදේශයේ වෙළඳ ප්‍රජාවට නව ගනුදෙනු අවස්ථාවන් වැඩිදියුණු කර දීමට අප බලාපොරොත්තු වෙනවා. තවද ප්‍රධානපෙළේ වෙළඳසැල් රැසක් සක්‍රීයව සම්බන්ධ කර ගනිමින් දෙදිනක් පුරාවට පැවත්වෙන මෙම අවස්ථාවට පැමිණ 25% ක් දක්වා වූ සුවිශේෂී වට්ටම් හා දීමනාවන් භුක්ති විඳින්නැයි අපගේ සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ආරාධනා කර සිටිනවා’’

එමෙන්ම මෙම ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ කාලයක් පුරාවට සම්පත් බැංකුව සමග රැඳී සිටි කාඩ්පත් හිමියන් සඳහා තව තවත් දීමනා සහ වට්ටම් පිරිනැමීමට සම්පත් බැංකුව බලාපොරොත්තු වේ. ඔබ තවමත් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියෙකු නොවන්නේ නම්, අදම සම්පත් කාඩ්පත් හිමියෙකු බවට පත් වී මෙම සුවිශේෂී හා ආකර්ෂණීය දීමනාවන්ගෙන් සමන්විත සුපිරි සාප්පු සවාරියක අත්දැකීම විඳ ගැනීමට සූදානම් වන්න.

2026 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය...
Prime සමූහය LMD වෙතින් මෙරට...
FACETS Sri Lanka 2027: ஒரு...
Shantha Bandara reappointed SLCPI President...
500 ட்ரோன்கள், முன்னணி கலைஞர்களின் இசை...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
உலகளாவிய சைபர் பாதுகாப்புப் தரவரிசையில் Sophos...