සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සැබෑ විනෝදාස්වාදය වෙනුවෙන් AI තාක්ෂණය සහිත තිරයකින් සුසැදි Samsung Vision AI හඳුන්වාදෙයි

Share

Share

Share

Share

සැම්සුන් Neo QLED, OLED, QLED සහ Frame සමඟින් රූපවාහිනී නැරඹීමේ සැබෑ වෙනසක් ඇති කරයි

නව තිර තාක්ෂණය හා උපාය මාර්ගික හවුල්කාරීත්වයන් සමඟින් සැම්සුන් හෙට දවසේ තාක්ෂණික විශිෂ්ටත්වය ඉස්මතු කරයි
ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන සැම්සුන් පසුගියදා සිය නවතම Samsung Vision AI රූපවාහිනී නිෂ්පාදන පෙල හඳුන්වා දෙමින් රූපවාහිනී නැරඹුම් කලාවේ සුවිසල් පරිවර්තනයක් කිරීමට කටයුතු කරනු ලැබීය. ඒ සමඟ සිය Neo QLED 8K සහ එහි නව්‍යකරණ නිෂ්පාදනයන් සමඟින් හෙට දවසට අවැසි නවීන තිර තාක්ෂණය හඳුන්වා දෙමින් නරඹන්නාට අවශ්‍ය අයුරින් සකස්කර ගත හැකි අද්විතීය තාක්ෂණයෙන් යුත් තිරයක් සහිත Vision AI රූපවාහිනී පාරිභෝගිකයින් වෙත ලබා දීමට සැම්සුන් කටයුතු කර ඇත්තේ එදිනෙදා ජීවිතයට නැවුම් ආශ්වාදයක් එක් කරමිනි.

මෙම නවතම හඳුන්වා දීමත් සමඟ නිවසේ ඇති රූපවාහිනිය තවදුරටත් එක් තැනක තබා ගනිමින් එකම තැනක සිට නරඹන නිෂ්පාදනයක් යන්න වෙනසකට ලක් වෙමින් තමන් කැමති ලෙස හා තමන්ට ගැලපෙන ආකාරයෙන් සකස් කර ගනිමින් සැබෑ වින්දනීය අත්දැකීමක් ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව උදා වනු නිසැකය.

සුවපහසු දිවියකට ඔබ කැමති පරිදි වෙනස්කර ගත හැකි තාක්ෂණයෙන් යුත් තිරය
Samsung Vision AI රූපවාහිනිය යනු නව්‍ය තාක්ෂණයේ මහිමය නිවසේ ආලියන්දයට ගෙන එමින් සැබෑ සුවපහසු නැරඹුම් අත්දැකීමක් උරුම කර දෙන විශිෂ්ට නිපැයුමකි. එසේ වන්නේ ඔබේ නිවසට ආකර්ෂණයක් කරන මෙය නිවසේ පරිසරයට ගැලපෙන අයුරින් සකසා ගැනීමටත්. පරිශීලකයාගේ කැමැත්ත අනුව වෙනස් කර ගැනීමටත්, තමන්ටම තාක්ෂණික විශේෂාංගයන් ලබා ගැනීමටත් හැකි නිෂ්පාදනයක් වීමයි. රූපවාහිනිය නැරඹීමේ ආශාව හා කැමැත්ත ඉහළ නැංවීමට සමත් මෙම නවතම තාක්ෂණය පවුලේ සියලු දෙනා එක් කරන සුවිශේෂී නිෂ්පාදනයක් ලෙසද සඳහන් කළ හැකිය.

නවතම Samsung Vision AI රූපවාහිනියේ විශේෂත්වය වන්නේ නරඹන්නාට පහසු හා කැමති ආකාරයෙන් විශේෂාංග සකසා ගනිමින් නැරඹීමේ හැකියාවයි. එසේම ඔබට සුඛෝපභෝගී ජීවිතයක් උදා කර දෙමින් සැබෑ නිවසක අසිරිය ගෙන ඒමටද Samsung Vision AI සමත් වනු නිසැකය.

සුපැහැදිලි ශබ්ද රටාවන් සමඟින් වඩාත් පැහැදිලි උසස් තත්වයේ රූප රාමු දෙනෙත අභියසට ගෙන ඒමට සමත් Samsung Vision AI රූප රාමුවේ පරිසරයට අදාළ නාද රටාවන් සමඟින් සැබෑ නැරඹුම් අත්දැකීමක් පරිශීලකයාට ලබා දෙන්නේ AI තාක්ෂණයේ අරුමයද ඊට එක් කරමිනි.

AI සමඟ එක් වෙමින් නව්‍යකරණයෙන් ඉදිරියට
Microsoft වැනි විවිධ AI හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන සැම්සුන් සිය Vision AI රූපවාහිනිය සඳහා එම තාක්ෂණය යොදා ගනිමින් මෙතෙක් රූපවාහිනී නිෂ්පාදනයක නොතිබුණු අසමසම පහසුකම් හා විශේෂාංග රැසක් ගෙන ඒමට කටයුතු කර ඇත්තේ නවමු අත්දැකීමක් නරඹන්නන් වෙත ලබා දෙමිනි.

Microsoft සමඟ එක්වෙමින් Microsoft Copilot විශේෂාංගය ඇතුළත් නවතම ස්මාර්ට් රූපවාහිනී නිෂ්පාදනය හඳුන්වා දීමටද සැම්සුන් කටයුතු කරන ලදී. තවද සැම්සුන් පාරිභෝගිකයින්ට තමන්ට ගැලපෙන විශේෂාංගයන් සමඟින් පුලුල් පරාසයක විහිදුණු සේවාවන් පිළිබඳව තව දුරටත් සොයා බැලීමටද මෙම හවුල්කාරීත්වය තුලින් හැකි වේ.

එසේම රූපවාහිනී නිෂ්පාදනයක් තුළින් පුද්ගලයකුගේ මෙන්ම නිවසක ඇති කළ හැකි පරිවර්තනය මනාව පෙන්වා දෙන මෙම නවතම Samsung Vision AI එදිනෙදා පුද්ගලික වැඩකටයුතු සරල කරමින් සාමකාමී පරිසරයක් උදා කර දීමටද සමත් වනු ඇත.

Samsung Vision AI මේ AI යුගයේදී සැම්සුන් සිය නිෂ්පාදන පෙලට එක් කළ නවතම නිෂ්පාදනයයි
AI තාක්ෂණයෙන් සන්නද්ධ රූපවාහිනී තිරයන්ගෙන් යුත් නිෂ්පාදන යුගයක් ලොවට හඳුන්වා දෙමින් නවතම අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇති සැම්සුන් හි මෙම නවතම Samsung Vision AI විශේෂාංගය භැද Neo QLED, OLED සහ QLED රූපවාහිනී නිෂ්පාදන මාදිලි තුලින්ද අත් විඳිය හැකිය. මෙම නව්‍යකරණ තාක්ෂණය සිය රූපවාහිනී නිෂ්පාදන අතරට හඳුන්වා දීම තුලින් සිය පාරිභෝගිකයින්ාග් අත්දැකීම් හළ නැංවීමට මෙන්ම ස්මාර්ට් ජීවිතයක උරුමය ඔවුන් වෙත ලබා දීමට සැම්සුන්හි කැපවීම මනාව අවධාරණය කරයි.

මෙම සුවිශේෂී නිෂ්පාදනයන් අතර ප්‍රමුඛතම නිෂ්පාදනය වන්නේ Neo QLED 8K ය. අසමසම කාර්යක්ෂමතාවයකින්, මනා නිමාවකින් මෙන්ම AI තාක්ෂණයෙන් සුසැදි Neo QLED 8K සැම්සුන්හි වඩා උසස්ම රූපවාහිනියද වේ. නවතම NQ8 AI Gen3 ප්‍රොසෙසරයකින් බල ගැන්වෙන එය සුපැහැදිලි හා ගුණාත්මක රූප රාමු, සුපැහැදිලි ශබ්ද රටා සමඟින් අසමසම නැරඹුම් අත්දැකීමක් ලබා දීමට නිතැතින්ම සමත් වේ.

රූපවාහිනී තාක්ෂණයේ අනාගතය
නිරන්තරයෙන් නව්‍යකරණ රූපවාහිනී අත්දැකීමක් සඳහා වන නවතම තාක්ෂණය භාවිත කිරීමේ ප්‍රමුඛයා වන සැම්සුන් තාක්ෂණික දියුණු අභිබවා යමින් පාරිභෝගිකයින්ගේ එදිනෙදා ජීවන රටාව අරුත් ගැන්වීමට කටයුතු කර ඇත්තේ අමතක නොවන අත්දැකීමක් ජීවිතයට එක් කර දෙමිනි.

මිලදී ගත හැකි ස්ථාන
2025 වසර සඳහා සැම්සුන් විසින් හඳුන්වා දෙනු ලැබූ මෙම නවතම නිෂ්පාදන පෙළ සිංගර්, සිංහගිරි. දම්රෝ සහ සොෆ්ට්ලොජික් වෙතින් ලබා ගත හැකි අතර QLED රූපවාහිනියක් රු. 374,999 ක් වේ.

தேசிய பொருளாதார மீட்புக்காக ஃபாம் ஒயில்...
நற்காரியங்களின் 23வது RO நிலையத்திற்கான சன்ஷைன்...
Huawei Named Sole Leader in...
Sri Lanka’s Business Leaders Convene...
වෙළෙඳ සේවා වොලිබෝල් තරඟාවලියේදී MAS...
IASL, රක්ෂණයේ නව්‍ය හෙට දවසකට...
Cinnamon Life at City of...
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සැබෑ විනෝදාස්වාදය වෙනුවෙන්...
IASL, රක්ෂණයේ නව්‍ය හෙට දවසකට...
Cinnamon Life at City of...
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සැබෑ විනෝදාස්වාදය වෙනුවෙන්...
2025 ගෘහ පාලන සතිය සමඟින්...