ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) ක්ෂේත්‍රයේ පද්ධතිමය වෙනසක් දිරිමත් කිරීම සඳහා “Women Mean Business” (WmB) සන්ධානය නැවත වරක් රැස්වෙයි

Share

Share

Share

Share

කො-ඉම්පැක්ට් ජෙන්ඩර් ෆන්ඩ් හි සහාය ඇතිව ක්‍රිසලිස් විසින් කැඳවනු ලැබූ “Women Mean Business” සන්ධානය, ඔක්තෝබර් 29 වන දින සිය 5 වන සන්ධාන රැස්වීම පවත්වන ලදී. විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කාන්තාවන්ගේ නායකත්වයෙන් යුත් ව්‍යාපාර, රජයේ ආයතන, එක්සත් ජාතීන්ගේ සංවිධානය, මූල්‍ය සංවිධාන, පෞද්ගලික අංශයේ ආයතන සහ සිවිල් සමාජය නියෝජනය කරමින් 80කට අධික නියෝජිතයින් පිරිසක් එයට සහභාගී විය. මෙම රැස්වීමේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) අංශය තුළ කෙරෙන ප්‍රතිසංස්කරණ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පරිවර්තනීය වෙනසක් කරා වේගවත් කිරීමයි.

කාන්තා ව්‍යවසායන් සඳහා ප්‍රතිපත්ති සහ නියාමන ප්‍රතිසංස්කරණ, මූල්‍ය හා වෙළඳපොළ ප්‍රවේශය, දේශගුණ විපර්යාස මුල්‍යකරණය, ව්‍යවසායක සංස්කෘතිය සහ සමාජ සම්මත වෙනස්කිරීම සහ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (GBV) අවම කිරීම යන තේමාත්මක ක්ෂේත්‍ර හයක් යටතේ ව්‍යාපාර පරිසරයේ පද්ධතිමය වෙනසක් ඇති කිරීම සඳහා විවිධ හවුල්කරුවන් සම්බන්ධ කරමින් සහයෝගීතාවය සහ උපදේශනය සඳහා වේදිකාවක් ලෙස මෙම සන්ධානය දිගටම සේවය කරයි.

එම රැස්වීම අමතමින් ක්‍රිසලිස් හි ප්‍රධාන විධායක නිලධාරී, අශිකා ගුණසේන (Ashika Gunasena) මහත්මිය; කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර කුඩා හා මධ්ය පරිමාණ ව්‍යාපාර රටේ ආර්ථික වර්ධනය සඳහා වැදගත් බලවේගයක් බවත්. “Women Mean Business” සන්ධානය හරහා, ප්‍රතිපත්ති සම්පාදකයින්, මූල්‍ය ආයතන සහ කාන්තා ව්‍යවසායකයින් එක් කරමින්, කාන්තාවන්ගේ ආර්ථික අභියෝග අවබෝධ කර ගනිමින් ඒ සඳහා ප්‍රතිචාර දක්වන ක්‍රමවේදයක් ගොඩනගමින් සිටින බව අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත, අසුසා කුබෝටා (Azusa Kubota) මහත්මිය, කාන්තාවන් නායකත්වය දෙන ව්‍යවසාය දිරිමත් කිරීම සඳහා සිය කැපවීම නැවත තහවුරු කළාය: “ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ පොදු වර්ධනයට සහ පද්ධතිමය වෙනසකට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන කැපවී සිටී. ක්‍රිසලිස් සමඟ සහයෝගීතාවයෙන්, අපි ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී ප්‍රතිපත්ති සහ අයවැය වැඩිදියුණු කිරීමට මෙන්ම, කාන්තාවන්ගේ නායකත්වයෙන් යුත් ව්‍යාපාරවලට මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා පහසුකාරී පරිසරයක් නිර්මාණය කිරීමට සාක්ෂි මත පදනම් වූ විශ්ලේෂණයන් භාවිතා කරන්නෙමු. තිරසාර හා සාධාරණ සංවර්ධනයක් සඳහා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පරිවර්තනයේ කේන්ද්‍රස්ථානයට කාන්තාවන් පත් කිරීමට සමූහ ක්‍රියාකාරිත්වයේ බලය Women Mean Business” (WmB) සන්ධානය පෙන්නුම් කරයි.”

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පද්ධතිය පුරා ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය සහ තිරසාරභාවය ශක්තිමත් කිරීම සඳහා ඒකාබද්ධ පෙනී සිටීම, දැනුම බෙදාගැනීම සහ සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග කෙරෙහි නව කැපවීම් සමඟින් රැස්වීම අවසන් විය.

ව්‍යාපාර පරිසර පද්ධති කාන්තාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන විට, ආර්ථිකය සංවර්ධනය හා වර්ධනය අත්පත් කරගනී.

Shantha Bandara reappointed SLCPI President...
500 ட்ரோன்கள், முன்னணி கலைஞர்களின் இசை...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
உலகளாவிய சைபர் பாதுகாப்புப் தரவரிசையில் Sophos...
போட்டித்தன்மை வாய்ந்த செலவு காரணி கார்பன்...
TikTok 2026 පළමු කාර්තුවේ ප්‍රජා...
உலகளாவிய சைபர் பாதுகாப்புப் தரவரிசையில் Sophos...
போட்டித்தன்மை வாய்ந்த செலவு காரணி கார்பன்...
TikTok 2026 පළමු කාර්තුවේ ප්‍රජා...
ITC Ratnadipa Secures Coveted ‘Sustainable...