City of Dreams – NÜWA ප්‍රථම නත්තල් සැමරුම සමඟින් රසවත් අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දෙයි

Share

Share

Share

Share

සියලු පහසුකම්වලින් පරිපූර්ණ කොළඹ නගරයේ සුවිශේෂී සංචාරක සන්ධිස්ථානය වන City of Dreams Sri Lanka හි සුඛෝපභෝගී සංචාරක නවාතැන NÜWA සිය පළමු නත්තල් උත්සවය සැමරීමට සූදානමින් සිටියි. එළඹෙන දෙසැම්බර්යේදී ශ්‍රී ලංකාව පුරා සිදුකරන නත්තල් සැමරුම්වලට සමගාමීව කොළඹ නගරයට මෙන්ම NÜWA වෙත පැමිණෙන සියලු දෙනාට අමුතුම අත්දැකීමක් උදා කර දීමට මේ තුලින් බලාපොරොත්තු වෙයි.

නත්තල් සැමරුම වෙනුවෙන් වූ සැරසිලි හා අලංකාරයන් සමඟින් ප්‍රණීත ආහාර පාන රස විඳීමේ අවස්ථාව උදා කර දෙන NÜWA තමන් වෙත පැමිණෙන සියලු අමුත්තන් හට කොළඹ නගරයේ අන් කිසිඳු ස්ථානයකදී දැකිය නොහැකි සුන්දරත්වයක් අත් විඳීමට හැකියාව උදා කර දෙනු ඇත.
මේ යටතේ ඉතා අලංකාරවත් සැරසිලි රැසකින් සිය හෝටල් භූමිය මෙන්ම අහස උසට එසවුණු අවකාශයන් අලංකාරවත් කිරීමට කටයුතු කර ඇති NÜWA

පාරිභෝගික පහසුව වෙනුවෙන් උත්සව සැමරුමට වඩාත් ගැලපෙන සුවිශේෂී සේවාවන් රැසක් සපයා දීමට සූදානමින් සිටියි. එහිදී පාරිභෝගිකයින් වෙනුවෙන් විශේෂ ප්‍රතිලාභ ලබා දීම NÜWA හි අපේක්ෂාවයි.

උත්සව සැමරුම සමඟින් තේමාවන් 4කින් සැදුම්ලත් Crystal Lounge හි උදැසන ආහාර වේල රස විඳීමට මෙහිදී හැකියාව උදා වන අතර පවුලේ සියලු දෙනා හෝ හිත මිතුරන් සමඟ එක්ව සතුට බෙදා හදා ගැනීමට එය හොඳම අවස්ථාවක් වනු ඇත.

එපමණක් නොව එළඹෙන දෙසැම්බර් මාසය පුරාම NÜWA වෙත පැමිණෙන සියලු දෙනාට උත්සව සමය වෙනුවෙන්ම නිර්මාණය කරන ලද අවස්ථා රැසක් සමඟින් එක්වීමේ හැකියාවද හිමි වේ. ඒ අනුව Mini Exclusive Festive Luncheons සහ විවිධ රසයෙන් යුත් ආහාර පාන රස විඳීමේ හැකියාව ලබා දෙන Grand Pâtisserie Affair සඳහා එක් වීමේ හැකියාව පාරිභෝගිකයින් සතු වේ. තවද සති අන්තයේදී පවත්වනු ලබන Sunset Sips & Seasonal Delights – afternoon tea platter සමඟින් ඈත පෙනෙන ඉන්දියන් සාගරය සහ අලංකාර දර්ශයන් රස විඳීමටද මෙම උත්සව සමය කදිම අවස්ථාවක් නිර්මාණය කර දීමට NÜWA කටයුතු කර ඇත්තේ ආදරණීය මතකයක් හදවතට එක් කරමිනි.

තවද මෙම උත්සව සමයේදී NÜWA හිදී Christmas Eve රාත්‍රී භෝජන සංග්‍රහයක්, නත්තල් දිවා ආහාරය මෙන්ම Goodbye 2025 Gala Dinner සහ 2026 වන වසර පිළිගනිමින් ජනවාරි 1 වන දින විශේෂ උදැසන සංග්‍රහය යනාදී සුවිශේෂී අවස්ථාවන් රැසක් සමඟින් නත්තලේත්, උදා වන නව වසරේදී සතුට භුක්ති විඳීමට ද සියලු අමුත්තන්ට අවස්ථාව උදා වනු ඇත. ඒ අනුව NÜWA හි පළමු නත්තල් සැමරුම සියලු අමුත්තන්ට කදිම අත්දැකීමක් වනු නිසැකය.

එවන් සුවිශේෂී නත්තල් සැමරුම සමඟින් සිය නෑ හිත මිතුරන් සමඟ උත්සව සමයේ සතුට බෙදා හදා ගැනීමට එක් වන ලෙස දෙස් විදෙස් සංචාරකයින් හා අමුත්තන් වෙත NÜWA ආරාධනා කර සිටියි.

NÜWA හි කාමර වෙන් කර ගැනීම සඳහා +94 76 136 5764 අමතන්න. භෝජන සංග්‍රහ අවස්ථාවන් වෙන් කර ගැනීමට +94 76 136 5759 අමතන්න. නැත්නම් www.cityofdreamssrilanka.com වෙත පිවිසෙන්න.

Tesla Model Y කාර් රථයට...
புதிய வாகன மாடல்களுக்கான விரிவான லீசிங்...
MIFL நிறுவனம் 2025-26 நிதியாண்டில் 818...
Prime Group இன் பணிப்பாளர்/பிரதம நிறைவேற்று...
ஜனசக்தி லைஃப், 2026 வருடாந்த விற்பனை...
ஜனசக்தி பைனான்ஸ் AFBU, இலங்கையில் நெறிமுறையான...
Janashakthi Life කණ්ඩායමේ මානව දයාව...
MullenLowe’s Sampath Karunaratne Awarded Next...
ஜனசக்தி பைனான்ஸ் AFBU, இலங்கையில் நெறிமுறையான...
Janashakthi Life කණ්ඩායමේ මානව දයාව...
MullenLowe’s Sampath Karunaratne Awarded Next...
JAAF reaffirms confidence in long-term...