ශ්‍රී ලංකාවේ ගංවතුර තර්ජනයන් සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහි මාර්ගෝපදේශ හඳුන්වාදීමට TikTok කටයුතු කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාව මුහුණ දුන් දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලාංකේය පරිශීකයින් හට නිවැරදි හා යාවත්කාලීන තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව උදාකර දීම වෙනුවෙන් TikTok නව මාර්ගෝපදේශන ක්‍රමවේදයක් සකස් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ආරක්ෂාව, සත්‍ය හා දැනුවත්භාවය ඉහළ නැංවීම වෙනුවෙන් TikTok හි අඛණ්ඩ ප්‍රයත්නයේ වැදගත් පියවරක් ලෙස ස්වභාවික විපත් සම්බන්ධ වැරදි තොරතුරුවලට එරෙහි මාර්ගෝපදේශය හේතුවෙන් නිවැරදි තොරතුරු සැපයීමට පරිශීලකයින් නිරන්තරයෙන් කටයුතු කරනු ඇත.

ගංවතුර හේතුවෙන් ඇති වූ තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කිරීම් සොයන මෙරට පරිශීලකයින් හට මේ තුලින් විශ්වාසදායක මූලාශ්‍ර හරහා නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රධාන බැනරයක් දැකගත හැකි වේ. මෙම මාර්ගෝපදේශ ඍජුවම ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ කරන අතර මෙරට පරිශීලකයින්ට ස්වභාවික විපත් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීමට හැකි වේ. එමෙන්ම පීඩාවට පත් පුද්ගලයින් සහයෝගය ලබා දෙන කටයුතුවලටද මෙම මාර්ගෝපදේශ සම්බන්ධ වේ.

ස්වභාවික ආපදාවන්හි සිට පුද්ගලික අලාභය දක්වා හානිදායක සිදුවීමක් පිළිබඳව මෙම මාර්ගෝපදේශයේ නිර්වචනය කර ඇති අතර ඒ තුලින් මානසින සෞඛ්‍ය සහාය ලබා ගැනීම හා සිදුවීම්වලට අදාල අන්තර්ගතයන් බෙදාගැනීම හෝ වාර්තා කිරීම පිළිබඳවද පරිශීකයින්ට තොරතුරු සැපයීම සිදු කරනු ලබයි.
මෙම නවතම මාර්ගෝපදේශ සම්බන්දයෙන් අදහස් දැක්වූ TikTok හි දකුණු ආසියානු රාජ්‍ය ප්‍රතිපත්ති හා රාජ්‍ය සබඳතා ප්‍රධානී මහතා සඳහන් කර සිටියේ ‘’මිනිසුන්ට වඩා නිවැරදි හා විශ්වාසදායී තොරතුරු සොයා ගැනීමට උපපකාර කිරීම මෙම මාර්ගෝපදේශයේ අරමුණ වී තිබෙනවා. නිවැරදි තොරතුරු මීට එක් කිරීම තුලින් නිවැරදි මඟ පෙන්වීමක්, මානසික සහයෝගය සඳහා හේතුවන මෙවලම් හා ආරක්ෂක තොරතුරු ඉක්මණින් සපයා ගැනීමේ හැකියාව උදා වනවා. මේ තුලින් වගකිව යුතු තොරතුරු බෙදා ගැනීම දිරිමත් කිරීමට හා අර්බුදයකදී පරිශීලකයින්ට සහයෝගය ලබා දීමට හැකියාව උදා වනවා.’’ යනුවෙනි.

TikTok හි විශ්වසනීය තොරතුරු ඉහළ නැංවීම සහ එහි ප්‍රජාව සඳහා ආරක්ෂිත ඩිජිටල් පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් නිර්මාණය කර ඇති මෙම හඳුන්වා දීම හේතුවෙන් සියලු පරිශීලකයින් හට විශ්වාසදායී තොරතුරු පහසුවෙන් ලබා ගැනීමටත් ආපදා තත්වයන් පිළිබඳ නිවැරදි තොරතුරු දැන ගැනීමටත් හැකියාව උදා වේ. ඒ තුලින් එම අවස්ථාවන් කළමනාක රණය කර ගනිමින් වගකීමෙන් යුතුව කටයුතු කිරීමටද ඔවුන්ට හැකි වේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට www.tiktok.com/safety හරහා TikTok හි ආරක්ෂණ මධ්‍යස්ථානය වෙත පිවිසෙන්න.

IASL launches revamped website to...
YOLO by Prime Lands நிர்மாணமானது...
Power World සහ Kings Hospital...
Atlas Makes Learning the Perfect...
මහනුවර සහ කුරුණෑගල නව ශාඛා...
සැම්සුන් හි Hospitality TV නිෂ්පාදන...
Texo සහ Noyon පහසුකම් එක්කර...
HNB 16 වැනි වරටත් ශ්‍රී...
සැම්සුන් හි Hospitality TV නිෂ්පාදන...
Texo සහ Noyon පහසුකම් එක්කර...
HNB 16 වැනි වරටත් ශ්‍රී...
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන්...