භාතිය සහ සන්තුෂ්, Soho Hospitality සමඟ එක්ව Charcoal Tandoor Fire Grill කොළඹදී විවෘත කරයි

Share

Share

Share

Share

බැංකොක්හි අතිශය ජනප්‍රිය live-fire ආහාර පිසීමේ කලාව කොළඹ රසවත් කරයි

බැංකොක්හි අතිශය ජනප්‍රිය ආහාර සංකල්පයක් වන Charcoal Tandoor Fire Grill අවන්හල තවත් දින කිහිපයකින් කොළඹදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. තායිලන්තයේ Soho Hospitality සමඟ එක්ව ආරම්භ කරනු ලබන මෙහි සම අයිතිකරුවන් ලෙස ජනප්‍රිය ගායන ශිල්පීන් යුගලක් වන භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන් සහ මෙවන් ගුණතිලක යන මහත්වරුන් කටයුතු කරයි.

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටා ඇති Capitol TwinPeaks හි 50 වැනි මහලේ දී විවෘත වන මෙම අවන්හල කොළඹ නගරයේ විශිෂ්ට ආහාර සංස්කෘතියක නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇත්තේ අසමසම අත්දැකීමක් පාරිභෝගිකයින් වෙත තිළිණ කරමිනි. අඩි 600ක් උසින් පිහිටා ඇති මෙරට උසම අහස් පාලම සමඟින් Charcoal Tandoor Fire Grill වෙතින් මෙතෙක් අත්නොවිඳි රසවත් අත්දැකීමක් හිමි කර ගැනීමේ අවස්ථාව මේ සමඟ ශ්‍රී ලාංකිකයින්ට නුදුරේදීම උදා වනු ඇත.

දශක 3ක කාලයක් පුරා ශ්‍රී ලාංකේය සංගීතය හා නිර්මාණශීලීත්වය ලොව පුරා ගෙන යාමට කැපවූ භාතිය සහ සන්තුෂ් කලාව තුලින් ජාත්‍යන්තරයේ ලද අත්දැකීම් රසවත් ආහාරමය සංකල්පයක් ලෙස ශ්‍රී ලාංකිකයින් වෙත හඳුන්වා දෙන්නේ රට වෙනුවෙන් වූ සුවිසල් ආයෝජනයක්ද සමඟිනි. ජාත්‍යන්තර දියුණුව සහ අභිලාෂයන් දේශීය වෙළෙඳපොල තුළ ක්‍රියාත්මක කිරීමට මෙම Charcoal අවන්හල හරහා ඔවුන් උත්සාහ කරයි.

සන්තුෂ් වීරමන් මෙහිදී සඳහන් කර සිටියේ “ ශ්‍රී ලාංකේය සංගීතය ජාත්‍යන්තර තත්වයේ නිර්මාණයක් බවට පත් කිරීමට වසර 30ක් තිස්සේ අපි උත්සාහ කළා. ආගන්තුක සත්කාරය කියන්නේ සංගීතය වගේම විනෝදාස්වාදයේ තවත් අංශයක්. අපේ සංස්කෘතිය ලෝකය ගෙන ගිය අපි දැන් ලෝකයේ සංස්කෘතිය ලංකාවට ගේන්න කටයුතු කරනවා. Charcoal අවන්හල ශ්‍රී ලංකාවේදී විවෘත වන්නේ ඒ අනුවයි. ” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ භාතිය ජයකොඩි “මෙය පොදු අරමුණක් මත නිර්මාණය වූ හවුල්කාරීත්වයක්. අපි සංගීතයේ සෑම දෙයක් වෙනුවෙන්ම සිදු කරන කැපවීම රෝහිත් සහ Charcoal වෙත අපගේ අවධානය යොමු වීමට හේතුවක් වුණා. සෑම කුඩා දෙයක්ම ඉතා නිවැරදිව සිදු කිරීමේ උනන්දුව ඊට විශේෂ හේතුවක් වුණා. මේ ආකාරයේ ජාත්‍යන්තර අත්දැකීමක් තමන්ගේ රටේදීම විඳගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට තිබිය යුතුයි. එය යථාර්තයක් බවට පත් කිරීමට හැකි වීම පිළිබඳව අපි ඉතා සතුටට පත් වෙනවා.” යනුවෙන් පැවසීය.

2014 වසරේ බැංකොක්හිදී ආරම්භ වූ Charcoal අවන්හල උතුරු ඉන්දීය තන්දුරි (Tandoor) සම්ප්‍රදායන්, මුග්ලායි (Mughlai) ආහාර වට්ටෝරු නවීන ආහාර සම්ප්‍රදායන් සමඟ පාරිභෝගිකයින් වෙත ගෙන ඒමට කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් අතර බෙහෙවින් ප්‍රසිද්ධියට පත්ව ඇත. මෙහි ආහාර සංස්කෘතිය තුල දක්නට ඇති ඔවුන්ටම අනන්‍ය වූ live fire cooking, slow techniques මෙන්ම සුවිශේෂී කුලුබඩු භාවිතය හේතුවෙන් පාරිභෝගිකයින්ට නවමු ආහාරමය අත්දැකීමක් ලබා ගැනීමට ද හැකිව තිබේ.

තායිලන්තයේ මෙතෙක් ලද අත්දැකීම දැන් කොළඹ යුනියන් පෙදෙසේ අඩි 600කට ඉහළ ස්ථානයකදී විඳගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට උදා වී තිබේ. Sanken Group හි නියෝජ්‍ය සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මෙවන් ගුණතිලක මහතා මෙහිදී පෙන්වා දෙන්නේ මෙතෙක් කොළඹ නගරයේ මේ ආකාරයේ සියලු පහසුකම් සපිරි අවන්හලක් පැවතියේ සුපිරි හෝටල් තුළ පමණක් බවයි. එවන් හෝටලයකින් බැහැරව පවතින ජාත්‍යන්තර තත්වයේ අවන්හලක් ලෙස Charcoal ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත අසමසම අත්දැකීමක් ලබා දෙනු ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

Soho Hospitality හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Rohit Sachdev මහතා පවසා සිටියේ භාතිය සහ සන්තුෂ් සමඟ ඇති කරගනු ලැබූ මෙම හවුල්කාරීත්වය තව තවත් අරුත් ගන්වන ගැන්වීමට මෙම අවන්හල විවෘත කිරීම තුලින් ඇති වුණා. ඉහළම ඇගයීමට ලක් වූ අපගේ අවන්හල් සන්නාමය වන Charcoal සෑම පාරිභෝගිකයකුම ඉතා ආදරයෙන් වැළඳගෙන තිබෙනවා. එවන් අත්දැකීමක් සහ විශිෂ්ටත්වයක් හෙට දවසේදී කොළඹට රැගෙන ඒමට අපි කටයුතු කරනවා.” යනුවෙන් මෙහිදී පැවසීය.

ශ්‍රී ලාංකේය ජනතාව භාතිය සහ සන්තුෂ්ට ආදරය කරන තරමට Charcoal සන්නාමය සමඟද එක් වනු ඇති බව පෙන්වා දෙන Rohit Sachdev මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේ භාතිය සන්තුෂ් කලාව තුලින් ජනතාව රස ගැන්වූ ආකාරයෙන්ම මෙම අවන්හල තුලින්ද ඔවුන්ව පිනවීමට කටයුතු කරනු ඇති බවයි.

Charcoal සන්නාමය පිළිබඳ ලෝකයේම අවධානය යොමු වී ඇති මොහොතක කොළඹට පැමිණෙන නවතම අවන්හල පිළිබඳව Condé Nast Traveller India සඟරාව සඳහන් තිබුණේ මැද පෙර දිගින් ශ්‍රී ලංකාව සොයා ගිය රසවත් සංචාරයක් ලෙසයි. Wallpaper* සහ The Boston Globe වැනි ප්‍රධාන පුවත්පත්වලද ඇගයීමට ලක්ව ඇති Charcoal තායිලන්තයේ Asia Pacific Property Award සම්මානයද හිමිකර ගැනීමට සමත් විය.

HNB, නවතම වාහන මාදිලි රැසක්...
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ...
භාතිය සහ සන්තුෂ්, Soho Hospitality...
இலங்கையின் டிஜிட்டல் எதிர்காலத்தை வலுப்படுத்த புதிய...
SLIM-Kantar மக்கள் விருதுகள் 2026: “இளைஞர்களின்...
Texo மற்றும் Noyon வசதிகளை இணைத்துக்கொண்டு...
TAGS Awards 2025 நிகழ்வில் HNB...
සිය ගනුදෙනුකරුවන්ගේ බැංකුකරණ අත්දැකීම වැඩිදියුණු...
Texo மற்றும் Noyon வசதிகளை இணைத்துக்கொண்டு...
TAGS Awards 2025 நிகழ்வில் HNB...
සිය ගනුදෙනුකරුවන්ගේ බැංකුකරණ අත්දැකීම වැඩිදියුණු...
ITC Ratnadipa Presents an Easter...