HNB FINANCE 2026 ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ මූල්‍ය සේවා සපයන්නෙකු වන HNB FINANCE සිය ශ්‍රම බලකාය තුළ කාන්තාවන් දක්වන සුවිශාල දායකත්වය අගයමින් සහ ඔවුන් සවිබල ගන්වමින් 2026 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීය. මෙම සැමරුම හරහා සිය කාන්තා කාර්ය මණ්ඩලය තවදුරටත් දිරිමත් කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කළ වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.

මෙම උත්සවය නාවල පිහිටි HNB Finance ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු අතර ඒ සඳහා දීප ව්‍යාප්ත HNB Finance ශාඛා ජාලයේ සේවය කරන කාන්තා සාමාජිකයින් සහභාගී විය. HNB Finance හි විවිධ තනතුරු දරන කාන්තා සාමාජිකයින් මේ සඳහා එක්ව සිටි අතර ප්‍රධාන කාර්යාලය අවට ශාඛාවල කාන්තා සාමාජිකයින් පෞද්ගලිකවම මීට සම්බන්ධ විය. අනෙකුත් ශාඛාවල සේවක මණ්ඩලය සජීවී විකාශනයක් ඔස්සේ මෙම අවස්ථාවට එක් විය. එමගින් සෑම කාන්තා සාමාජිකයෙකුටම ඔවුන් කොතැනක සිටියත් මෙම අවස්ථාවට සහභාගී විය හැකි බව සහතික කළේය.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරධිත අමුත්තිය ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝචිකිත්සක අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, මහාචාර්ය පියංජලී ද සොයිසා මහත්මිය සහභාගී වූවාය. මීට අමතරව HNB Finance කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව ද මෙම අවස්ථාවට එක්විය. තවද, HNB Finance කාන්තා සාමාජිකයින් 200කට ආසන්න පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වීම විශේෂයෙන් කැපී පෙණිනි.

මෙහිදී මහාචාර්ය පියංජලී ද සොයිසා මහත්මිය විසින් මානසික සෞඛ්‍යය පිළිබඳව ‘The Resilient Mind’ යන තේමාව යටතේ වටිනා දේශනයක් පවත්වන ලදී. ශක්තිමත් මනසක් ගොඩනගා ගැනීමට බාධාවක් වන මානසික අභියෝග හඳුනා ගැනීම, ඒවා පිළිගැනීම සහ ඒවාට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව ඇය මෙම සැසියට සහභාගී වූවන් දැනුවත් කළාය. එමෙන්ම, ජීවිතයේ අසීරු අවස්ථාවලදී නොසැලී සිටීමටත්, එමඟින් කාන්තාවන්ට පෞද්ගලික හා වෘත්තීය ජීවිතයේ වැඩි අවස්ථාවන් නිර්මාණය කිරීමට උපකාර කරන ශක්තිය ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳව ද වැදගත් අදහස් මෙම සැසියෙදී බෙදාහදා ගන්නා ලදී.

මෙම වැඩසටහනේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් HNB Finance කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා පැවසුවේ ‘’කාන්තාවන් යනු නිරන්තරයෙන් වෙනස් වන ලෝකයට විවිධ කුසලතා රැසක් දායක කරන සමාජයේ අත්‍යවශ්‍ය කොටසකි. ඔවුන් සතු සුවිශේෂී හැකියාවන්, නව්‍ය අදහස් සහ බුද්ධිය රැකියා ස්ථානයට රැගෙන එමින් එම ශක්තීන් කැපවීමෙන් වැඩකටයුතු කිරීමට යොදා ගන්නවා. නිවසේදී මෙන්ම රැකියා ස්ථානයේදී ද ඔවුන් විවිධ වගකීම් සාර්ථකව ඉටු කරන බැවින්, රටේ යහපත් අනාගතයක් වෙනුවෙන් කාන්තාවන් විශාල මෙහෙවරක් ඉටු කරනවා.’’ යනුවෙනි.

‘’HNB Finance ලෙස අප, අපගේ විවිධ මූල්‍ය වැඩසටහන් හරහා කාන්තාවන්ට ශක්තියක් වීමට නිරන්තරයෙන් කටයුතු කරනවා. වැඩි වැඩියෙන් කාන්තාවන් ශ්‍රම බලකායට එක්වන විට, ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය සෑම අතින්ම නංවාලීම වගකීම් සහගත මූල්‍ය සහකරුවෙකු ලෙස අපගේ යුතුකමක්. අපගේ කාන්තා සාමාජිකයින් මෙන්ම අපගේ ගනුදෙනුකාරිනියන් ද අපගේ සමාගමට වැදගත් වන අතර ඔවුන් අපගේ වර්ධනයට සහ ප්‍රගතියට වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන වටිනා පාර්ශවකරුවන් ලෙස අපි සලකනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

CINEC Among Largest Providers of...
இலங்கையின் காப்புறுதித் துறைக்கு மிகச் சிறப்பாகச்...
HNB FINANCE 2026 ජාත්‍යන්තර කාන්තා...
Sri Lanka’s First 100% Renewable...
ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමේ YOLO...
JKCG Auto BYD සහ DENZA...
99x Wins Five Awards at...
ஜனசக்தி பைனான்ஸ் ‘இலங்கையின் முச்சக்கர வண்டி...
JKCG Auto BYD සහ DENZA...
99x Wins Five Awards at...
ஜனசக்தி பைனான்ஸ் ‘இலங்கையின் முச்சக்கர வண்டி...
Huawei IP Summit 2026 highlights...