Alumex නව්‍ය අපනයන උපායමාර්ග සමඟ සිය ගෝලීය පැවැත්ම තහවුරු කරයි

Share

Share

Share

Share

උසස් තත්වයේ ඇලූමිනියම් නිෂ්පාදනය කරන ප‍්‍රමුඛ පෙළේ නිෂ්පාදකයෙකු වන සහ හේලීස් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් වන Alumex PLC, සිය අගය එකතු කළ පිරිනැමීම් පුළුල් කිරීමට සහ කර්මාන්තයේ ප‍්‍රමුඛතම අපනයනකරු ලෙස සිය ස්ථාවරය තහවුරු කර ගැනීමට කැපවෙයි.

2022 දී Alumex PLC විසින් පිරිනමන නවෝත්පාදන මාලාවක් සමඟ දේශීය සහ ගෝලීය වෙළඳපොළ අත්පත් කරගනියි.

නිෂ්පාදකයා දැන් දේශීය වෙළෙඳපොළ සඳහා ආකර්ෂණීය නව DIY (Do it yourself) නිෂ්පාදන රැසක් දියත් කරයි. පුළුල් පරාසයක නිෂ්පාදන වලින් සමන්විත නව පරාසය වෙළඳපල අවශ්‍යතා සපුරාලනු ඇති අතර පාරිභෝගිකයින්ගේ නිවාස සඳහා අද්විතීය නව්‍ය විසඳුම් ලබා දෙනු ඇත.

සපුගස්කන්ද හි ඇති ඇලූමිනියම් නිෂ්පාදනය සඳහා ඇති නවීනතම නිෂ්පාදනාගාරය වෙත ආයෝජනය කිරීමෙන් පසුව, Alumex විසින් සිය අඩු කාබන් ඇලූමිනියම් පරාසය ‘Ozon’ සහ Re_AI දියත් කිරීමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ තිරසාර නවෝත්පාදනයන් වඩාත් ඉදිරියට ගෙන යනු ඇත.

”පසුගිය වසර දෙක අපි හැමෝටම අභියෝගාත්මකයි. කෙසේ වෙතත්, දුෂ්කරතා මඟහරවා ගනිමින් නොසැලී ඉදිරියට යාමේ හැකියාව නිසා අපගේ අපනයන පුළුල් කිරීමට, ඉහළ අපනයන ආදායමක් උත්පාදනය කිරීමට සහ අපගේ කර්මාන්තයේ පාර්ශවකරුවන් රැකබලා ගැනීමට අපට හැකි වී තිබෙන අතර එය අපගේ ප‍්‍රධාන දැක්මයි.”

”අපගේ දැක්ම යථාර්තවත් කිරීමේදී, අපගේ දැක්මට සහාය දිය හැකි කර්මාන්ත ප‍්‍රවීණයන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට සහ නිර්මාණාත්ම හැකියාවන් වර්ධනය කිරීම සඳහා නිෂ්පාදකයින්, ශිල්පීන්, සිසුන් සහ වෘත්තිකයන් සඳහා අපගේ පුහුණුවීමේ සැසි අඛණ්ඩව පවත්වන අතරම අපනයන ආදායම වැඩි කිරීම සඳහා නව නිෂ්පාදන හදුන්වාදීමට අපි දිගටම කටයුතු කරනවා.” යනුවෙන් Alumex කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රමුක් දැදිවෙල මහතා පැවසුවේය.

Alumex ශ‍්‍රී ලංකාවේ අපනයන සම්මාන ඇතුළු විවිධ කීර්තිමත් වේදිකා සහ ව්‍යාපාර වෙනුවෙන් වූ සම්මාන රැසක් තමන් සතු කරගන්නා ලදි. ඒ අතර අපනයන ඇලූමිනියම් නිස්සාරණ හඳුන්වාදීමේ විශිෂ්ටත්වය වෙනුවෙන් 2022 NCE සම්මාන උළලෙහිදී යන්ත‍්‍ර සූත‍්‍ර සහ සැහැල්ලූ ඉංජිනේරු නිෂ්පාදන අංශය සඳහා වූ රන් සම්මානය දිනා ගැනීම ප‍්‍රධාන වෙයි.

ඊට අමතරව Alumex CNCI Achiever Award 2022 හි රන් සම්මානයක් සහ හොඳම ජයග‍්‍රාහකයින් 10 ශ්‍රේණිගත කිරීමත් සමඟ, සහ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශයේ ප‍්‍රමුඛයා වීමත් සමඟ කර්මාන්තය තුළ සිය කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කළේය.

එහි පාර්ශ්වකරුවන්ට විනිවිද පෙනෙන වාර්තාකරණයේ කීර්ති නාමය තවදුරටත් තහවුරු කරමින්, Alumex 2022 CA Sri Lankazs TAGS සම්මාන උළලෙහිදී සහ 2021 Asia Integrated Reporting Awards හි එහි නිෂ්පාදන කාණ්ඩයේ හොඳම වාර්ෂික වාර්තාව සඳහා වූ රන් සම්මානය දිනා ගැනීමත් සමඟ ජාත්‍යන්තර පිළිගැනීමක් දිනා ගත්තේය. එමෙන්ම 2022 CMA විශිෂ්ටත්ව ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන උළලෙහිදී සමාගම හොඳම ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන 10 අතරට ශ්‍රේණිගත විය.

”2022 දී දිනාගත් සම්මාන අපගේ කණ්ඩායමේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ කැපවීම පිළිබිඹු කරන අතර විශිෂ්ටත්වයේ නව ප‍්‍රමිතීන් අඛණ්ඩව පවත්වා ගැනීමට එය අපට ශක්තියක් වෙනවා.” යනුවෙන් දැදිවෙල මහතා පැවසීය.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...