Atlas PlayPalz, ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනයට සහාය වෙමින් පෙර පාසල් ගුරුවරුන් සවිබල ගන්වයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas හි අධ්‍යාපනික සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදන පෙළ වන Atlas PlayPalz විසින් සංවිධානය කරනු ලබන දීපව්‍යාප්ත 45 වැනි ගුරු පුහුණු වැඩසටහන සාර්ථක අන්දමින් පවත්වා තිබේ. ක්‍රීඩාව පාදක කරගත් අධ්‍යාපනයක් තුළින් මුල් ළමාවිය සංවර්ධනයට දායක වන පෙර පාසල් ගුරුවරුන් සවිබල ගැන්වීම මෙම පුහුණු වැඩසටහනේ මූලීක අරමුණයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී දියත් කරන ලද මෙම වැඩසටහන ඔස්සේ දිවයින පුරා සිටින පෙර පාසල් ගුරුවරුන් 3,500 කට අධික සංඛ්‍යාවක් පුහුණුව ලබා තිබේ. Atlas PlayPalz තුළින් මෙරට සෑම දරුවෙකු තුළම සිටින දක්ෂතමයින් බිහි කරලීමේ කැපවීම ඉස්මතු කරමින්, Atlas ආයතනය මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන්නේ දූවා දරුවන්ට සතුටින් ඉගෙන ගත හැකි පරිසරයක් නිර්මාණය කර දීමේ මහඟු පරමාර්ථය පෙරදැරි කර ගනිමිනි.

Atlas PlayPalz සමගින් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කරමින් මෙවැනි පුහුණු වැඩසටහන් අඛණ්ඩව පවත්වනු ලබන අතර, මෙමගින් පෙර පාසල් ගුරුවරුන්ට සිය පන්ති කාමරවලදී ක්‍රීඩාව පාදක කරගනිමින් ඉගැන්වීමට අවශ්‍ය ප්‍රායෝගික කුසලතාවන් සහ දැනුම ලබා දෙයි. මෙම පුහුණු වැඩසටහන් ඔස්සේ දරුවන්ගේ මොළයේ වර්ධනයට සහාය වන විනෝදාත්මක සහ සමස්ත වර්ධනයට ගැලපෙන ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කර ගැනීම සඳහා ගුරුවරුන්ට විශිෂ්ට සහයෝගයක් හිමි වනු ඇත.

වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින්, Atlas Axillia හි කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා මෙසේ පැවසීය. ‘‘සෑම දරුවෙකු සතුවම අද්වීතිය හැකියාවක් පවතින බව අප නිරන්තරයෙන් විශ්වාස කරන නිසාම, මෙවැනි පුහුණු වැඩසටහන් ඔස්සේ දරුවන් තුළ ඇති දක්ෂතාවන් එළි දැක්වීමට ගුරුවරුන්ට සහාය වීම අපගේ අරමුණයි. හුදෙක්ම දැනුම බෙදාහදා ගැනීම පමණක් නොව ගුරුවරුන්ට නිවැරදි ඉගෙනුම් මෙවලම් භාවිතයට අවශ්‍ය ප්‍රායෝගික හැකියාවන් ලබා දෙමින් සතුටින් ඉගෙන ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කර දීමට අප ඉදිරියටත් ඔවුන්ව සවිබල ගැන්වීමට බලාපොරොත්තු වෙනවා’’

ක්‍රීඩාව පාදක කරගත් මෙවැනි පුහුණු වැඩසටහන් දියත් කිරීම හරහා, ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය අධ්‍යාපන ක්‍රමය උසස් තලයකට රැගෙන යාම සඳහා Atlas Axillia ආයතනය සතු කැපවීම මනාව ඉස්මතු කෙරේ. ඒ අනුව දූ දරුවන්ගේ නිර්මාණශීලී කුසලතාවයන් දිරිමත් කොට ගුණාත්මක මූලීක අධ්‍යාපනයක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන Atlas PlayPalz සන්නාමය, මුල් ළමාවිය සංවර්ධනයේ පුරෝගාමී මෙහෙවරක නිරත වෙමින් සිටී.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...