BYD සමාගම SEAGULL රථ මිලියනයක් නිෂ්පාදනය කරමින් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

Share

Share

Share

Share

ජුනි 30 වන දින BYD සිය Xi’an කර්මාන්තශාලාවේදී SEAGULL ඒකක මිලියනයක් නිෂ්පාදනය කරමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. BYD SEAGULL රථය පළමුවෙන්ම වෙළඳපොළට හඳුන්වා දුන් දා සිට එය මිලියනයක අලෙවියක් කරා ළඟා වීමට ගත වූයේ මාස 27 ක් පමණ කාලයක් වන අතර ඒ අනුව ලොව පුරා අලෙවිය මිලියනයක් කරා ළඟා වූ ්00 කාණ්ඩයේ වේගවත්ම ඉලෙක්ටි්‍රක් රථය (EV) බවට BYD SEAGULL පත්විය. කුඩා ප්‍රමාණයේ ඉලෙක්ටි්‍රක වාහනයකින් (EV) පාරිභෝගිකයින්ට අත්දැකීමක් ලබා ගැනීම සඳහා නව ප්‍රමිතියක් සකස් කිරීමට සමත්ව ඇති BYD SEAGULL අති නවීන තාක්ෂණය, කාර්යක්ෂම නිමාව සහ විශිෂ්ට ආරක්ෂක විශේෂාංගවලින් සමන්විත වේ.

ගෝලීය සාර්ථකත්වය: BYD SEAGULL මිලියනයක අලෙවියක් ඉක්මවන A00 කාණ්ඩයේ වේගවත්ම EV රථය
2023 අප්‍රේල් මාසයේදී හඳුන්වා දුන් දා සිට BYD SEAGULL A00 කාණ්ඩයේ ඉහළම අලෙවියක් සහිත රථයක් බවට පත් විය. එය A00 කාණ්ඩයේ මාදිලි සඳහා 21 වතාවක් සහ ඉලෙක්ටි්‍රක් සෙඩාන් කාණ්ඩයේ 19 වතාවක් ප්‍රමුඛයා වෙමින් ඉහළම අලෙවියක් අලෙවි වාර්තා කිරීමට සමත්ව ඇත. තවද 2023 සහ 2024 යන වසරවල A00 කාණ්ඩයේ වාර්ෂික වැඩිම අලෙවියක් වාර්තා කළ මෝටර් රථය BYD SEAGULL වූ අතර 2024 දී සෙඩාන් කාණ්ඩයේ ද එය අංක එකේ ස්ථානයට පත්විය. මාස 27 ක් තුළ ඒකක මිලියන 1 ක් අලෙවි වූ BYD SEAGULL ගෝලීය A00 කාණ්ඩයේ EV වෙළඳපොලේ නව මිණුම් ලකුණක් ස්ථාපිත කර තිබේ.

BYD SEAGULL ලොව පුරා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇත. 2024 පෙබරවාරි මාසයේදී බ්‍රසීලයේදී නිල වශයෙන් හඳුන්වා දුන් එය එහි පළමු දිනයේම ඒකක 7,635ක් අලෙවි වූ අතර බ්‍රසීලයේ වාහනයක් හඳුන්වා දුන් දිනයේ වැඩිම වාහන අලෙවියක් වාර්තා කරමින් නව වාර්තාවක් ද තැබීය. 2024 අවසානය වන විට BYD SEAGULL රථය බ්‍රසීලයේ ඒකක 21,968ක් අලෙවි වී තිබුණු අතර එය එරට වැඩියෙන්ම අලෙවි වන ෑඪ රථය බවට පත්විය. 2025 පළමු කාර්තුවේදී එය බ්‍රසීලයේ මුළු EV අලෙවියෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් හිමිකර ගත් අතර ඊළඟට වඩාත් ජනප්‍රිය EV නවය අභිබවා ගියේය. මැයි මාසයේදී, BYD SEAGULL (ඩොල්ෆින් සර්ෆ්) ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය සහ ස්පාඤ්ඤය, හංගේරියාව, පෝලන්තය සහ ස්විස්ටර්ලන්තය ඇතුළු යුරෝපීය රටවල් 15ක හඳුන්වා දෙන ලදී. එහි විශිෂ්ට ක්‍රියාකාරිත්වය හේතුවෙන් එය යුරෝපයේ EV වෙළෙඳපොලේ ඉක්මනින් ජනප්‍රියත්වයට පත් විය.

e-Platform 3.0 මගින් බලගැන්වීම සහ සම්පූර්ණ ක්‍රියාකාරී හා ආරක්ෂිත විශේෂාංග සමඟින් මගී මෝටර් රථ සඳහා ගෝලීය මිණුම් ලකුණක් සකසයි

e-Platform 3.0 මත ගොඩනගා ඇති BYD SEAGULL, උසස් තත්ත්වය සමඟින් ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙයි. මෙම වේදිකාව A00 කාණ්ඩයේ වාහනවල පොදු ආරක්ෂක ගැටළු විසඳමින් එහි ලොව පුරා සිටින BYD SEAGULL පරිශීලකයින්ට ආරක්ෂිත රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙයි.

වසර තුනකටත් අඩු කාලයකදී, BYD SEAGULL ඒකක මිලියනයක සීමාව ඉක්මවා ගොස් ඇති අතර ගෝලීය A00 කාණ්ඩයේ වෙළඳපොළ ඉහළ නංවමින් සහ උසස් තත්ත්වයේ ප්‍රමිතීන් අඛණ්ඩව ප්‍රවර්ධනය කරයි. ගෝලීය වශයෙන් මිලියනයකට අධික පරිශීලකයින්ගේ අචල විශ්වාසය BYD SEAGULL හි විශිෂ්ට කාර්යසාධනය සහ ඉහළ ගුණාත්මකභාවය පෙන්නුම් කරයි. ඉදිරියේදී ලොව පුරා එහි හිමිකරුවන්ට වඩාත් හොඳ රිය පැදවීමේ අත්දැකීමක් සහතික කරමින් පාරිභෝගික අවශ්‍යතා මත පදනම්ව වැඩිදියුණු කිරීම් අඛණ්ඩව සිදු කිරීමට BYD සැලසුම් කරයි.

Mahindra Ideal Finance நிறுவனம் மற்றும்...
Huawei’s E-band Microwave RTN 3800...
Asia-Pacific Business Leaders to Accelerate...
Beyond the Classroom: Rethinking How...
සමර්සෙට් වතුයාය, කිසිදා නොබිඳුණු උරුමයක...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Built for the Game: Carnage...