Ceylon International Film Festival (CEYIFF), Cine Star පදනම සමඟ අත්වැල් බැඳගනිමින් 2022-සිනමා සම්මාන උළෙල අභිමානවත් ලෙස පවත්වයි

Share

Share

Share

Share

CEYIFF වෙතින් ලද ආරාධනයක් පිළිගනිමින්, CINE STAR පදනම එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ සහයෝගය ඇතිව මෙම අභිමානවත් උත්සවය කොළඹදී පැවැත්වීමට ඒකමතිකව තීරණය කළේය. ඒ අනුව මෙම සිනමා සම්මාන උළෙල 2023 පෙබරවාරි 10 වන දින කොළඹ නවලෝක රෝහල් ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණ. CEYIFF ආරම්භක සිනාමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය the Newspaper විසින් දිනා ගත් අතර හොඳම තිර රචනයට හිමි සම්මානය ජයන්ත චන්ද්‍රසිරි විසින් ඝරසර්ප සිනමා පටය සඳහා හිමිකර ගත්තේය. හොඳම නලුවාට හිමි සම්මානය සරත් කොතලාවල විසින් the Newspaper සඳහා හිමි කර ගත් අතර හොඳම නිලිය ලෙස නිරන්ජනී ශන්මුගරාජා සුනාමි චිත්‍රපටය වෙනුවෙන් සම්මාන දිනා ගත්හ. හොඳම සහාය නලුවා සහ සහාය නිලිය සම්මානයන් the Newspaper සහ සුනාමි සිනමා පට වෙනුවෙන් කුමාර තිරිමාදුර සහ හිමාලි සයුරංගි විසින් දිනා ගන්නා ලදි. මේ අතර ජුරියේ විශේෂ ඇගයුම් සම්මානය සුනාමි චිත්‍රපටය විසින් දිනා ගත් අතර CEYIFF වීසින් ජීවිතයේ එක් වරක් පමණක් ලබා දෙන ප්‍රශස්ත ඇගයුම් සම්මානයන් හිමිකරගැනීමට ජ්‍යෙෂ්ට රංගධර අයිරාංගනී සේරසිංහ සහ කලාශූරී ලතා වල්පොල යන මහත්මීන් සමත් විය. එමෙන්ම සිනමාවේ කාන්තාව සම්මානය මෙවර හිමිකර ගැනීමට රේණුකා බාලසූරිය මහත්මිය සමත් වූවාය. ශ‍්‍රී ලාංකීය සිනමාවට ඉහළ වාණිජ වටිනාකම් හිමිකර ගනිමින් ජාත්‍යන්තරය ජය ගැනීම උදෙසා මෙම සම්මාන උළෙල ඉවහල් වනු ඇති බවට සැකයක් නැත. ගෝලීය නැඹුරුතාවක් සහ ඉහළ රසාස්වාදයක් සහිතව ශ‍්‍රී ලංකාවේ දී පවත්වන සුවිශාලතම සිනමා උළෙල මෙයයි.

”සම්මානලාභීන් විවිධ ක්ෂේත‍්‍රයන් හරහා විදේශීය වෘත්තිකයන් විසින් විනිශ්චය කරනු ලැබූ අතර ඔවුන් අදාළ ක්ෂේත‍්‍රවල දී ජාත්‍යන්තර මට්ටමින් ඇගයීමට ලක්වුණා. මෙම විනිශ්චයකරුවන්ට ශ‍්‍රී ලාංකේය සිනමාවේ පාර්ශවකරුවන් සමඟ කිසිඳු සෘජු සම්බන්ධයක් නොමැති බැවින්, තෝරා ගැනීම් මුළුමනින්ම අපක්ෂපාතීයි. ඒ පිළිබඳව සම්මානලාභීන් සැබවින්ම ආඩම්බර විය යුතු අතර, සම්මානය සුවිශේෂී හා අනගි කුසලතා මත පමණක් පදනම් වෙනවා.” යනුවෙන් CEYIFF හි සභාපතිනි අරුණි බොතේජු මහත්මිය අදහස් දැක්වූවාය.

සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගෙනයෑමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා මෙය වඩාත් ඉවහල් වනු ඇති බවට අපි විශ්වාස කරනවා. CEYIFF සමඟ සහයෝගයෙන් මෙම උත්සවය කොළඹදී පැවැත්වීමට අවස්ථාව ලැබීම ගැන අපි ඉතා සතුටු වෙනවා. ගෝලීය පිළිගැනීම සහ ගෞරවය තුළින් ශ‍්‍රී ලංකා මාතාව අභිමානවත් කිරීමේ එම අභියෝගාත්මක ගමනේ පළමු ඉදිරි පියවර මෙයයි.” යනුවෙන් බොහෝ ක්ෂේත‍්‍රයන් හරහා මෙරටට අභිමානයක් රැගෙන ආ CINE STAR පදනමේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පැවසීය.

CEYIFF පිළිබඳව
අරුණි බොතේජු මහත්මිය විසින් පිහිටුවන ලද 501^c&^3& ලාභ නොලබන කලා සහ අධ්‍යාපනික සංවිධානයක් ලෙස Ceylon International Film Festival (CEYIFF) හැදින්විය හැකි අතර එහි මූලස්ථානය කැලිෆෝනියාවේ සැන්ටා බාබරා හි පිහිටා ඇත. Ceylon International Film Festival ^CEYIFF& හි අවධානය යොමු වී ඇත්තේ ශ‍්‍රී ලාංකේය සිනමාව ප‍්‍රවර්ධනය කිරීම සහ ශ‍්‍රී ලාංකේය සිනමාකරුවන් හොලිවුඩයට නිරාවරණය වීමෙන් ගෝලීය සිනමා ප‍්‍රමිතීන් වෙත ලගාවීමේ අවස්ථා විවෘත කිරීමටයි.

Ceylon International Film Festival (CEYIFF) යනු ශ‍්‍රී ලංකාවෙන් පිටත සංවිධානය කරන ලද ප‍්‍රථම ශ‍්‍රී ලාංකික චිත‍්‍රපට උළෙලයි. CEYIFF ශ‍්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තර සිනමා ලෝලීන් වෙත විවර කිරීමට කැපවී සිටියි.

CINE STAR FOUNDATION පිළිබඳව

Cine Star පදනම යනු දේශීය සිනමා කර්මාන්තය සඳහා කැප වූ සංවිධානයක් වන අතර ලාභ නොලබන සංවිධානයක් ලෙස ලියාපදිංචි වී ඇත. මෙහි සිනමා කර්මාන්තයේ සියලූම අංශ නියෝජනය කරමින් එහි සාමාජිකයින් 350 කට අධික සංඛ්‍යාවක් සිටී. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ ස්වේච්ඡුා සහයෝගය ඇතිව විශිෂ්ට ගීත නිර්මාණකරුවන්ගේ සංගමය (OSCA) මෙහෙයවන සිනමා සහ සංගීත ක්ෂේත‍්‍රය කෙරෙහි ඇති දැඩි ඇල්ම සමඟ ප‍්‍රසිද්ධ ව්‍යාපාරික සහ ක‍්‍රීඩා පරිපාලක ආචාර්ය ජයන්ත ධර්මදාස විසින් පදනමේ සභාපතිත්වය දරනු ලබයි. සාමාජිකයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ සියලූ දෙනා සඳහා වෛද්‍ය සහ ජීවිත රක්ෂණ ආවරණයක් ඇතුළු විවිධ ආකාරවලින් ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීම මෙහි අරමුණයි. 2003 වසරේ පදනම ආරම්භයේ සිටම CINE STAR සාමාජිකත්වයට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අරමුදල් උත්පාදනය කිරීමට වඩාත් ජනප‍්‍රිය ”රිදී රැුයක් සංදර්ශනය” පවත්වන ලද අතර CINE STAR සිය මෙහෙවර සඳහා සම්පූර්ණයෙන්ම කැපවී සිටින බව සහ එහි සමාජ වගකීම 20 වන වරටත් තහවුරු කරමින් ” රිදී රැයක් – 2022” පසුගිය දෙසැම්බර් මස පවත්වන ලදි.

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...