CIC Holdings 2024 මූල්‍ය වර්ෂය වෙනුවෙන් 12% වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 76.4ක ඉහළ ආදායමක් වාර්තා කරයි

Share

Share

Share

Share

කෘෂිකර්මාන්තය ප්‍රමුඛකොට ගත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන CIC Holdings PLC 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ඉහළ මට්ටමේ කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. විශේෂයෙන් මධ්‍යස්ථ සාර්ව ආර්ථික වටපිටාවක් තුළ ශක්තිමත් ආදායම් වර්ධනයක් සනිටුහන් කිරීමට මෙහිදී CIC Holdings සමාගමට හැකි විය. මෙහිදී කෘෂි නිෂ්පාදන හා සෞඛ්‍ය හා පුද්ගලික ආරක්ෂණ අංශයන්හි වර්ධනයන්ට හේතු වූ සමූහයේ බෝග විසඳුම් අංශය 2024 මූල්‍ය වර්ෂයේ සමස්ත ආදායම් වර්ධනය වෙනුවෙන් ප්‍රමුඛ දායකත්වයක් සපයනු ලැබීය.

ඒ අනුව අවසන් මූල්‍ය වර්ෂය සඳහා CIC සමූහය විසින් රුපියල් බිලියන 76.4ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත් විය. එය පසුගිය වසර සාපේක්ෂව 11.9% ක වර්ධනයකි. සමාලෝචිත කාලය තුලදී සමූහය විසින් බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 11ක ආදායමක් වාර්තා කරනු ලැබුවේ පෙර වසරට සාපේක්ෂව 9.6%ක වර්ධනයක් අත්පත් කර ගනිමිනි. දළ ලාභය පෙර වසරට සාපේක්ෂව 15.4%ක අඩුවීමක් වාර්තා කරමින් රුපියල් බිලියන 3.7කින් පහළ යන ලදී. දළ ලාභ ආන්තිකය 27%ක් වූ අතර පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී පදනම් ලකුණු 880කින් පහළ යන ලදී. ඊට විශේෂයෙන් හේතු වූයේ තරඟකාරීත්වය හා ඉහළ යෙදවුම් පිරිවැයයි.

2024 මූල්‍ය වර්ෂයේ සිව්වන කාර්තුව තුළ CIC සමූහයේ ඒකාබද්ධ ආදායම 3.74%කින් ඉහළ යමින් රුපියල් බිලියන 16.2ක් බවට පත් වූ අතර 7.47%කින් ඉහළ ගිය බදු පසු ලාභය සනිටුහන් වූයේ රුපියල් බිලියන 1.3ක් ලෙසයි. ඊට අමතරව සමූහයේ මූල්‍ය වියදම් සිව්වන කාර්තුව තුළ රුපියල් මිලියන 630 ක් බවට පත් වූ අතර 2023 මූල්‍ය වර්ෂයෙහි අදාළ කාලපරිච්ඡේදයේදී එය රුපියල් මිලියන 790ක් විය. වත්මන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණයන් හා ආර්ථිකයේ ස්ථාවරත්වය හේතුවෙන් ණය අනුපාතයන් පහළයාම ඊට විශේෂයෙන් හේතු විය.

CIC විසින් අත්කරගත් මෙම ආදායමෙහි සුවිසල් පංගුවකට හිමිකම් කියන එහි සමූහයට අයත් බෝග විසඳුම් ව්‍යාපාර අංශය සමස්ත ආදායමෙන් 40,8%ක ප්‍රතිශතයක් තමන් සතු කර ගැනීමට සමත් විය. ඊට අමතරව පශූ සම්පත් විසඳුම්, සෞඛ්‍ය හා පුද්ගල ආරක්ෂණ, කාර්මික විසඳුම්, කෘෂි නිෂ්පාදන යන අංශයන් පිළිවෙලින් 21.1%, 21.2%, 9.9% සහ 7.1% ලෙස ඊට දායකත්වය දක්වනු ලැබීය. සමූහයේ මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 10,7කට ආසන්න වූ අතර එය පෙර වසර හා සැසඳීමේදී 36.6%ක පහළ බැසීමක් විය. එසේම සමාලෝචිත කාලය තුළ සමූහයේ මූල්‍ය වියදම රුපියල් බිලියන 3.3ක් වූ අතර පෙර වසරේ එම කාලපරිච්ඡේදයේදී එය රුපියල් බිලියන 4.8ක් විය.

අදාළ මූල්‍ය වර්ෂයේදී බෝග විසඳුම්, කෘෂි නිෂ්පාදන, පශූ සම්පත් විසඳුම්, කාර්මික විසඳුම් හා සෞඛ්‍ය/පුද්ගල ආරක්ෂණ යන සමූහයේ අංශයන් 5ට අයත් ප්‍රධාන සමූහ ව්‍යාපාරයන් විසින් සමූහයේ සාර්ථකත්වයට සුවිසල් දායකත්වයක් දක්වනු ලැබීය. එහිදී බෝග විසඳුම් අංශය රුපියල් බිලියන 23.3 සිට රුපියල් බිලියන 31.2 දක්වාද, කෘෂි නිෂ්පාදන රුපියල් බිලියන 4.3 සිට රුපියල් බිලියන 5.4ක් දක්වාද වර්ධනයක් අත්පත්කර ගන්නා ලදී. සෞඛ්‍ය හා පුද්ගල ආරක්ෂණ අංශය රුපියල් බිලියන 13.2 සිට රුපියල් බිලියන 16.2ක් දක්වා වර්ධනය වන විට පශූ සම්පත් අංශය රුපියල් බිලියන 18.7 සිට රුපියල් බිලියන 16.1ක් දක්වාත්, කාර්මික අංශය රුපියල් බිලියන 8.7 සිට රුපියල් බිලියන 7.6ත් දක්වාත් පහළ බසිමින් සමස්ත ආදායමට දායක විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ CIC Holdings සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අරෝෂන් සේරසිංහ මහතා “ගෙවුණු මූල්‍ය වර්ෂයේ මුල් අවධියේදී විවිධ අභියෝග හා අහිතකර වෙළෙඳපොල තත්වයන්ට මුහුණ දෙමින් ඒවා ජයග්‍රහණය කිරීමට අපට හැකියාව උදා වුණා. එම අභියෝගයක් අපගේ සමූහයේ කාර්ය සාධනය කෙරෙහි යම් බලපෑමක් ඇති කළ අතර අපගේ ශක්තිමත් වියදම් කළමනාකරණ වැඩසටහන්, මනා කාරක ප්‍රාග්ධන කළමනාකරණය හා ඩිජිටල් තාක්ෂණය තුළින් ඒවා මනාව කළමනාකරණය කර ගැනීමට අපි කටයුතු කළා. ඒ නිසාම 2023 මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් කාර්ය සාධනයක් සනිටුහන් කිරීමට අපට හැකි වී තිබෙනවා. ඒ තුළින් දුෂ්කරතා හා අභියෝග මධ්‍යයේ වුව සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු කිරීමේ හැකියාව හා කැපවීම මනාව ප්‍රදර්ශනය කිරීමට අප සමත්ව සිටින බව මතක් කළ යුතුයි.” යනුවෙන් පැවසුවේය.

 

Sampath Bank and NCE Empower...
TikTok 2025 දෙවන කාර්තුවේ ප්‍රජා...
Coca-Cola-வின் பொருள் சேகரிப்பு மற்றும் பதப்படுத்தும்...
Sri Lanka’s Corporate Professionals Stir...
Coca-Cola நிறுவனத்தின் இலங்கை மற்றும் மாலைதீவுகளுக்கான...
RIUNIT to Promote Sri Lanka’s...
JAAF statement on Apparel export...
TikTok இன் 2025 இரண்டாவது காலாண்டுக்கான...
RIUNIT to Promote Sri Lanka’s...
JAAF statement on Apparel export...
TikTok இன் 2025 இரண்டாவது காலாண்டுக்கான...
China Mobile Shandong and Huawei...