Cinnamon Life ශ්‍රී ලංකාවේ වෙරළ සංරක්ෂණයට කැපවෙමින් ලෝක සංචාරක දිනයේදී Beach Care වැඩසටහන දියත් කරයි

Share

Share

Share

Share

කොළඹ නගරයේ සුන්දරත්වයේ නවාතැන ලෙස මෙරට සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දක්වන Cinnamon Life at City of Dreams පසුගියදා ලෝක සංචාරක දිනය සමරනු ලැබුවේ තවත් සුවිශේෂී ඇරඹුමක් සනිටුහන් කරමිනි. ශ්‍රී ලංකාවට සුන්දරත්වය කැඳවාගෙන එන අලංකාර වෙරළ තීරය ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් එදින ‘’Beach Care” වැඩසටහන දියත් කළ Cinnamon Life එහි ප්‍රථම අදියර ලෙස උස්වැටකෙයියාව වෙරළ තීරය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන ලදී.

මෙරට සුන්දරත්වය තව තවත් ඉහළ නැංවීම සඳහා සුපිරිසිදු වෙරළ තීරයක් ලොවට දායාද කිරීම අරමුණු කර ගනිමින් ඇරඹුණු මෙම වැඩසටහනෙහි පළමු අදියර යටතේ උස්වැටකෙයියාව වෙරළ තීරයෙන් ප්ලාස්ටික් හා පොලිතීන් කිලෝ ග්‍රෑම් 400කට වැඩි ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. ඒ සඳහා කණ්ඩායම් සාමාජිකයින්, ස්වේච්ඡා සේවයින් ඇතුලු බොහෝ පිරිසක්ද එක්ව සිටියහ. වෙරළ තීරය පිරිසිදු කිරීමෙන් නොනැවතී නැවත වෙරළ තීරය අපිරිසිදු නොවනු පිණිස ස්ථිර කසල බඳුනක් ස්ථාපිත කිරීමට මෙහිදී කටයුතු කිරීමද විශේෂත්වයකි.

මේ පිළිබඳව අදහස් දැක්වූ Cinnamon Life හි තිරසාරත්ව හා අනුකූලතා අධ්‍යක්ෂ සමීර රණසිංහ මහතා “සංචාරක ව්‍යාපාරයේ දියුණුව අත් විඳිය හැක්කේ මිනිසුන් මෙන්ම පරිසරයත් දියුණු වීම තුලින් පමණයි. එහෙයින් පාරිසරික ආරක්ෂාව පිළිබඳව අද දිනයේ වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි අප විශ්වාස කරනවා. ‘’Beach Care” වැඩසටහන හුදු පිරිසිදු කිරීමේ වැඩසටහනක් නොව අනාගත පරපුර වෙනුවෙන් සුනද්ර වෙරළ ත්ීරයක් උරුම කර දීමේ සුවිසල් ප්‍රයත්නයක් ලෙසත් පෙන්වා දිය හැකියි”යනුවෙන් පැවසීය.

මේ හරහා ශ්‍රී ලංකාවේ පාරිසරික පද්ධතිය හා වෙරළ තීරය සංරක්ෂණයට කටයුතු කරමින් ඒ සමඟ එක්වූ සියලු දෙනාට අමතක නොවන අත්දැකීමක් උරුම කර දීමට Cinnamon Life සමත් වූයේ තවත් තිරසාරත්ව ව්‍යාපෘතියක් සනිටුහන් කරමිනි. පාරිසරික සුන්දරත්වය වෙනුවෙන් ක්‍රියාකාරීව කැපවීම පිණිස ජනතාව බලගන්වමින් වගකිවයුතු සංචාරක ව්‍යාපාරයකට අවැසි වටපිටාවක් නිර්මාණය කිරීමටද මේ තුලින් හැකිවේ.

ආසියාවේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තය ලෙස කීර්තියක් අත්කරගෙන ඇති Cinnamon Life නවතම ‘’Beach Care” වැඩසටහන තුලින් රටක සුන්දරත්වය සංචාරක ව්‍යාපාරය සඳහා පමණක් නොව අප සියලු දෙනා සඳහාද වැදගත් වන බව අවධාරණය කර සිටියි. පරිසරය ආරක්ෂා කිරීම තුලින් සංචාරකයින්ට මෙන්ම ශ්‍රී ලාංකිකයින්ටද ආශ්චර්යමත් වෙරළ තීරයක් උරුම කර ගැනීමට හැකි වන බවද මෙහිදී සහතික කර සිටියි.

AHRP’s Elevate U continues to...
#BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව...
Cyril Rodrigo’s by Green Cabin...
HNB Finance PLC crosses Rs....
Soho Hospitality இன் தெற்காசிய விரிவாக்கத்தின்...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Cinnamon Life at City of...
MAS Foundation for Change පිරිසිදු...
අභිමානවත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව සමඟින්...
Galaxy Unpacked 2026: The Next...