Cinnamon Life at City of Dreams ආයතනික උත්සව හා සිදුවීම් සඳහා සුවිශේෂී පැකේජ හඳුන්වා දෙයි

Share

Share

Share

Share

සෑම අවස්ථාවක් වෙනුවෙන්ම තමන්ට ගැලපෙන අයුරින් තෝරාගත හැකි ආයතනික පැකේජ රැසක් ගෙන එයි

ව්‍යාපාර සබඳතා සහ හමුවීම් නැවත නැවතත් අරුත් ගන්වමින් සියු ව්‍යාපාර ආයතනයන් වෙත සුවිශේෂී උත්සව හා සිදුවීම් පැකේජ හඳුන්වා දීමට Cinnamon Life at City of Dreams කටයුතු කර ඇත. ඒ යටතේ එක් පුද්ගලයකුට රුපියල් 9,000/- සිට ආරම්භ වන සුවිශේෂී සතියේ දින පැකේජ සමඟින් සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පහසු මිලකට සිය ආයතනික උත්සව හා සිදුවීම් පැවැත්වීමේ අවස්ථාව සියලු ආයතනයන් වෙත උදා වනු ඇත. ඔක්තෝබර් මාසය පුරා පැවැත්වෙන විශේෂ MICE වැඩසටහන් සඳහා මෙම දීමනාව ලබාගත හැකි වන අතර ඒ යටතේ උසස් පහසුකම් හා ඒ ඒ ආයතනයන්ට ගැලපෙන ආකාරයේ සේවාවන් නොඅඩුව ලබා දීමට Cinnamon Life at City of Dreams කටයුතු කරනු ඇත.

දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන Cinnamon Life at City of Dreams සංචාරක හෝටල්වලට එහා ගිය සුවිසල් සේවාවක් සිය පාරිභෝගිකයින් වෙත සැපයීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. විශේෂයෙන් කොළඹ නගරය තුළ සියලු පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී අවකාශයක විවේකය, විනෝදාස්වාදය සමඟින් අසමසම අත්දැකීමක් ලබා දීමට කැපවී සිටින Cinnamon Life at City of Dreams හි පවත්වනු ලබන රැස්වීම් හා විවිධ උත්සව අවස්ථාවන් සදාකාලික මතකයේ රැඳෙන්නක් බවට නිතැතින්ම පත්වනු ඇත.

ඔබේ රැස්වීම්, උත්සව හා වෙනත් ඕනෑම අවස්ථාවක් වෙනුවෙන් වර්ග අඩි 160,000 කට වැඩි ඉඩකඩක් සහිත මෙන්ම ඔබට අවශ්‍ය ආකාරයෙන් සකස් කර ගත හැකි අවකාශයන්ගෙන් මෙන්ම සුවිශේෂී ස්ථානයන්ගෙන්ද සැදුම්ලත් Cinnamon Life at City of Dreams ඔබේ බලාපොරොත්තු මනාව සපුරාලීමට සමත්වනු ඇත්තේ නම්‍යශීලී හා වඩාත් ඵලදායී අත්දැකීමක් ඔබ වෙත ලබා දෙමිනි.
තවද සුවිශේෂී උත්සව අවස්ථාවන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද විවිධ කලාවන්ගෙන් සුසැදි උත්සව ශාලා 5කදී ඔබේ සුන්දර මොහොතට චමත්කාරයක් එක් කිරීමට මෙහිදී හැකියාව උදා වනු ඇත. එහි සෑම උත්සව ශාලා අවකාශයක්ම විවිධ කලා නිර්මාණයන් මෙන්ම වාස්තු විද්‍යා විශිෂ්ටත්වයන්ගෙන් හැඩ වී ඇති අතර එය ඔබේ උත්සවයට පැහැදිලි වෙනසක් මෙන්ම අලංකාරයක් එක් කිරීමට හේතු වනු ඇත.

උත්සව අවස්ථාවන් සමරමින් සතුට භුක්ති විඳීමේ අවස්ථාව වෙනුවෙන් සුදුසු අවකාශයක් සොයන සියලු දෙනා හට Cinnamon Life at City of Dreams හි The Podium පාරාදීසයක් බවට පත් වනු ඇත. වර්ග අඩි 25,000ක ඉඩකින් යුත් සුවිසල් අවකාශයක් වන මෙහි සිට ඉන්දියන් සාගරයේ සුන්දරත්වය මනාව විඳගනිමින් නෑ, හිත මිතුරන් හෝ අමුත්තන් සමඟින් සතුට බෙදා හදා ගැනීමට කදිම අවස්ථාවක් වේ. එය උත්සවයට තවත් මිහිරි අත්දැකීමක් බවට පත් වනු ඇත.

ඊට අමතරව ඉහළ පෙලේ ආයතනික රැස්වීමක් හෝ බොහෝ දෙනා එක් කරගත් සැසියක් වැනි අවස්ථාවන් සඳහාද කදිම Cinnamon Life at City of Dreams ජාත්‍යන්තර තත්වයේ පහසුකම් සිය පාරිභෝගිකයා වෙත ලබා දෙමින් ඒ සියලු අවස්ථාවන් විශිෂ්ට අයුරින් පැවැත්වීම සඳහා සුවිසල් සහයෝගයක් ලබා දීමට කටයුතු කරනු ලබයි. මේ සියලු පහසුකම් සමඟින් ඔබේ සුවිශේෂී අවස්ථාව පහසු මිලක් යටතේ වර්ණවත් කර ගැනීමට දැන් ඔබේ ආයතනයටද අවකාශ උදා වේ.

ඒ සඳහා අදම 077 162 9758 හරහා Cinnamon Life අමතන්න.

Softlogic Life Grows 29% with...
TikTok Launches Time and Well-being...
மாற்றுத்திறனாளிகளுக்கான முதல் ஒருங்கிணைந்த நியமன இயக்கத்துடன்...
Sri Lanka Targets Inclusive Economic...
2025 SLIM ජාතික විකුණුම් සම්මාන...
2025 ஜனாதிபதி சுற்றுச்சூழல் விருதுகள் நிகழ்வில்...
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා...
සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින්...
2025 ஜனாதிபதி சுற்றுச்சூழல் விருதுகள் நிகழ்வில்...
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා...
සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින්...
Global Talent Competes to Solve...