City of Dreams Sri Lanka මැද පෙරදිග චමත්කාරය සමඟින් Golden Mirage දියත් කරයි

Share

Share

Share

Share

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය වෙනුවෙන් අරාබි චමත්කාරය හා සංස්කෘතිය විදහා දැක්වීම වෙනුවෙන් City of Dreams Sri Lanka විසින් “Signature Golden Mirage”, හඳුන්වා දෙනු ලැබීය.

ඒ අනුව නොවැම්බර් 28 වැනි දින සිට දෙසැම්බර් 2 වන දින දක්වා කාලය තුළ City of Dreams Sri Lanka හි 6 වැනි මහල මැද පෙරදිග කාන්තාර ආශ්‍රිත දර්ශනයවලින් හැඩ ගැන්වෙමින් අමතක නොවන අත්දැකීමක් පාරිභෝගිකයින් වෙත රැගෙන එනු ඇත.

ඒ වෙත පැමිණෙන සියලු අමුත්තන්ට අරාබිකරයේ විශේෂත්වය පිළිබිඹු කරන දර්ශනයන් දැක ගනිමින් අරාබිකරයේ අත්දැකීම ශ්‍රී ලංකාවේදී අත්විඳීමට City of Dreams Sri Lanka ආරාධනා කර සිටියි.

එම සුවිශේෂී දින සන්ධ්‍යාවේදී විශේෂ සංස්කෘතික අංගවලින් හා නවීන සංගීත රසයෙන් පැමිණ සිටින අමුත්තන් පිනවීමට ද City of Dreams Sri Lanka සූදානමින් සිටියි. ඒ සමඟින් එක් වන නර්තනයද සියලු දෙනාගේ නෙත් සිත් පිනවනු ඇති අතර ඊට එක්වන ඉමිහිරි දර්බුකා රිද්මය මෙන්ම සුවිශේෂී DJ සංගීතය රසවත් සන්ධ්‍යාවක් ඔබ වෙත ගෙන එනු ඇත. එපමණක් නොව අරාබිකරයේ සැබෑ අත්දැකීම ඔබට ලබා දීම වෙනුවෙන් සියවස් ගණණාවක් පුරා අරාබිකරයේ අනන්‍යතාවක් බවට පත් වූ සුවිශේෂී අරාබි කෝපි සංග්‍රහයකින් ඔබව පිනවීමට City of Dreams Sri Lanka කටයුතු කරනු ඇත.
මැද පෙරදිග රාත්‍රියක ආකර්ෂණය සමඟින් සජීවී අත්දැකීමක් ලබා ගැනීමට මෙන්ම හිත මිතුරන් සමඟින් දින 5ක් පුරා අමතක නොවන සන්ධ්‍යාවක් ගත කිරීමට හොඳම අවස්ථාව Signature Golden Mirage ඔබට උදා කර දෙනු ඇත.

දැන්ම ඔබේ අවස්ථාව වෙන් කර ගන්න. City of Dreams Sri Lanka 6 වැනි මහලේ සිට අරාබිකරයේ සැබෑ ආශ්වාසය සමඟින් සංගීතය, සංස්කෘතිය ඇතුලු බොහෝ දේ රස විඳින්න.

වැඩිදුර තොරතුරු සඳහා 077 283 1613 අමතන්න

CINEC Among Largest Providers of...
இலங்கையின் காப்புறுதித் துறைக்கு மிகச் சிறப்பாகச்...
HNB FINANCE 2026 ජාත්‍යන්තර කාන්තා...
Sri Lanka’s First 100% Renewable...
ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමේ YOLO...
JKCG Auto BYD සහ DENZA...
99x Wins Five Awards at...
ஜனசக்தி பைனான்ஸ் ‘இலங்கையின் முச்சக்கர வண்டி...
JKCG Auto BYD සහ DENZA...
99x Wins Five Awards at...
ஜனசக்தி பைனான்ஸ் ‘இலங்கையின் முச்சக்கர வண்டி...
Huawei IP Summit 2026 highlights...