City of Dreams Sri Lanka මැද පෙරදිග චමත්කාරය සමඟින් Golden Mirage දියත් කරයි

Share

Share

Share

Share

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය වෙනුවෙන් අරාබි චමත්කාරය හා සංස්කෘතිය විදහා දැක්වීම වෙනුවෙන් City of Dreams Sri Lanka විසින් “Signature Golden Mirage”, හඳුන්වා දෙනු ලැබීය.

ඒ අනුව නොවැම්බර් 28 වැනි දින සිට දෙසැම්බර් 2 වන දින දක්වා කාලය තුළ City of Dreams Sri Lanka හි 6 වැනි මහල මැද පෙරදිග කාන්තාර ආශ්‍රිත දර්ශනයවලින් හැඩ ගැන්වෙමින් අමතක නොවන අත්දැකීමක් පාරිභෝගිකයින් වෙත රැගෙන එනු ඇත.

ඒ වෙත පැමිණෙන සියලු අමුත්තන්ට අරාබිකරයේ විශේෂත්වය පිළිබිඹු කරන දර්ශනයන් දැක ගනිමින් අරාබිකරයේ අත්දැකීම ශ්‍රී ලංකාවේදී අත්විඳීමට City of Dreams Sri Lanka ආරාධනා කර සිටියි.

එම සුවිශේෂී දින සන්ධ්‍යාවේදී විශේෂ සංස්කෘතික අංගවලින් හා නවීන සංගීත රසයෙන් පැමිණ සිටින අමුත්තන් පිනවීමට ද City of Dreams Sri Lanka සූදානමින් සිටියි. ඒ සමඟින් එක් වන නර්තනයද සියලු දෙනාගේ නෙත් සිත් පිනවනු ඇති අතර ඊට එක්වන ඉමිහිරි දර්බුකා රිද්මය මෙන්ම සුවිශේෂී DJ සංගීතය රසවත් සන්ධ්‍යාවක් ඔබ වෙත ගෙන එනු ඇත. එපමණක් නොව අරාබිකරයේ සැබෑ අත්දැකීම ඔබට ලබා දීම වෙනුවෙන් සියවස් ගණණාවක් පුරා අරාබිකරයේ අනන්‍යතාවක් බවට පත් වූ සුවිශේෂී අරාබි කෝපි සංග්‍රහයකින් ඔබව පිනවීමට City of Dreams Sri Lanka කටයුතු කරනු ඇත.
මැද පෙරදිග රාත්‍රියක ආකර්ෂණය සමඟින් සජීවී අත්දැකීමක් ලබා ගැනීමට මෙන්ම හිත මිතුරන් සමඟින් දින 5ක් පුරා අමතක නොවන සන්ධ්‍යාවක් ගත කිරීමට හොඳම අවස්ථාව Signature Golden Mirage ඔබට උදා කර දෙනු ඇත.

දැන්ම ඔබේ අවස්ථාව වෙන් කර ගන්න. City of Dreams Sri Lanka 6 වැනි මහලේ සිට අරාබිකරයේ සැබෑ ආශ්වාසය සමඟින් සංගීතය, සංස්කෘතිය ඇතුලු බොහෝ දේ රස විඳින්න.

වැඩිදුර තොරතුරු සඳහා 077 283 1613 අමතන්න

පාම් තෙල් විරෝධය, විශ්වාස සහ...
2026 ආධුනික වයස් කාණ්ඩ පිහිනුම්...
இலங்கையின் எதிர்காலத்தை நோக்கி களம் அமைக்கும்...
இலங்கை மருந்தாக்கல் கைத்தொழில் சம்மேளனம் Rebuilding...
කොකා-කෝලා පදනම සහ සේවාලංකා පදනම...
Advice Lab Unveils New 13,000+...
du Signs Three-Year Agreement with...
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී...
Advice Lab Unveils New 13,000+...
du Signs Three-Year Agreement with...
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී...
2025 டிசம்பரில் இலங்கையின் ஆடை ஏற்றுமதி...