තාරුණ්යය, නැවුම් බව සහ නොබියව සමීප වීම යන ගුණාංග සඳහා ජනතා හදවත් තුළ නිරන්තරයෙන් ගෞරව සම්මානයට පාත්ර වූ Closeup විසින් ශ්රී ලංකාවේ පළමු වරට ජනතාව එක්ව සෑදූ ආදර කතා පොත Closeup Break The Barriers නමින් 2025 සැප්තැම්බර් 29 දින Waters Edge පරිශ්රයේදී උත්සවශ්රීයෙන් එළිදක්වනු ලැබීය .
මෙය හුදෙක් ආදර කතා පොතක් පමණක්ම නොව කිසිවිටෙක කියා ගත නොහැකි වූ , අප්රකාශිත හැඟීම් සමුදායක් සමාජගත කිරීමක් මෙන්ම තරුණ හදවත් තුළ වූ අප්රතිහත ධෛර්යයට, සෑම බාධකයක්ම, අභියෝගයක්ම මැඩපවත්වා ගනිමින් ජයග්රහණය කරා යාමට ආදරය ශක්තියක් වන බව ජීවමානව ශාක්ෂි කොට දැක්වූ අමිල අවස්ථාවකි. මෙම Break The Barriers පොත මිළ කළ නොහැකි පොතක් බවට පත්වන්නේද එබැවිනි.
මෙම ගමනේ ආරම්භය සරළ නමුත් ගැඹුරු අවබෝධාත්මක එකකි. විවිධ හේතුන් මත නිහඬව දරා ගත් ආදර කතාවලට ඉඩක් ලබාදීම මෙන්ම බාධක හමුවේ නොසැලී තම ආදරය වෙනුවෙන් සටන් කරමින් ජයගත් ආදර කතාද මෙම පොතෙහි අන්තර්ගත වේ. Closeup ප්රචාරය කළ “ලවන් සහ ෆ්රී යුවළගේ Break The Barriers කෙටි වෙළෙඳ දැන්වීම මෙම කතා පොත මෙලෙස ජනතා අයිතියට පත් වීමට දැඩි උත්තේජනයක් විය.
තම අදහස් ප්රකාශ කිරීමට සීමා බාධක අත්විඳි යුවළක් වන “ලවන් සහ ෆ්රී ගේ ආදර බැඳීම සියලු බාධක, සීමා ඉක්මවා ජයගත් ආකාරය දැක්වෙන එම වීඩියෝව ඉතා ඉක්මනින් වයස් භේදයකින් තොරව සමස්ත සමාජයේම සිත් දිනා ගත් අතර, සති කිහිපයකින්ම Meta සහ TikTok මත මිලියන 42කට අධික නැරඹුම් ලබා ගත් අතර එමඟින් මේ පණිවිඩය ජනතා සිත් තුළ ගැඹුරු ලෙස තැම්පත් වූ බව සනාථ විය.
ලවන් සහ ෆ්රී මෙන්ම ලංකාවේ ජීවත් වූ තරුණ හදවත්වලට තම බාධක බිඳ හෙලා ආදරය නිදහස්ව ප්රකාශ කරන අත්දැකීම් බෙදාගැනීමට Closeup කළ ආරාධනාවෙන් ලද අසීමිත ප්රතිචාර සහ ලද විශාල ප්රමාණයක කතා අතරින් ආදරය යන සංකල්පය යහපත් පාරිශුද්ධ ආකාරයෙන් සමාජ ගත කළ හැකි කතා අතරින් තෝරාගත් කතා 100කට වැඩි ප්රමාණයක් මෙම පොත තුල අන්තර්ගත කොට ඇති අතර වසන්ත දුක්ගන්නාරාල, කැළුම් ශ්රීමාල් සහ යේශා ප්රනාන්දු යන නිර්මාණවේදීන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලය විසින් අවසන් කතා 100 තේරීමේ මෙම අසීරු කර්තවයට දායකත්වය ලබාදුන්හ .
මෙම අනඟි අවස්ථව Shamara Silva – Marketing Director of Personal Care, Beauty & Well-Being at Unilever,Sri lanka මෙසේ සිය අදහස් ප්රකාශ කළේය.
“මම දකින විදියට අපි අද මේ ලස්සන තැනකට එකතුවෙලා ඉන්නේ ඉතාමත් ලස්සන වගේම ඉතාමත් හරවත් කාලීන වැඩසටහනකට. මේ වැඩසටහන Closeup වෙළඳ නාමයට පමණක් නෙවෙයි ආදරයට ආදරය කරන ඒ ආදරය වෙනුවෙන් බැරියර්ස් එක්ක සටන් කරන සියලු ආදරණීය හදවත් වලට අද විශේෂයි කියලා මම විශ්වාස කරනවා.
ආදරය කිසිදා බැරියර්ස් දාලා සීමා නොකල යුතුයි කියන අදහස එක්ක තමයි මේ කැම්පේන් එක පටන් ගන්නේ. අපි නිතර දකින දෙයක් තමයි සමාජය විසින් කාටද අපි ආදරේ කරන්නෙ? කොයි වෙලාවටද අපි ආදරේ කරන්නේ ආදී එක එක විදියෙ බැරියර්ස් මේ සමාජයෙන් දාලා තියෙනවා. හැබැයි අපේ තාරුණ්යය මේ හැඟීම් ඉතාමත් දැනෙන ලෙස සංවාදයට ලක් කරන තැනකට පත් වෙලා තියෙනවා. ඔවුන් කියන්නෙ ආදරයට ආදරය සොයා යන්න ඉඩ දෙන්න කියලයි. මේ වෙනුවෙන් තාරුණ්යය එක්ක එකට හිටගන්න, ඒ වෙනුවෙන් පෙනී සිටින්නට තමයි ක්ලෝසප් මේ විදියට Break the Barrier campaign එක දියත් කළේ. ඉතින් අපි අද එළි දක්වන පොත අපේ මේ ගමන් මගේ ඉතාමත් සුවිශේෂී සන්ධිස්ථානයක්.”
එමෙන්ම මෙම ව්යාපෘතිය පිළිබඳ අදහස් දැක්වූ මිගාර කීඹියගේ – Category Head – Oral and Deodorant – Unilever Sri Lanka Limited මේ පිළිබඳ සිය අදහස් පළ කළේය.
” Closeup හැම විටකම තාරුණ්යයට තම අව්යාජ බව දැක්වීමට මෙන්ම තමන්ගේ ආත්ම විශ්වාසය වැඩිකරගැනීමත් දිරිදෙන සන්නාමයක් ලෙස සමාජයේ ප්රචලිත වී තිබෙනවා.
ඒ නිසාම සන්නාමයක් විදිහට තරුණ ආදරයට ආදරේ කරන්නත්, ආදරයට ඇති සියලු බාධා මැඩපවත්වා ගනිමින් සාර්ථක අවසානයක් කරා ළඟා වීමටත්, නොබියව තම ආදරයට සමීප වීමට උපකාර කරන ව්යාපෘතියක් විදිහටත් මෙය හඳුන්වන්න පුළුවන්.
මේ ව්යාපෘතිය සාර්ථක කර ගැනීමට සහය ලබා දුන් අපේ හවුල්කරුවන් වන Mullenlowe Sri Lanka, Mindshare Sri Lanka , Isobar Sri Lanka, New Media Solutions Pvt Ltd , Wing Activation සහ Deeswell කණ්ඩායමටත් අපේ හෘදයාංගම ස්තුතිය ප්රකාශ කළ යුතුයි. ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සහ අඛණ්ඩ කැපවීම මගින් මෙම ව්යාපෘතිය යථාර්ථයක් බවට පත් වුනා වගේම, ඒ මගින් රට පුරා විසිරී සිටි ආදරණීය හදවත රැසක් කරා ළඟා වීමට අපිට හැකියාව ලැබුණා. එකට එක් වූ කළ බාධක බිඳ දමමින් ආදරය, පිළිගැනීම සහ සැබෑ සබඳතාවන් වෙනුවෙන් අවකාශය නිර්මාණය කළ හැකි බව අපි පෙන්වා දුන්නා.”
තරුණ පරපුරට ඔවුන්ගේ හැඟීම් වැදගත් බව, ආදරය ප්රකාශ කරලා සැමරිය යුතු හැඟීමක් බව, නිහඬබව කිසිදා සිර කුටියක් නොවිය යුතු බවත් මනාව පහදා දෙනු ලබන මෙම පොත පිටු කිහිපයක් බැඳුණු පොතක් නොව, නිදහස් වූ හදවත් රැසක ගීතයකි. අනාගත පරපුරට දියණු වන අයුරින් සදාකාලික සටහනක් ලෙස Break The Barriers Close Up ශ්රී ලංකාවේ නව සංස්කෘතික සන්ධියක් සනිටුහන් කොට ඇත.




