Coca-Cola Beverages Sri Lanka සහ Pizza Hut එක්ව සූපශාස්ත‍්‍ර අත්දැකීම් ඉහළ නැංවීමට සිය හවුල්කාරීත්වය දීර්ඝ කරයි

Share

Share

Share

Share

Coca-Cola Beverages Sri Lanka (CCBSL) සමාගම ශ‍්‍රී ලංකාවේ Gamma Pizzakraft Lanka (Pvt) Ltd විසින් කළමනාකරණය කරනු ලබන සුප‍්‍රසිද්ධ සන්නාමයක් වන Pizza Hut සමඟ එක්ව ඔවුන්ගේ හවුල්කාරිත්වය දීර්ඝ කරන බව පසුගියදා නිවේදනය කළේය. මෙම හවුල්කාරිත්වය තුළින් ශ‍්‍රී ලංකාව පුරා පිහිටි Pizza Hut මධ්‍යස්ථාන 108 ක් හරහා පාරිභෝගිකයින්ට නව්‍ය සහ ආකර්ෂණීය භෝජන අත්දැකීමක් තිළිණ කිරීමට අරමුණු කරයි. මෙයින් අදහස් කරන්නේ පාරිභෝගිකයින්ට ශ‍්‍රී ලංකාවේ ඕනෑම Pizza Hut මධ්‍යස්ථානයකින් ආහාර ලබාගන්නා විට ඔවුන්ගේ ප‍්‍රියතම Coca-Cola පානය ද භුක්ති විඳිය හැකි බවයි.

මෙම සහයෝගීතාවය තුළින් Pizza Hut හි රසවත් ආහාර සමඟ Coca-Cola හි ප‍්‍රබෝධමත් රසය ද එක් කරයි. එය හවුල්කාරිත්වයක් පමණක් නොවේ; එය හවුල් වටිනාකම් සැමරීමක් වන අතර පාරිභෝගිකයින්ට සුවිශේෂී අත්දැකීම් ලබා දීමට ගත් උත්සහයකි.

Pizza Hut සමඟ ඇති හවුල්කාරිත්වය ගැන කතා කරමින් CCBSL හි කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් පාණ්ඬේ මහතා පැවසුවේ, ”ශ‍්‍රී ලංකාව තුළ අපගේ දිගුකාලීන සබඳතාව පෙන්නුම් කරමින් Pizza Hut සමඟ අපගේ හවුල්කාරිත්වය අඛණ්ඩව කරගෙන යාමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. මෙම හවුල්කාරිත්වය තුළින් අපි, අපගේ ගනුදෙනුකරුවන්ට වඩාත් තෘප්තිමත් අත්දැකීමක් ලබාදීමට කටයුතු කරනවා.” යනුවෙනි.

Gamma Pizzakraft Lanka (Pvt) Ltd. හි ප‍්‍රධාන විධායක නිලධාරි යසා නඩරාජා මහතා ද පල කරන්නේ එවැනිම අදහසකි. ”මෙම හවුල්කාරිත්වය හරහා, අපගේ Pizza Hut ආහාර සමඟ Coca-Cola ඒකාබද්ධ කිරීමට ලැබීම ගැන සතුටු වනවා වගේම පරිපූර්ණ පීසා අත්දැකීමක් වෙනුවෙන් Coca-Cola පානය අත්‍යවශ්‍ය බව අපි විශ්වාස කරනවා. මෙම හවුල්කාරිත්වය තුළින් අපි පාරිභෝගිකයින්ට අමතක නොවන භෝජන අත්දැකීමක් තිළිණ කරනවා.”

මෙම හවුල්කාරීත්වය දීර්ඝ කිරීම තුළින් Coca-Cola Beverages Sri Lanka සහ Pizza Hut පාරිභෝගික තෘප්තියට ප‍්‍රමුඛත්වය දෙන ආකාරය ඉස්මතු කරයි. ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවා වැඩිදියුණු කිරීමේදී පාරිභෝගික ප‍්‍රතිචාරවල ඇති වැදගත්කම මෙම සමාගම් දෙකම මැනවින් හඳුනා ගනී. මෙම හවුල්කාරිත්වය හරහා පාරිභෝගික අත්දැකීමේ සෑම අංශයක්ම පාරිභෝගිකයින් අපේක්ෂා කරන ප‍්‍රමාණයෙන් ඔබ්බට යන බවට සහතික වෙමින් ඉතා වටිනා පාරිභෝගික අදහස් සහ ප‍්‍රතිචාර එක්රැස් කර ඒකාබද්ධ කරනු ඇත.

Coca-Cola Beverages Sri Lanka Limited කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් පාණ්ඬේ (වමේ සිට පස්වැන්නා) සහ Gamma Pizzakraft Lanka (Pvt) Ltd, ප‍්‍රධාන විධායක නිලධාරී යසා නඩරාජා (වමේ සිට හයවැන්නා) යන මහත්වරුන්, CCBSL සහ Pizza Hut කණ්ඩායම් සමඟින්.

 

 

පාම් තෙල් විරෝධය, විශ්වාස සහ...
2026 ආධුනික වයස් කාණ්ඩ පිහිනුම්...
இலங்கையின் எதிர்காலத்தை நோக்கி களம் அமைக்கும்...
இலங்கை மருந்தாக்கல் கைத்தொழில் சம்மேளனம் Rebuilding...
කොකා-කෝලා පදනම සහ සේවාලංකා පදනම...
Advice Lab Unveils New 13,000+...
du Signs Three-Year Agreement with...
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී...
Advice Lab Unveils New 13,000+...
du Signs Three-Year Agreement with...
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී...
2025 டிசம்பரில் இலங்கையின் ஆடை ஏற்றுமதி...