Coca-Cola Sri Lanka 2023 කි‍්‍රකට් ලෝක කුසලානයට සමගාමීව ආකර්ෂණීය Cricket Magic වැඩසටහන දියත් කරයි

Share

Share

Share

Share

2023 ICC පිරිමි ක‍්‍රිකට් ලෝක කුසලානයට සමගාමීව Coca-Cola Sri Lanka සිය නවතම සහ වඩාත් උද්වේගකර වැඩසටහන වන Coca-Cola Cricket Magic එළිදැක්වූ අතර රට පුරා සිටින ක‍්‍රිකට් ලෝලීන්ට මෙය වඩාත් ප‍්‍රීතිජනක පුවතක් විය.

250ml, 400ml, 1050 ml, සහ 1.5ml යන විවිධ ප‍්‍රමාණ වල Coca-Cola, Sprite, Fanta Orange, Fanta Portello සහ Fanta Cream Soda වැනි Coca-Cola නිෂ්පාදන මිලදී ගැනීමෙන් පාරිභෝගිකයින්ට මෙම වැඩසටහනට සහභාගී විය හැකිය. බීම බෝතලයේ ලේබලය යටින් ඇති QR කේතය ස්කෑන් කිරීමෙන් පාරිභෝගිකයන්ට Coca-Cola බෝතලය ක‍්‍රිකට් පිත්තක් ලෙස භාවිතා කිරීම සඳහා ඊට සවිකල හැකි මිටක් (bat handle) සහ බෝලයක් දිනා ගැනීමට හැකියාව ලැබෙයි. ඊට අමතරව එමගින් Pizza Hut වෙතින් නොමිලේ රසවත් garlic toast ලබා ගැනීම සඳහා වවුචර පත් දිනාගත හැකි අතර COKE කේස් (400ml කොකා කෝලා බහාලූම්), Wicket Chilly බඳුන් සහ ලෝක කුසලාන තරඟ ටිකට්පත් (තරඟ ටිකට් පත, ගුවන් ටිකට් පත, සහ නවාතැන් පහසුකම් ඇතුළුව) දිනාගැනීමට ද අවස්ථාව ලැබෙයි.

මෙම වැඩසටහන යටතේ තරඟ වල ජයග‍්‍රාහකයින් සඳහා දෛනික සහ සතිපතා වටිනා ත්‍යාග පිරිනමන අතර සියලූ දෙනාට පහසුවෙන් සහභාගී විය හැකි Spin The Wheel ක‍්‍රීඩාව සඳහා දෛනිකව ත්‍යාග ලබා දෙයි. මෙයට අමතරව, සතිපතා ත්‍යාග ලබාදෙන ක‍්‍රිකට් තේමා කරගත් තරඟ ද පවත්වයි. එමෙන්ම සහභාගිවන්නන්ට ඔවුන්ගේ ජංගම දුරකථන අංක සහ නම් සමඟ profile එකක් නිර්මාණය කළ හැකිය. සෑම Coca-Cola මිලදී ගැනීමකින්ම ඊට ලකුණු (points) උපයා ගත හැකි අතර ඒ අනුව සතිපතා ජයග‍්‍රාහකයින්ට ආකර්ෂණීය ත්‍යාග පිරිනමයි. මෙම වැඩසටහන වඩාත් උද්වේගකර වීම සඳහා ක‍්‍රීඩාවන් සතිපතා වෙනස් කරන අතර ජයග‍්‍රාහකයින්ට SMS සහ ඇමතුම් මගින් ඒ බව දැනුම් දෙනු ලැබේ. Coca-Cola Cricket Magic ශ‍්‍රී ලාංකිකයින්ට වඩාත් නවමු අත්දැකීමක් සමඟින් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ උද්වේගකරභාවය භුක්ති විඳීමට ආරාධනා කරයි. Coca-Cola Sri Lanka හා සම්බන්ධ වී මෙම Cricket Magic හි කොටස්කරුවන් වන්න!

කොන්දේසි අදාල වෙයි*

 

Sri Lanka Unlocks New Market...
Sampath Bank Launches Priority Reserve...
2025 වසරේ මැයි මස අපනයන...
Shantha Bandara Appointed President at...
கண்கவர் திருமண கனவுகளை நனவாக்க Weddings...
Capital Trust named one of...
Dankotuwa Porcelain partners Kiros Hospitality...
Samsung Reinforces Commitment to Smart...
Capital Trust named one of...
Dankotuwa Porcelain partners Kiros Hospitality...
Samsung Reinforces Commitment to Smart...
ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය...