Edura Global Education Fest 2024 වෙතින් උසස් අධ්‍යාපනික සහ වෘත්තීයමය අවස්ථාවන් රැසක් එළිදකියි

Share

Share

Share

Share

දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ අධ්‍යාපනික සහ වෘත්තියමය අවස්ථාවන් පිළිබඳ ඇති අවබෝධය පුළුල් කිරීමේ අරමුණ පෙරදැරිව මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය (OBA) Edura Global Education Fest 2024 නමින් අධ්‍යාපනික ප්‍රදර්ශනයක් සංවිධානය කරයි. ‘Global Education Fest’ තේමා කරගත් තෙදිනක් පුරා පැවැත්වෙන මෙම උත්සවය 2024 පෙබරවාරි 2 සිට 4 දක්වා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේදී පැවැත්වෙනු ඇත. රැකියා පොළක් සහ වෘත්තීය මාර්ගෝපදේශන සැසිවාරයන් Edura Global Education Fest අධ්‍යාපනික ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වේග මීට අමතරව, ඉහළ පෙළේ ලිපි ද්‍රව්‍ය සැපයුම්කරුවන් සහ පොත් ප‍්‍රකාශකයන් සහභාගී වන පොත් ප‍්‍රදර්ශනයක් ද පෙබරවාරි 2 සිට 6 දක්වා පැවැත්වීමට නියමිතය.

Edura 2024 සැලසුම් කර ඇත්තේ දේශීය හා ජාත්‍යන්තර විශ්ව විද්‍යාල, විදෙස්ගත වීමේ අවස්ථා සහ රැකියා ඇතුළුව උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳව සිසුන්ට අවබෝධයක් ලබාදීමට ය. එමෙන්ම එය ශ‍්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව රැුකියා අවස්ථා සොයා ගැනීමට මඟ විවර කරයි.

Edura 2024 හි අරමුණ වන්නේ ගෝලීය ප‍්‍රවණතාවලට ගැලපෙන පරිදි ශ‍්‍රී ලාංකික සිසුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම සහ සිසුන්ට, දෙමාපියන්ට සහ ගුරුවරුන්ට නිවැරදි වෘත්තීයමය මාවත් පිළිබඳ අදහසක් ලබාදීමයි. මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රදීප් පීරිස් මහතා අදහස් දක්වමින් පැවසුවේ Edura Global Education Fest 2024 යනු ප‍්‍රදර්ශනයකට වඩා එහා ගිය නවමු අත්දැකීමක් බවයි. මෙම අවස්ථාව හරහා සාර්ථක අනාගතයක් ගොඩනඟා ගැනීමට දැනුම සහ අවස්ථාවන් හදුනාගැනීම උදෙසා පුද්ගලයන් සවිබල ගැන්වෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අධ්‍යාපනික ප‍්‍රදර්ශනයේදී සහභාගීවන්නන්ට දේශීය හා ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනවලින් ලබාදෙන අවස්ථා පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙයි. රැකියා ප‍්‍රදර්ශනයට සහභාගිවන්නන්ව අනාගත සේවා යෝජකයන් සමඟ සම්බන්ධ කරන අතර පොත් ප‍්‍රදර්ශනය මඟින් සාධාරණ මිලකට පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකිවෙයි. 1922 දී ආරම්භ කරන ලද ශ‍්‍රී ලංකාවේ සුප‍්‍රසිද්ධ කතෝලික පාසලක් වන මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය, රටට යහපත් පුරවැසයන් දායාද කිරීමේ මෙහෙවරෙහි පෙරමුණ ගෙන සිටියි. Edura 2024 සිසුන්ට සහ දෙමාපියන්ට අධ්‍යාපනික අවස්ථා, විදෙස්ගත වීමේ අවස්ථා සහ ශිෂ්‍යත්ව පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගැනීමට කඳිම වේදිකාවක් වන බවට නොඅනුමානය.

 

Mahindra Ideal Finance நிறுவனம் மற்றும்...
Huawei’s E-band Microwave RTN 3800...
Asia-Pacific Business Leaders to Accelerate...
Beyond the Classroom: Rethinking How...
සමර්සෙට් වතුයාය, කිසිදා නොබිඳුණු උරුමයක...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Built for the Game: Carnage...