Eicher වාණිජ වාහන සඳහා පහසු ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ Senok හවුල්කාරීත්වයක

Share

Share

Share

Share

හැටන් නැෂනල් බැංකුව, ශ්‍රී ලංකාවේ Eicher වාහන සඳහා බලයලත් බෙදාහරින සමාගම වන Senok Commercial Vehicles (පුද්) සමාගම සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය මගින් පාරිභෝගිකයින්ට විශ්වසනීය වාණිජ වාහන මිලදී ගැනීම සඳහා පහසු සහ වඩාත් යෝග්‍ය ලීසිං විසඳුම් ලබා දෙයි. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවය විසින් පසුගියදා අත්සන් තබන ලද අතර රට පුරා සිටින ව්‍යාපාර හිමිකරුවන්ට සහ රථ වාහන අංගන හිමියන්ට/සමාගම්වලට වඩාත් පහසු හා දැරිය හැකි ගමනාගමන විසඳුම් ලබා දීමට උපකාර කිරීම මෙහි අරමුණයි.

කල්පැවැත්ම, ක්‍රියාකාරීත්වය සහ ඉන්ධන කාර්යක්ෂමතාව සඳහා කීර්ති නාමයක් උසුලන Eicher ශ්‍රී ලංකාවේ වාණිජ වාහන වෙළඳපොලේ ජනප්‍රිය තේරීමකි. මෙම හවුල්කාරිත්වය හරහා HNB විසින් ප්‍රවාහන හා සැපයුම් සේවා, ඉදිකිරීම්, භාණ්ඩ බෙදා හැරීම සහ මගී ප්‍රවාහනය වැනි විවිධ වාණිජ අවශ්‍යතා සපුරාලීමට ලබා දෙන විවිධ වර්ගයේ Eicher ට්‍රක් රථ සහ බස් රථ මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින්ට තරඟකාරී ලීසිං පහසුකම් ලබා දෙනු ඇත.

මෙම නව හවුල්කාරිත්වය වාණිජ වාහන මිලදී ගැනීම පහසු කිරීමේ අරමුණින් නිර්මාණය කර ඇති අතර රටේ විවිධ ප්‍රදේශවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසායකයින්ට ව්‍යාපාර ඵලදායිතාව වැඩි කිරීමට සහ ඔවුන්ගේ වාහන සමූහය තව තවත් පුළුල් කිරීමට උපකාරී වේ.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ සිල්ලර බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ “Eicher වැනි විශ්වාසදායක වාණිජ වාහන සඳහා දැරිය හැකි සහ හොඳින් සැලසුම් කරන ලද ලීසිං විසඳුම් ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට සහාය වීමට ලැබීම පිළිබඳව අප සතුටු වනවා. Senok සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා ව්‍යාපාරහිමියන්ට ඔවුන්ගේ ව්‍යාපාර කාර්යක්ෂමව වර්ධනය කර ගැනීමට හැකියාව ලබා දෙමින් අපගේ පාරිභෝගික ජනතාවට ප්‍රමුඛතාව ලබා දෙන සේවාව සහ ආරම්භයේ සිට අවසානය දක්වා සම්පූර්ණ සහාය ලබා දීමට ද හැකි වනවා.” යනුවෙනි.

“HNB සමඟ අපගේ හවුල්කාරිත්වය ශ්‍රී ලාංකික ව්‍යාපාර ශක්තිමත් කිරීමේ අප ආයතන දෙකෙහිම ඒකායන අරමුණ පෙන්නුම් කරනවා. Eicher හි විශ්වසනීයත්වය සහ මූල්‍යකරණයේ HNB සතු අත්දැකීම් සමඟින්, වාණිජ වාහන අවශ්‍ය පාරිභෝගිකයින්ට මෙම හවුල්කාරිත්වය විශිෂ්ට වටිනාකමක් ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.’’ යනුවෙන් Senok Commercial Vehicles (පුද්) සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ රන්ජන් දහනායක මහතා පැවසීය.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...