FitsAir නියමිත වේලාවට කටයුතු කරන ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය බවට පත් වෙයි

Share

Share

Share

Share

2023 අගෝස්තු 28 , කොළඹ – Aberdeen Holdings අනුබද්ධ, පුද්ගලික හිමිකාරීත්වය සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම අඩු වියදම් ගුවන් සේවාව වන FitsAir ආසියානු කලාපයේ නියමිත වේලාවට සේවාවන් සලසන ගුවන් සේවාව ලෙස පසුගියදා තේරී පත් විය. ජාත්‍යන්තර ගුවන් ගමන් ජාලය තුළ 100% ක නියමිත වේලාවට කටයුතු කිරීමේ විශිෂ්ටත්වය වෙනුවෙන් 2023 ජූලි මාසයේදී හිමි කර ගනු ලැබූ එම ගෞරවය හරහා ගුවන් සේවා ක්ෂේත්‍රයේ සමකාලීන සේවාවන් අභිබවා යමින් කීර්තිමත් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට FitsAir සමාගමට හැකියාව උදා විය.

ලොව පිළිගත් ගෝලීය ගුවන් සේවා විශ්ලේෂණ සමාගමක් වන Cirium විසින් ඉතා සුපරික්ෂාකාරී අයුරින් සිදු කරන ලද ජූලි මස කාර්ය සාධන වාර්තාව තුළින් ඉහළම ස්ථානයක ශ්‍රේණි ගත කිරීම තුළින් සිය මගීන්ට සුවපහසු ගමනාගමන අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් නියමිත වේලාවට ගුවන් ගමන් සිදු කිරීම සඳහා වන FitsAir සමාගමේ කැපවීම යළිත් තහවුරු කිරීමට සමත් විය’

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් FitsAir සමාගමේ විධායක අධ්‍යක්ෂක අමාර් කසීම් මහතා සඳහන් කර සිටියේ “ මගීන් හට කරදරයකින් තොරව පහසුවෙන් ගමන් කිරීමට මෙන්ම නියමිත වේලාවට ගුවන් සේවාවන් ක්‍රියාත්මක කිරීම සඳහා අප නිරන්තරයෙන් කැපවී කටයුතු කරනවා. අපගේ එම අරමුණ සාර්ථකව ජය ගැනීම වෙනුවෙන් සෑම දිනකම, සෑම මොහොතකම කටයුතු කර ඇති අප ජූලි මස ශ්‍රේණිගත කිරීම තුළින් ඇගයීමට ලක් කිරීම පිළිබඳව ඉතාමත් සතුටුයි. යනුවෙනි.

FitsAir 2022 වසරේදී සිය ජාත්‍යන්තර මගී ගුවන් සේවා ආරම්භ කරනු ලැබුවේ සැමට දැරිය හැකි මිලකට, සුවපහසු විකල්ප ගමනාගමන සේවාවක් සපයා දීම වෙනුවෙනි. අද වන විට FitsAir හි ගුවන් සේවාවන් වෙනුවෙන් වන ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවතින්නේ දැරිය හැකි මිල සහ මඟී ජනතාව වෙනුවෙන් ලබා දෙන සුවපහසු සේවාව හේතුවෙනි. මේ වන විට චෙන්නායි, ඩුබායි සහ මාලදිවයින වෙත පියාසර කරන ත්‍සඑි්සර නුදුරේදීම සිය ගමනාන්ත ලැයිස්තුව තව දුරටත් පුළුල් කිරීමටද අරමුණු කොට ගෙන ඇත.

www.fitsair.com වෙත පිවිසීම තුළින් FitsAir හි ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමට හෝ ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීමට හැකි වන අතර (+94) 117 940 940 හෝ WhatsApp (+94) 777 811 118 යන පාරිභෝගික සේවා අංක ඇමතීමෙන්ද තොරතුරු දැන ගත හැකිය.

Y%S ,xldfõ úúO jHdmdrhka yd iïnkaO iuQy jHdmdrhla jk Aberdeen Holdings ys Yla;sh FitsAirys fuu ch.%yKfha moku f,i i`oyka l< yelsh’ Aberdeen Holdings ys fuu Yla;su;a moku ksidu furg .=jka fiajd lafIa;%fha m%uqLhl= f,i ish ia:djrh ;j ÿrg;a Yla;su;a lrñka FitsAir, .=jka fiajd lafIa;%fha Wkak;sh fjkqfjka ;j ÿrg;a odhl jkq we;’

ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපාරයන් හා සම්බන්ධ සමූහ ව්‍යාපාරයක් වන Aberdeen Holdings හි ශක්තිය FitsAirහි මෙම ජයග්‍රහණයේ පදනම ලෙස සඳහන් කළ හැකිය. Aberdeen Holdings හි මෙම ශක්තිමත් පදනම නිසාම මෙරට ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස සිය ස්ථාවරය තව දුරටත් ශක්තිමත් කරමින් FitsAir, ගුවන් සේවා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් තව දුරටත් දායක වනු ඇත.

අවසන්

FitsAir පිළිබඳව

1997 වසරේදී එයාර් කාගෝ ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කළ FitsAir ගුවන් සේවා ක්ෂේත්‍රයේ දශක ගණනාවක පළපුරුද්ද හා ගුවන් ගමන් වාර දහස් ගණනක් සමඟින් ශ්‍රී ලංකාවෙන් පිටත නියමිත ජාත්‍යන්තර මගී ගුවන් සේවා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් නම් කරන ලද ප්‍රථම පුද්ගලික ගුවන් ගමන් සමාගම බවට පත් විය. අති නවීන A320 ගුවන් යානා සමූහයක් තුළින් සිය විශිෂ්ට සේවාව සළසා දෙන මගීන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කිරීමට කටයුතු කර ඇත්තේ උසස්ම තත්වයේ සේවාවක්ද ඔවුන් වෙත ලබා දෙමිනි. විවිධ ව්‍යාපාරයන් හා සම්බන්ධ ශ්‍රී ලාංකේය සමූහ ව්‍යාපාරයක් වන Aberdeen Holdings හි අනුබද්ධ සමාගමක් ලෙස FitsAir හඳුන්වා දිය හැකිය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...