GenAI හි තාක්ෂණික දෝෂ ආයතනික සයිබර් ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව බහුතරයක් තොරතුරු තාක්ෂණ නායකයින් පෙන්වා දෙයි

Share

Share

Share

Share

සයිබර් ප්‍රහාරවලට එරෙහිව සටන් කරමින් ඒවා පරාජය කිරීම සඳහා නවතම ආරක්ෂණ විසඳුම් පිළිබඳ ගෝලීය ප්‍රමුඛයකු වන Sophos නවතම වාර්තාවක් පසුගියදා නිකුත් කළේය- භාවිත කරනු ලබන තොරතුරු, තාක්ෂණ නායකයින් 400 දෙනෙකු අතර සිදු කළ සමීක්ෂණයක් අනුව ‘සයිබර් ආරක්ෂාව සඳහා වන AI හි ව්‍යාපාර යථාර්තය’ නම් වූ එම වාර්තාව නිකුත් කිරීමට Sophos මෙහිදී කටයුතු කර තිබිණ. එහිදී හෙලි වූ කරුණු අනුව 65%ක ප්‍රමාණයක් කෘතිම බුද්ධිය උපයෝගී කර ගෙන ඇති අතර 89%ක ප්‍රමාණයක් GenAI සයිබර් ආරක්ෂණ මෙවලම් හේතුවෙන් තම ආයතනයට බලපෑම් ඇති විය හැකි බවට කණගාටුව පළ කරන බව අනාවරණය විය.

මීට අමතරව නව Sophos X-Ops විසින් පර්යේෂණයට අනුව ‘සයිබර් අපරාධකරුවන් තවමත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වී නොමැත’ යන තේමාවෙන් නිකුත් කරන ලද වාර්තාව තුළින් සයිබර් අපරාධකරුවන් AI භාවිත කරන ආකාරයේ සැලකිය යුතු වෙනසක් සිදුව ඇති බව පෙන්වා දෙයි. ඒ හා සම්බන්ධ බිම්ගත සබඳතා කිහිපයක් පිළිබඳ විමර්ශනය කිරීමෙන් පසු GenAI පිළිබඳව අපරාධකරුවන් තුළ තවමත් සැකයක් පවතින බවත් සමහර අපරාධකරුවන් ඊමේල් ගොනුවක් සැකසීම හා දත්ත විශ්ලේෂණය කිරීම වැනි කාර්යයන් ස්වයංක්‍රීයව සිදු කිරීමට භාවිත කරනු ලබන බව Sophos X-Ops විසින් සොයා ගන්නා ලදී. තවත් පිරිසක් එය spam කිරීම හා සමාජ මාධ්‍ය ඉංජිනේරු මෙවලම් වෙත ඇතුළත් කිරීමටද කටයුතු කරන බව මෙහිදී හෙලි විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Sophos හි ගෝලීය මෙහෙයුම් ප්‍රධාන තාක්ෂණ නිලධාරී Chester Wisniewski මහතා “ජීවිතයේ වෙනත් බොහෝ දේ මෙන්ම AI මෙවලම් සම්බන්ධයෙන්ද විශ්වාසය තහවුරු විය යුතුයි. අපි යන්ත්‍රවලට සිතීමේ හැකියාව ලබා නොදුන්නද විශාල දත්ත ප්‍රමාණයක් සැකසීමේදී වේගවත් කිරීමේ අවස්ථාව උදා කර දී තිබෙනවා. එහිදී ආරක්ෂාව සම්බන්ධයෙන් වන කාර්යභාරය වේගවත් කිරීමට විශ්මයජනක අයුරින් යොදා ගත හැකි මෙම මෙවලම් හි ප්‍රතිලාභ සාක්ෂාත් කර ගැනීම සඳහා ඒ පිළිබඳව වැඩි අවබෝධයක් ඔවුන්ට තිබිය යුතුයි.” යනුවෙන් පැවසීය.

සමීක්ෂණයට ලක් කරන ලද ආයතනවලින් 98%ක සයිබර් ආරක්ෂණ යටිතල පහසුකම් ව්‍යුහය තුළ යම් ආකාරයක AI සම්බන්ධ වීමත් සමඟ AI මත අධික ලෙස යැපීම පිළිබඳව තාක්ෂණික නායකයින් කණස්සල්ල පළ කරන ලදී. එහිදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 87%ක් ප්‍රකාශ කර සිටියේ සයිබර් ආරක්ෂාව පිළිබඳ වගවීමක් නොමැතිකම පිළිබඳ සැලකිලිමත් වන බවයි.

TikTok වේදිකාව තුලින් ලොවක් මවිත...
Vision AI தொழில்நுட்பத்துடன் கூடிய புதிய...
JEWELS 2026 සඳහා එක්වන ලෙස...
පොත් ප්‍රදර්ශනයට ගිහින් හොඳම පොත්...
CFW Couture + Trousseau 2026...
Softlogic Life Achieves ISO/IEC 27001:2022...
Solutions Ground Disrupts Sri Lanka’s...
2026 ஸ்ரீலங்கா AI வாரத்தில் 18...
Softlogic Life Achieves ISO/IEC 27001:2022...
Solutions Ground Disrupts Sri Lanka’s...
2026 ஸ்ரீலங்கா AI வாரத்தில் 18...
இசை, நீர் விளையாட்டுக்களுடன் பாணந்துறையை அதிரவைக்க...