Haycarb, අගය එකතු කිරීමේ නිෂ්පාදන වෙනුවෙන් 2023 Asia Integrated Reporting සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ අංක 1 සමාගම් සමූහය වන හේලීස් සමූහයට අයත් සක්‍රීය කාබන් නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයා වන Haycarb PLC 9 වැනි Asia Integrated Reporting සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. Haycarb PLC විසින් එසේ දිනා ගනු ලැබුවේ එම සම්මාන උළෙලේ අගය නිර්මාණය කිරීමේ අංශය සඳහා වූ රන් සම්මානයයි.

තිරසාර උපදේශනය, පුහුණුව හා නායකත්ව අදහස් පිළිබඳ කලාපීය ප්‍රමුඛයකු වන CSR Works International විසින් විනිවිදභාවය, සමූහ අදහස් හා වටිනාකම් නිර්මාණය සහිත වාර්තාවන් ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් වාර්ෂිකව Asia Integrated Reporting සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.

‘අපෙන් හොඳම දේ ලෝකයට’ (Our Best to the World) යන මාතෘතාව යටතේ නිර්මාණය කරන ලද Haycarb හි වාර්ෂික වාර්තාව සමූහයේ මූල්‍ය, සමාජීය, පාරිසරික හා පාලන අංශයන්හි විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමට සමත්ව ඇත්තේ පාර්ශ්වකරුවන්ගේ වටිනාකම් නිර්මාණය සඳහා එහි කැපවීම මනාව ප්‍රදර්ශනය කරමිනි. පවිත්‍රකරණය සහ බලශක්ති ගබඩාකරණ විසඳුම් සඳහා ගෝලීය මට්ටමේ සක්‍රීය කාබන් සපයනු ලබන Haycarb තිරසාර නවෝත්පාදන හා අගය එකතු කිරීමේ සුවිශේෂී නිර්මාණයන් සමඟින් තාක්ෂණික නිර්මාණයන් හා පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් කැපවී කටයුතු කරයි. සමූහයේ මූලික වටිනාකම් සමඟ මනාව ගැලපෙන Haycarb හි වාර්ෂික වාර්තාව තුළින් මූල්‍ය හා මූල්‍ය නොවන වාර්තාකරණ ප්‍රමීතීන් ආරක්ෂා කිරීමට කටයුතු කර තිබීමද එහි තවත් විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය.

Haycarb විසින් හිමිකරගනු ලැබූ මෙම සම්මානය පිළිබඳව අදහස් දැක්වූ හේලීස්හි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා සඳහන් කර සිටියේ “Haycarb විසින් අත්පත් කරගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ ඉතාමත් ආඩම්බර වනවා. මෙම සම්මානය තුළින් Haycarb හි වාර්තාකරණ විශිෂ්ටත්වය හා ගෙවුණු 50 වසර තුළ ඔවුන් විසින් කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් සිදු කළ පුරෝගාමී මෙහෙවර අගය කිරීමට කටයුතු කර ඇති බව සඳහන් කළ හැකියි” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ CSR Works International හි කළමනාකාර අධ්‍යක්ෂ රාජේෂ් චබ්රා මහතා පැවසුවේ “Haycarb විසින් දිනා ගනු ලැබූ රන් සම්මානය වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. ඔවුන් විසින් ඉදිරිපත් කර තිබූ වාර්ෂික වාර්තාව ඒකාබද්ධ වාර්තාකරණයේ මෙන්ම නායකත්ව ආදර්ශයන් හා බහු ප්‍රාග්ධන සැලසුමක් තුළින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන බව සඳහන් කළ හැකියි. මෙම සම්මානය තුළින් අගය එකතු කිරීම හා තිරසාර නවෝත්පාදනය වෙනුවෙන් ඔවුන්ගේ නොසැලෙන කැපවීම මනාව ඉස්මතු කරයි. සෑම විටම නව්‍යකරණය තුළින් ඉදිරියට යාමට කටයුතු කරන ඔවුන් මෙම ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව ඉදිරියට යමින් තවත් බොහෝ දේ සිදු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Haycarb හි කළමනාකාර අධ්‍යක්ෂ රජිත කාරියවසන් මහතා සඳහන් කර සිටියේ මෙවැන්නකි.

“අපගේ මෙහෙවරේ අරමුණ වන වටිනාකම් නිර්මාණය කිරීම සඳහා කැප වන අප තරඟකාරී ආයතන අතර විශිෂ්ට ආයතනයක් ලෙස සම්මානයට පාත්‍ර වීම අප ලද සුවිසල් ගෞරවයක් කොට සැලකිය හැකියි. වටිනාකම් නිර්මාණය කිරීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන අපගේ සේවක මණ්ඩලය විශිෂ්ට නිෂ්පාදන හා තාක්ෂණික සේවාවන්හි සිට ස්වභාවික සම්පත් සුරැකීම හා පාර්ශවකරුවන් නගා සිටුවීම දක්වා විවිධ අයුරින් සිය අපරිමිත දායකත්වය ලබා දීමට කටයුතු කරනවා.”

සිය තිරසාර සැලසුම වන ACTIVATE හරහා වටිනාකම් නිර්මාණය කිරීම සඳහා Haycarb කටයුතු කර ඇත. Haycarb හි 50 වන සංවත්සරයට සමගාමීව දියත් කරනු ලැබූ එම සැලසුම යටතේ ආයතනයේ පාරිසරික, සමාජීය සහ පාලන මූලධර්මයන් එක අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක කරවීම ඔවුන්ගේ අරමුණයි.

තවද ACTIVATE සැලසුම හරහා පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීම, තිරසාර ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම, කාබන් විමෝචනය අවම කිරීම, සේවක යහ පැවැත්ම හා පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම, ප්‍රජා සවිබල ගැන්වීම හා තිරසාර නවෝත්පාදනය ඇතුළු ඉලක්ක රැසක් සපුරා ගැනීමට Haycarb බලාපොරොත්තු වේ. මේ තුළින් ඔවුන්ගේ පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා සමතුලිත වීම, අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම් ඵලදායී ලෙස ඉටු කිරීම සහ පාරිසරික, සමාජීය හා පාලන අවදානම් මනා ලෙස කළමනාකරණය කර ගැනීමට ඔවුන් කටයුතු කරයි.

හේලීස් සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතාගේ හා Haycarb කළමනාකාර අධ්‍යක්ෂ රජිත කාරියවසන් මහතාගේ මඟ පෙන්වීම යටතේ සිය සුවිශේෂී කඩයිම් සනිටුහන් කිරීමට නිරන්තරයෙන් උත්සාහ කර ඇති Haycarb හි විධායක අධ්‍යක්ෂවරුන් වන ජීවනී අබේරත්න, උදය කුමාර, අලි කාදර්බෝයි, ජේම්ස් නේලර් යන මහත්ම මහත්මීන් හා කළමනාකරණ කණ්ඩායම සමඟ එක්ව එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ බ්‍රාහ්මන් බාලරත්නරාජා මහතා විසින් ආයතනික තිරසාරත්වය උදෙසා කැපවී සිටින්නේ ‘Activate’ සැලසුම මනා ලෙස කළමනාකරණය කරමිනි.

Haycarb යනු ශ්‍රී ලංකාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන හා ඇමෙරිකාව, බි්‍රතාන්‍ය හා ඕස්ටේ්‍රලියාව තුළ අලෙවි කාර්යාල පවත්වාගෙන යන පොල් කටු භාවිත කරමින් ඉහළ ගුණාත්මකභාවයකින් යුතු සක්‍රීය කාබන් නිපදවන ලෝකයේ ඉදිරියෙන් සිටින සමාගමකි. ජල හා වායු පිරිපහදු කටයුතු, ඖෂධ, බැටරි තාක්ෂණය, රූපලාවණ්‍ය කටයුතු, රත්‍රන් නිස්සාරණය වැනි විවිධ ක්‍රියාවලි සඳහා මෙම සමාගම විසින් සක්‍රීය කාබන් නිපදවන අතර එමගින් විශාල විදේශ විනිමයක් අප රටට උපයා දේ.

 

 

ஜனாதிபதி தேர்தலுக்கு முன்னதாக தேர்தல் ஒத்துழைப்பு...
Sunlight’s ‘Manudamin Wadiyamak’ Campaign Inspires...
TikTok ஏற்பாட்டில் இலங்கையில் நடைபெற்ற சிறு...
HNB Finance wins Silver at...
සොෆ්ට්ලොජික් ලයිෆ් රුපියල් බිලියන 14.5ක...
TikTok Shares Election Integrity Measures...
සුව දිවිය පදනම සහ McKinsey...
TikTok ශ්‍රී ලංකාවේ සුළු හා...
TikTok Shares Election Integrity Measures...
සුව දිවිය පදනම සහ McKinsey...
TikTok ශ්‍රී ලංකාවේ සුළු හා...
ஆறு மாதங்களில் 16.2 பில்லியன் ரூபா...