Haycarb PLC සිය 50 වැනි සංවත්සරයට සමගාමීව නවතම ESG සැලැස්මක් වන “ACTIVATE” දියත් කරයි

Share

Share

Share

Share

ඉහළ වටිනාකමක් ඇති පොල් කටු සක‍්‍රීය කාබන් නිෂ්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා සහ හේලීස් සමූහයේ සාමාජිකයෙකු වන Haycarb PLC සිය පනස් වන සංවත්සරයට සමගාමීව “ACTIVATE” නමින් නව ESG සැලැස්මක් හඳුන්වා දී ඇත.

Hayleys සමූහයේ ESG අභිලාෂයන් සහ 2030 සඳහා මාර්ග සිතියම ප‍්‍රකාශ කරන Hayleys Lifecode යටතේ දක්වා ඇති පුළුල් ඉලක්ක වලට අනුකූලව, සමාගමේ උපාය මාර්ග, කි‍්‍රයාවලි සහ ව්‍යාපාරික මෙහෙයුම් හරහා පාරිසරික, සමාජීය සහ පාලන (ESG) සලකා බැලීම් ඒකාබද්ධ කිරීම සඳහා ACTIVATE දැක්මක් ඉදිරිපත් කරයි.

ACTIVATE ප‍්‍රධාන මූලධර්ම පහක් මත ගොඩනගා ඇත. එනම් ප‍්‍රතිෂ්ඨාපනය, ප‍්‍රබෝධමත් කිරීම, උද්දීපනය, ඉහළ නැංවීම සහ නවෝත්පාදනයයි. මෙය පරිසරය, සේවකයින්, ගනුදෙනුකරුවන්, ප‍්‍රජාවන් සහ එහි නිෂ්පාදන ආදී වූ Haycarb ඉ හි වටිනාකම් දාමයේ සියලූම අංශ වලට තිරසාර වටිනාකමක් ලබාදීමට නිශ්චිත සහ පැහැදිලි මාර්ගයක් සපයයි.

ACTIVATE හරහා Haycarb, විසින් 2030 වන විට සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ඉලක්ක අවධාරණය කර ඇත. මෙම ඉලක්කවලට ඔවුන්ගේ පුනර්ජනනීය බලශක්ති සම්පත් භාවිතය 50% කින් වැඩි කිරීම, අමුද්‍රව්‍ය සඳහා 25% තිරසාර ඇසුරුම් භාවිතා කිරීම සහ ඔවුන් පරිභෝජනය කරන ජලයෙන් 10% වැඩි ප‍්‍රමාණයක් තිරසාර ලෙස ලබා ගැනීම ආදිය ඇතුළත් වේ. අපද්‍රව්‍ය සැලකිය යුතු ලෙස අඩු කිරීම, ජලය නැවත භාවිතය සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම සහ ඔවුන්ගේ බලශක්ති භාවිතය අඩු කිරීමට ද ඔවුන් සැලසුම් කරයි. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා, Scope 1 සහ Scope 2 කාණ්ඩ යටතේ ඔවුන්ගේ හරිතාගාර වායු විමෝචනය 25% කින් අඩු කිරීමට ද සමාගම අපේක්ෂා කරයි.

පසුගිය වසර 50 තුළ, Haycarb තිරසාර නවෝත්පාදනයන්හි ඉදිරියෙන්ම සිටී. පොල් කර්මාන්තයෙන් අතුරු නිෂපාදනයක් ලෙස ජනනය කරන ලද පුනර්ජනනීය ද්‍රව්‍යයක් අනාගතය සඳහා තිරසාර නිෂ්පාදන පරාසයක් බවට පත් කිරීම කෙරෙහි ඔවුන් අවධානය යොමු කර ඇත. මෙම ප‍්‍රවේශය චක‍්‍රීය ආර්ථිකයක් පිළිබඳ අදහස මූර්තිමත් කරන අතර පාරිසරික, සමාජීය සහ පාලන (ESG) වටිනාකම් සඳහා ඔවුන්ගේ දැඩි කැපවීම ප‍්‍රදර්ශනය කරයි.

Haycarb PLC සහ සිය මව් සමාගම වන Hayleys PLC හි සභාපති මොහාන් පණ්ඩිතගේ, ACTIVATE දියත් කිරීම සහ ඔවුන්ගේ ESG ප‍්‍රයත්නවල ප‍්‍රගතියක් ලබා ගැනීම වෙනුවෙන් වූ කණ්ඩායමේ කැපවීම අගය කළේය.

ACTIVATE වැඩසටහන දියත් කිරීම කොළඹ පිහිටි Haycarb හි ප‍්‍රධාන කාර්යාලයේදී සිදුවූ අතර මෙම අවස්ථාවට Haycarb හි ගෝලීය නියෝජිතයන් ශ‍්‍රී ලංකාව, තායිලන්තය සහ ඉන්දුනීසියාවේ නිෂ්පාදන කර්මාන්තශාලාවල මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ටේ‍්‍රලියාවේ ඔවුන්ගේ අලෙවිකරණ කාර්යාලවල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

”ලෝකය සක‍්‍රීයව තිරසාර විසඳුම් සොයමින් සිටින අතර පාරිසරික, සමාජීය සහ පාලන (ESG) මූලධර්ම මගින් මෙහෙයවනු ලබන යෙදවුම් අපගේ අනාගතය සඳහා වඩාත් වැදගත් වෙනවා. Haycarb හරිත විකල්ප ඉල්ලා සිටින සහ කාබන් මධ්‍යස්ථභාවය සඳහා සක‍්‍රියව උත්සාහ කරන ගෝලීය පාරිභෝගික පදනමකට සේවය කරනවා. එය අපට ආඩම්බරයක්. තවද අපගේ අවධානය යොමු වන්නේ අභ්‍යන්තර පර්යේෂණ සහ සංවර්ධනය මගින් පෝෂණය වන තිරසාර නවෝත්පාදන සහ ESG කේන්ද්‍ර කරගත් අපගේ කළමනාකරණ මෙහෙයුම් වෙතයි. ACTIVATE දියත් කිරීම ගෝලීය ප‍්‍රතිලාභ සඳහා සක‍්‍රිය කාබන් වගකීමෙන් යුතුව භාවිතා කිරීමේ අපගේ ගමනේ ප‍්‍රධාන සන්ධිස්ථානයක්. එය ආරම්භයක් පමණක් වන අතර එය සියලූ කර්මාන්ත සඳහා ප‍්‍රමිතිය බවට පත්විය යුතුයි.” යනුවෙන් Haycarb PLC හි කළමනාකාර අධ්‍යක්ෂ රාජිත කාරියවසන් මහතා පැවසීය.

ACTIVATE ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රමිතීන් සමඟ පෙළගැසී උපාය මාර්ගයක් ලෙස ක‍්‍රියා කරන අතර මෙය Haycarb හි තිරසාරත්වය සඳහා ඇති දැඩි කැපවීම අවධාරණය කරයි. ඒකාබද්ධ වාර්තාකරණය (IR), ගෝලීය වාර්තාකරණ මුලපිරීම (GRI), දේශගුණය ආශ‍්‍රිත මූල්‍ය හෙළිදරව් කිරීම් පිළිබඳ කාර්ය සාධක බලකාය (TCFD) සහ UN තිරසාර සංවර්ධන ඉලක්ක ^SDGs& වැනි වැදගත් මාර්ගෝපදේශ වලට අනුකූලව ACTIVATE ආචාරධාර්මික මිණුම් ලකුණක් ද ස්ථාපිත කරයි. ව්‍යාපාර පිළිවෙත්. විනිවිදභාවය සහ වගවීම කෙරෙහි අවධානය යොමු කර ඇති මෙම පරිවර්තනීය මුලපිරීම Haycarb සඳහා ධනාත්මක ප‍්‍රතිඵල ඇති කරනවා පමණක් නොව සමාගම් වලට වඩාත් වගකිවයුතු ESG සහ තිරසාර ප‍්‍රවේශයන් අනුගමනය කිරීමට ද දිරිමත් කරයි.

 

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...