HEINEKEN Lanka හි විකුණුම් සහ අලෙවි අධ්‍යක්ෂ ලෙස චමින්ද රාජපක්ෂ මහතා පත් වෙයි

Share

Share

Share

Share

2023 අගෝස්තු 28, කොළඹ – HEINEKEN Lanka හි විකුණුම් හා වෙළෙඳ අලෙවිකරණ අධ්‍යක්ෂවරයා ලෙස, චමින්ද රාජපක්ෂ මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. එම පත් කිරීමත් සමඟ චමින්ද රාජපක්ෂ මහතා HEINEKEN හි කළමනාකාර අධ්‍යක්ෂිකා Maud Meijboom-van Wel විසින් මෙහෙයවනු ලබන කළමනාකරණ කණ්ඩායමට එක් වනු ඇත.

මෙම පත් කිරීම පිළිබඳ අදහස් දැක්වූ HEINEKENහි කළමනාකාර අධ්‍යක්ෂිකා Meijboom-van Wel මහත්මිය සඳහන් කර සිටියේ “චමින්ද රාජපක්ෂ HEINEKEN Lanka කළමනාකරණ කණ්ඩායමට සාදරයෙන් පිළිගනු ලබනවා. සාර්ථකත්වය වෙනුවෙන් වෙහෙසී කටයුතු කිරීම හා භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන් ඔහු දක්වා ඇති විශිෂ්ටත්වය, අපගේ HEINEKEN EverGreen උපාය මාර්ගය තව දුරටත් ඉදිරියට ගෙන යාමට දායක වනු ඇත. විශේෂයෙන් දිගු කාලීන තිරසාර වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා පාරිභෝගිකයින් වෙත සතුටක් ලබා දීමට අප කටයුතු කරන බැවින් ඒ සඳහා ඔහුගේ නායකත්වය යටතේ උසස් හා සමබර වර්ධනයක් පවත්වාගෙන යනු ඇතැයි මම විශ්වාස කරනවා” යනුවෙනි.

ක්ෂේත්‍රය තුළ දශක දෙකක අත්දැකීම් සහිත පළපුරුදු විකුණුම් ප්‍රවීණයකු වන චමින්ද විකුණුම් අංශයේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරු රැසක් හොබවා ඇති අතර, විශාල කණ්ඩායම් සඳහා නායකත්වය ලබා දෙමින්, විකූණුම් වෙළෙඳපොල මනාව කළමනාකරණය කිරීමට කටයුතු කොට ඇත.

අවසන්

HEINEKEN Lanka Limited පිළිබඳව

නෙදර්ලන්තය ප්‍රධාන කොට ගත් HEINEKEN සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් ලෙස HEINEKEN Lanka සමාගම හඳුන්වා දිය හැකිය. ලෝකයේ වඩාත් ජනප්‍රිය සන්නාමයක් වන HEINEKEN ලොව හොඳම බියර් හා සයිඩර් සන්නාමයන්හි නිෂ්පාදකයා හා අලෙවිකරුවා වේ. මාවතගමදී සිය නිෂ්පාදන සිදු කරනු ලබන HEINEKEN Lanka සමාගම 370 කට අධික පිරිසක් වෙත ඍජු රැකියා අවස්ථා උරුම කර දී ඇති අතර පිළිගත් සන්නාම 5ක් බෙදාහරිනු ලබයි.

 

 

 

Sunshine Holdings records LKR 48.9...
Huawei Hosts the 1st Global...
Sunshine Foundation for Good strengthens...
வரலாற்று சிறப்புமிக்க காலியில் LANKATILES தனது...
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
මෙරට ඉංජිනේරු අධ්යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක්...