HNB කෘෂි යන්ත්‍රෝපකරණ පහසු මිලට ලබා දීම සඳහා DIMO Agribusinesses සමඟ එක් වෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන DIMO හි කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. ඒ කෘෂිකර්මාන්තය සඳහා අවැසි යන්ත්‍රෝපකරණ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් හා පැකේජ ලබා දීම අරමුණු කර ගනිමිනි.

මෙම සහයෝගීතාව තුළින් සිය පාරිභෝගිකයින් වෙත අවම පොලී අනුපාත, නම්‍යශීලී ආපසු ගෙවීම් ක්‍රම මෙන්ම කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා සුවිශේෂී වට්ටම් ඇතුළු ප්‍රතිලාභ සහ පහසුකම් ලබා දීමට HNB සහ DIMO Agribusinesses කටයුතු කරනු ඇත. ඒ තුළින් දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා සහයෝගය ලබා දීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

මෙම සහයෝගීතාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා “DIMO Agribusinesses සමඟ වන අපගේ සහයෝගීතාව තව දුරටත් ඉදිරියට ගෙන යාමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මේ තුළින් කෘෂිකාර්මික ප්‍රජාව බලගැන්වීම වෙනුවෙන් ට්‍රැක්ටර් සහ හාවස්ටර් යන්ත්‍ර සඳහා ප්‍රවර්ධන කාල සීමාවන් තුළ සුවිශේෂී පොලී අනුපාත සමඟින් නව්‍ය ලීසිං විසඳුම් ලබා දීමට කටයුතු කරමින් මෙම සහයෝගීතාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට අපි කටයුතු කරනවා. ගොවි සවිය යෝජනා ක්‍රමය වසර අවසානය තෙක් පවත්වාගෙන යාමට අමතරව DIMO Agribusinesses සමඟ එක්ව ගොවීන් සඳහා නොමිලේ කෘෂි උපකරණ කට්ටල ලබා දීම හා අලෙවියෙන් පසු විශිෂ්ට සේවය තුළින් මෙරට කෘෂිකාර්මික ඵලදායීතාව ඉහළ නැංවීමත්, ගොවි ජනතාවට සමෘද්ධිමත් හෙට දවසක් උදා කිරීමත් අපගේ අරමුණයි” යනුවෙන් පැවසුවේය-

මේ යටතේ HNB විසින් නවතම මහින්ද්‍රා සහ ස්වරාජ් ට්‍රැක්ටර් මෙන්ම CLAAS සහ Lovol සඳහා ලීසිං පහසුකම් ලබා දෙනු ඇත. පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් මෙම ලීසිං පහසුකම්හිදී නොමිලේ ලබා දෙන අගය එකතු කළ Prestige Prime ක්‍රෙඩිට් කාඩ්පත හරහා පුළුල් පරාසයක වට්ටම් හා ආකර්ෂණීය දීමනා අත් විඳීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා වේ. එසේම මෙම සහයෝගීතාවය යටතේ HNB General Insurance විසින් ආකර්ෂණිීය වට්ටම් සහිත වාහන රක්ෂණ වාරික ගෙවීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා කර දී ඇති අතර හදිසි අනතුරු හේතුවෙන් ඇති වන මරණ සඳහා රුපියල් මිලියන 4.5ක රක්ෂණාවරණයක්ද ස්වාභාවික මරණයකදී රුපියල් 600,000ක රක්ෂණාවරණයක්ද මෙම සහයෝගීතාවය යටතේ ගොවීන් වෙත ලබා දීමට කටයුතු කරනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ DIMO හි විධායක අධ්‍යක්ෂක සහ DIMO සමූහයේ කෘෂි යන්ත්‍රෝපකරණ අංශය අධීක්ෂණය කරන රජීව් පණ්ඩිතගේ මහතා පැවසුවේ “කාෂිකාර්මික ක්ෂේත්‍රයේ ලාභය හා ඵලදායීත්වය ඉහළ නැංවීම සඳහා අති නවීන තාක්ෂණය භාවිතය හා කෘෂි යන්ත්‍රෝපකරණ වැඩි දියුණු කිරීම ඉතා වැදගත් වනවා. HNB සමඟ වන මෙම හවුල්කාරීත්වය තුළින් නවීන තාක්ෂණය, ඔවුන්ට ගැලපෙන මූල්‍ය සේවාවන් මෙන්ම කෘෂි උපකරණ සපයා ගැනීමට අවස්ථාව උදා වනවා” යනුවෙනි.

HNB හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත (වමේ සිට සය වැන්නා) සහ DIMO සභාපති රංජිත් පටබැඳිගේ (වමේ සිට හත් වැන්නා) යන මහත්වරුන් විසින් අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගනිමින්. HNB සහ DIMO සමූහයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ද මෙම ඡායාරූපයේ වෙයි.

 

Sri Lanka Unlocks New Market...
Sampath Bank Launches Priority Reserve...
2025 වසරේ මැයි මස අපනයන...
Shantha Bandara Appointed President at...
கண்கவர் திருமண கனவுகளை நனவாக்க Weddings...
Capital Trust named one of...
Dankotuwa Porcelain partners Kiros Hospitality...
Samsung Reinforces Commitment to Smart...
Capital Trust named one of...
Dankotuwa Porcelain partners Kiros Hospitality...
Samsung Reinforces Commitment to Smart...
ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය...