HNB, දැරිය හැකි වාහන ලීසිං විසඳුම් ලබා දීම සඳහා Micro Cars සමඟ අත්වැල් බැඳගනී

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව MG වාහන, TIGGO 4 PRO SUV” PROTON SAGA සෙඩාන්, REXTON SPORTS සහ HIGER සුඛෝපභෝගී බස් රථ වැනි පුළුල් පරාසයක විවිධ මගී සහ වාණිජ වාහන සඳහා වාහන ලීසිං විසඳුම් ලබා දීමට Micro Cars සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය දැරිය හැකි සහ නම්‍යශීලී මූල්‍යකරණ විසඳුම් ලබා දීමෙන් පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට වාහන වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව පුළුල් කිරීමේ වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය.

මෙම සහයෝගීතාවය HNB පාරිභෝගිකයින්ට ජනප්‍රිය වාහන සන්නාම කිහිපයකට ලීසිං පහසුකම් වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසයි. පහසු සහ කාර්යක්ෂම මූල්‍යකරණ විසඳුම් ලබා දීමෙන් වෘත්තිකයන්ට, ව්‍යාපාර හිමිකරුවන්ට සහ ප්‍රවාහන සේවා සපයන්නන්ට උපකාර කිරීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති-සිල්ලර බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ “HNB හි අප අපගේ පාරිභෝගිකයින්ට විශ්වසනීය සහ දැරිය හැකි මූල්‍යකරණ විසඳුම් ලබා දීමෙන් ප්‍රවාහනය පහසු කිරීමට සහ ආර්ථිකය දියුණුවට දායක වීමට කැපවී සිටිනවා. Micro Cars සමඟ ඇති අපගේ හවුල්කාරිත්වය තනි මෝටර් රථ හිමියන්ගේ සිට විශාල ප්‍රවාහන සමාගම් දක්වා සැමට ගැලපෙන පරිදි සකස් කළ ලීසිං සැලසුම් සහ බාධාවකින් තොර පාරිභෝගික සේවාවක් හරහා වාහන කර්මාන්තයේ විවිධ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට සහාය වීමට HNB දරන අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස පෙන්වා දිය හැකියි.” යනුවෙනි.

“අපගේ පුළුල් වාහන පරාසය සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීමට HNB සමඟ කටයුතු කිරීමට ලැබීම පිළිබඳව අපි සතුටු වනවා. එමෙන්ම මෙම හවුල්කාරිත්වය හරහා අපගේ පාරිභෝගිකයින්ට දැන් ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීය බැංකුවක සහාය ඇතිව පුද්ගලික හෝ ව්‍යාපාරික භාවිතය සඳහා උසස් තත්ත්වයේ වාහන වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට ඉඩ සලසනවා.’’ යනුවෙන් Micro Cars සමූහයේ අධ්‍යක්ෂ අසේල ලිහිණිකඩුව මහතා පැවසුවේය.

තවද මේ හරහා HNB වාහන මූල්‍යකරණයේ වැදගත් ආයතනයක් ලෙස සිය ස්ථානය අඛණ්ඩව පවත්වා ගෙන යමින් පාරිභෝගිකයින්ට වඩාත් ඵලදායී ලෙස ඔවුන්ගේ මූල්‍ය කළමනාකරණය කිරීමටත් නවීන කාර්යක්ෂම වාහන වෙත මාරු වීමටත් උපකාරී කරයි. එමෙන්ම බැංකුව ආර්ථික වර්ධනයට සහාය වන සහ පාරිභෝගිකයින් සවිබල ගන්වන පහසු, තාක්ෂණය මත පදනම් වූ විසඳුම් ද ලබා දෙයි.

இலங்கைச் சுற்றுலாத்துறையில் புதிய மைல்கல்: City...
இலங்கையின் பெருந்தோட்டத் துறை உற்பத்தியை வீழ்ச்சியடையச்...
How Vietnam turned FTAs into...
Sampath Bank Strengthens Ocean Plastic...
උපරිම ඉතිරියක් සහ සුවිශේෂී මිල...
JKCG Auto partners with BOC...
Minoli Wickramasinghe appointed President of...
City of Dreams பெருமையுடன் வழங்கும்...
JKCG Auto partners with BOC...
Minoli Wickramasinghe appointed President of...
City of Dreams பெருமையுடன் வழங்கும்...
ஜனசக்தி பைனான்ஸ், பெண்களின் புத்திசாதுரியமான நிதி...