HNB වෙතින් කාන්තා දිනය වෙනුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 300 කට වැඩි පිරිසක් සවිබල ගැන්වීමේ වැඩසටහනක්

Share

Share

Share

Share

2025 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව හැටන් නැෂනල් බැංකුව විසින් මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. ව්‍යාපාරික නායකයින්, මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ HNB නියෝජිතයින් ඇතුළුව කාන්තා ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 300 කට අධික පිරිසක් මෙයට සහභාගී විය. තිරසාර ව්‍යාපාර ගොඩනැගීමට සහ ඔවුන්ගේ ව්‍යවසායක ගමන ශක්තිමත් කිරීමට අවශ්‍ය මෙවලම් සහ අවබෝධය කාන්තාවන්ට ලබා දීම මෙම වැඩසටහනේ අරමුණ විය.

“සවිබලගැන්වීම සහ මූල්‍ය සාක්ෂරතාවය” යන තේමාව යටතේ පැවති මෙම වැඩසටහනට හරවත් සාකච්ඡා, අධ්‍යාපනික සැසි මෙන්ම මූල්‍ය කළමනාකරණය සහ ව්‍යවසායකත්වය පිළිබඳ විද්වත් මණ්ඩල සාකච්ඡාවක් ද ඇතුළත් විය. ශ්‍රී ලංකාව පුරා සිටින කාන්තා ව්‍යවසායිකාවන් මෙහිදී තම අත්දැකීම් බෙදාහදා ගත් අතර අභියෝග ජය ගැනීම සහ තම ව්‍යාපාර වර්ධනය කිරීම පිළිබඳව පැමිණ සිටි කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් දැනමුතුකම් ලබා ගත්හ.

HNB හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා උත්සවය අමතමින් සියලු දෙනාගේ සහභාගීත්වයකින් යුතු ආර්ථික වර්ධනයක් ඇති කිරීම සහ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාරවලට සහාය වීමට බැංකුවේ කැපවීම අවධාරණය කළේය.

“අද වන විට රටේ ප්‍රගතියට දායකවන දේශීය ප්‍රජාවන් අතරින් බොහොමයක් දෙනා කාන්තා ව්‍යවසායකයින් බවට පත්වෙමින් සිටිනවා. කාන්තාවන් සවිබල ගැන්වීමේ වැදගත්කම හඳුනා ගනිමින්, HNB ඔවුන්ට බොහෝ අවස්ථාවන් නිර්මාණය කිරීමට පියවර ගෙන තිබෙනවා. මූල්‍ය සාක්ෂරතාවය, කාන්තාවන් සවිබලගැන්වීමේ වැඩසටහන්, ආදර්ශයන් හඳුන්වා දීම සහ ශක්තිමත් ජාල ගොඩනඟන වැඩසටහන් හරහා කාන්තාවන්ට වර්ධනය වීමටත් සාර්ථක වීමටත් උපකාර කිරීම අපගේ අරමුණයි.” යනුවෙන් දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේය.

මෙම වැඩසටහනට කාන්තා ව්‍යවසායකයින්ට දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට උපකාර කිරීම සඳහා ප්‍රවීණයින් විසින් මෙහෙයවන ලද සැසි මාලාවක් ඇතුළත් විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නියෝජ්‍ය අධ්‍යක්ෂ කීර්ති දුනුතිලක, HNB හි තැන්පතු ප්‍රධානී විරංග ගමගේ, බදු සහ කණ්ඩායම් ගිණුම්කරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාර රාමන් ජෙයිකුමාර්, කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය හෂි පීරිස්, ව්‍යවසායිකාවක් වන ශාමලි වික්‍රමසිංහ සහ HNB ඇෂුවරන්ස් හි ප්‍රධාන ව්‍යාපාර නිලධාරී සනේෂ් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් විසින් මෙහිදී හරවත් අදහස් බෙදාහදා ගත්හ. මෙම සැසිවලදී කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාරවලට දිගුකාලීන සාර්ථකත්වය සඳහා අවශ්‍ය මෙවලම් සහ විශේෂ දැනුම සමඟ සහාය වීමට HNB හි කැපවීම ද පෙන්නුම් කළේය.

මෙම උත්සවයේ විශේෂ අංගයක් වූයේ කාන්තා ව්‍යවසායිකාවන් සහ HNB හි නායකත්වය සමඟ මූල්‍ය අභියෝග ජය ගැනීම සඳහා උපායමාර්ග සොයා බැලීම, අරමුදල් ලබා ගැනීම සහ ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කිරීම සඳහා බැංකු විසඳුම් උපරිම ලෙස භාවිත කිරීම පිළිබඳව පැවති විද්වත් මණ්ඩල සාකච්ඡාවයි. කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ගැලපෙන සහාය ලබා දීම සඳහා HNB දරන අඛණ්ඩ උත්සාහයන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එහිදී ඔවුන්ට නිවැරදි මූල්‍ය මෙවලම් සහ විශේෂඥ උපදෙස් ලබා ගැනීමට අවස්ථාව හිමි විය.

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහාය වීමේ දිගු ඉතිහාසයක් ඇති HNB, වෙනස්වන ආර්ථිකයක් තුළ සාර්ථක වීමට අවශ්‍ය මෙවලම්, සම්පත් සහ අවස්ථා ලබා දීමෙන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ කාන්තාවන් සවිබල ගැන්වීමට අඛණ්ඩව කැපවී සිටී.

22/5/2026
Hellmann மற்றும் MAS ஹோல்டிங்ஸ் இலங்கையில்...
ඇමරිකානු ආයෝජිකා Sandhya Ajjarapu, Kandy...
Hellmann සහ MAS සමූහය එක්ව...
10 වන Huawei ICT තරඟයේ...
GWM வாகன அணுகலை விரிவுபடுத்தும் வகையில்,...
Prime Group strengthens commitment to...
Hellmann and MAS Holdings launch...
GWM வாகன அணுகலை விரிவுபடுத்தும் வகையில்,...
Prime Group strengthens commitment to...
Hellmann and MAS Holdings launch...
Prime Melwa Formally Commences Asia’s...