HNB සමූහය පළමු මාස හය සඳහා බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 16.2ක් වාර්තා කරයි

Share

Share

Share

Share

හැටන් නැෂනල් බැංකුව 2024 ජූනි මාසයෙන් අවසන් වන මාස හය සඳහා රුපියල් බිලියන 25.8 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 15.4 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මේ අතර HNB සමූහය පිළිවෙලින් පළමු අර්ධයේදී සමස්තයක් ලෙස රුපියල් බිලියන 27.0 ක සහ රුපියල් බිලියන 16.2 ක ඒකාබද්ධ බදු පෙර ලාභයක් සහ බදු පසු ලාභයක් වාර්තා කළේය.

පළමු අර්ධයේ මූල්‍ය ප්‍රතිඵල පිළිබඳ අදහස් දක්වමින් HNB සභාපති නිහාල් ජයවර්ධන මහතා සඳහන් කළේ, “ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙන අතර ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා නිසි පියවර ගනු ලැබුවා. පවතින දුෂ්කරතා සහ අස්ථාවර තත්වයන් තිබියදීත් අපගේ සියලු පාර්ශවකරුවන් සඳහා දිගුකාලීන වර්ධනයක් සහ සාර්ථකත්වයක් සහතික කිරීම සඳහා අප දැඩිව කැපවී සිටිනවා.” යනුවෙනි.

2024 පළමු මාස හය තුළදී බැංකුවේ පොලී ආදායම පසුගිය වසරට සාපේක්ෂව 24.2% කින් පහත වැටුණු අතර මෙයට ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් කිරීමේ මුදල් ප්‍රතිපත්තියට අනුකූල වන පරිදි බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPLR) 2024 ජුනි 30 දක්වා ගත වූ මාස 12 තුළ සැලකිය යුතු ලෙස 19.47% සිට 8.78% දක්වා ප්‍රතිශතාංක 10 කින් තියුණු ලෙස අඩු වීම හේතු විය. බැංකුවේ පොලී වියදම් ද සමාන අනුපාතයකින් අඩු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශුද්ධ පොලී ආදායම පසුගිය වසරට සාපේක්ෂව 23.1% කින් අඩු වී රුපියල් බිලියන 45.6 ක් විය. කෙසේ වෙතත්, ගාස්තු සහ කොමිස් ආදායම පසුගිය වසරට සාපේක්ෂව 5.5% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 8.6ක් දක්වා වර්ධනය වී ඇත. කාඩ්පත් ගනුදෙනු සහ ඩිජිටල් සේවාවල ක්‍රියාකාරකම් වැඩි වීම මෙයට මූලික වශයෙන් හේතු විය. මීට අමතරව බැංකුවේ විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධ ක්‍රියාකාරකම් හොඳින් ක්‍රියාත්මක වූ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ යාම හේතුවෙන් බැංකුවට පාඩුවක් සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස මුල් මාස හය සඳහා බැංකුවට රුපියල් බිලියන 1.3 ක් විනිමය පාඩුවක් සිදු විය.

පොලී අනුපාත අඩුවීම, යහපත් ආර්ථික තත්ත්වයන් සහ බැංකුවේ පූර්වගාමී පියවරයන් සමඟින් කරදරයට පත් ණය ගැතියන් යථා තත්වයට පත් කිරීමට සහ ඔවුන්ගේ මූල්‍ය තත්වය වැඩිදියුණු කිරීමට උපකාර විය. මෙමඟින් ණය එකතු කිරීම් සහ අයකර ගැනීම් වැඩිදියුණු වූ අතර 2023 දෙසැම්බර් මාසයේ සිට බැංකුව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISBs) සඳහා එහි ප්‍රතිපාදන ආවරණය පවත්වා ගෙන ගොස් ඇති බැවින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල ආයෝජනවලින් සිදුවන පාඩු සැලකිය යුතු ලෙස අඩු විය. එහි ප්‍රතිඵලයක් ලෙස 2024 වසරේ ජුනි මාසයෙන් අවසන් වන පළමු මාස හය සඳහා සමස්ත හානිපූරණ ගාස්තුව රුපියල් බිලියන 1.5 ක් විය. HNB හි වත්කම් ගුණාත්මකභාවය බැංකු ක්ෂේත්‍රයේ සාමාන්‍යයට වඩා ඉහළ මට්ටමක පැවති අතර ශුද්ධ stage III ණය අනුපාතය අනුපාතය 4.09%ක් සහ stage III ප්‍රතිපාදන ආවරණය 56.1% කි.

2024 පළමු අර්ධයේ බැංකුවේ මෙහෙයුම් වියදම් පසුගිය වසරට සාපේක්ෂව 12.1% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 19.8 ක් වූ අතර මූලික වශයෙන් ඉහළ කාර්ය මණ්ඩල පිරිවැය සහ අනෙකුත් අදාළ වියදම් මෙයට හේතු විය. මෙම වියදම් වැඩි වීම තිබියදීත්, බැංකුවේ සමස්ත බදු අනුපාතිකය 53.4% ක් ලෙස නොවෙනස්ව පැවතුනි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “පළමු අර්ධයේදී අප ලබා ගත් කාර්යසාධනය මගින් වැදගත් අංශ කෙරෙහි අවධානය යොමු කළ උත්සාහයන් පිළිබිඹු කරනවා. බැංකුවේ ලාභ ආන්තිකය අඩු වෙමින් පැවති පසුබිමක CASA (ජංගම ගිණුම් සහ ඉතුරුම් ගිණුම) කෙරෙහි අපගේ අවධානය යොමු කිරීම සෘණාත්මක මූල්‍ය බලපෑම් අඩු කිරීමට උපකාරී වුනා. ගනුදෙනුකාරභවතුන්ට ඔවුන්ගේ ව්‍යාපාර නැවත යථා තත්වයට පත් කිරීමට උපකාර කිරීමට අප කළ කැපවීම සුබවාදී ප්‍රතිඵල පෙන්නුම් කර තිබෙනවා. මුලදී අඩු මට්ටමක පැවති ණය ඉල්ලුම විශේෂයෙන් දෙවන කාර්තුවේදී යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කළා.”

අප මෑතකදී මුහුණ දුන් අභියෝග අපට නව්‍ය, නම්‍යශීලී සහ තිරසාරභාවයේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා. මෙය අපගේ අනාගත අපේක්ෂාවන් පුළුල් කර ඇති අතර බැංකුවේ අනාගත වර්ධනය හා සාර්ථකත්වය සඳහා අපි සුභවාදීව සහ කැපවී කටයුතු කරනවා.” යනුවෙනි.

Sunshine Holdings records LKR 48.9...
Huawei Hosts the 1st Global...
Sunshine Foundation for Good strengthens...
வரலாற்று சிறப்புமிக்க காலியில் LANKATILES தனது...
2026இல் பள்ளி மாணவர்களின் கல்விக்கு தொடர்ந்து...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
Appe Lanka Restores Naranthalu Tank...
CINEC CAMPUS Earns IESL Conditional...
HNB ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයින්...
මෙරට ඉංජිනේරු අධ්යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක්...