HNB සිය නවතම පාරිභෝගික ඒකකය මීගමුව නගරයේ විවෘත කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව වැඩි දියුණු කරමින් නවතම පාරිභෝගික ඒකකයක් පසුගියදා මීගමුවේදී විවෘත කළේය. මෙය මීගමුව ශාන්ත ජෝසප් වීදියේ අංක 125, දරණ ස්ථානයේ පිහිටා ඇත.

HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි, HNB විධායක උප සභාපති/ශාඛා ජාල ව්‍යාපාර ප්‍රධානී සුපුන් ඩයස් ඇතුළු බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ ගනුදෙනුකරුවන් රැසක් මෙම අවස්ථාවට එක් විය.

විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේය “මීගමුව නගරය කියන්නේ පුළුල් පරාසයක ව්‍යාපාරික, ව්‍යවසායක මෙන්ම වෘත්තිකයින් පිරිසක් ජීවත් වන බහු සංස්කෘතික නගරයක්. මෙම නව පාරිභෝගික ඒකකය සමඟින්, ගනුදෙනුකරුවන්ට HNB හි ප්‍රමිතිගත සහ විශ්වාසනීය මූල්‍ය විශේෂඥතාවට අමතරව නැවුම් අත්දැකීමක් ද ලබාගන්න පුළුවන්. රට පුරා සිටින අපගේ පාරිභෝගික ජනතාවගේ පහසුව වෙනුවෙන් සහ ප්‍රජාවන්ගේ දිගුකාලීන මූල්‍ය පැවැත්මට දායක වන බැංකු පරිසරයක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි.” යනුවෙනි.

කාර්යක්ෂම සහ සුව පහසු බැංකු අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම පාරිභෝගික ඒකකයේදී පුළුල් පරාසයක මූල්‍ය සේවා හරහා ගනුදෙනුකරුවන්ට මඟ පෙන්වීමට විශේෂයෙන් කැපවූ බැංකු වෘත්තිකයන් වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සහතික කර ඇති අතරම ඉක්මනින් තම ගනුදෙනු සම්පූර්ණ කරගැනීමට පහසුව සලසයි. මීට අමතරව සේවා කවුන්ටර්, උපදේශන සේවා ලබා දීමට වෙන් වූ ස්ථාන සහ ගනුදෙනුකරුවන් සමඟ සෘජු සම්බන්ධතාව ඇති කරන ස්ථාන යන සියල්ල පහසුව, කාර්යක්ෂමතාව සහ අර්ථවත් සම්බන්ධතාවයක් වර්ධනය කිරීමට සුදුසු ලෙස සකස් කර ඇත.

මීගමුවේ පාරිභෝගික ප්‍රජාව සහ ව්‍යාපාරවල විවිධ බැංකු අවශ්‍යතා සඳහා සහාය වීමට විවෘත කරන ලද මෙම පාරිභෝගික ඒකකය නගරයේ ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය වන අතරම, විශ්වාසනීය බැංකු සේවාවක් සැපයීම සඳහා කේන්ද්‍රගතව පවතී.

මීගමුව නගරයේ මෙම නව පාරිභෝගික ඒකකය විවෘත කිරීමත් සමගින් නවීන පහසුකම් සහ වෘත්තීය සේවාව තුළින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නංවමින් සිය දීප ව්‍යාප්ත ජාලය ශක්තිමත් කිරීමට HNB දරණ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරයි.

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...