HNB 13 වැනි වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස ගෞරවයට පාත‍්‍ර වෙයි

Share

Share

Share

Share

පාරිභෝගික සේවා බැංකුකරණයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකුව ලෙස සිය විශිෂ්ටත්වය නැවතත් විදහා දක්වමින් හැටන් නැෂනල් බැංකුව ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2023 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී 13 වැනි වරටත් මෙරට විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් අභිසෙස් ලැබීය.
ලොව පාරිභෝගික මූල්‍ය සේවා සඳහා වන කීර්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් සම්මාන උළෙලක් ලෙස මෙය සලකනු ලබයි. ස්ථාවරත්වය, නවෝත්පාදනය හා ඩිජිටල් හැකියාව සහ වේගවත්, තිරසාර වර්ධනයක් කරා ක‍්‍රියාවලි අළුතින් නැවත සකස් කිරීමේදී නව සන්ධිස්ථානයන් සනිටුහන් කරන කලාපයේ මූල්‍ය ආයතන ඉස්මතු කිරීම සඳහා මෙම සම්මාන උළෙල පවත්වනු ලබයි.
මෙම සුවිශේෂී ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ”ප‍්‍රගතිය කරා යන ගමනේදී HNB සැමවිටම අවංකත්වය සහ සේවාව මත ගොඩනැගුණු හවුල්කාරිත්වයන් පිළිබඳව විශ්වාසය තැබුවා. වසර 135 ක් පුරා අපගේ ගනුදෙනුකරුවන්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීමට අපගේ හැකියාවන් පරිවර්තනය කර ගනිමින්, අභිමානයෙන් සහ වගකීමෙන් අප මෙම උරුමය ඉදිරියට ගෙන එනු ලැබුවා.
ඒෂියන් බෑන්කර් සඟරාව විසින් 13 වැනි වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස ඇගයීමට ලක් කිරීම අප ගෞරවයක් ලෙස සලකනු ලබන අතර එය අපගේ කණ්ඩායමේ උද්යෝගිමත් උත්සාහයට සහ අපගේ ගනුදෙනුකාරභවතුන්ට සුවිශේෂී බැංකු අත්දැකීම් ලබා දීමට වූ අපගේ නොසැලෙන කැපවීමට කදිම සාක්ෂියක්. වර්තමානයේදී අපේ රට මුහුණ දෙන පෙර නොවූ විරූ අභියෝග මධ්‍යයේ වුවද, අනාගත පරම්පරාවන්ට ශ‍්‍රී ලංකාව ප‍්‍රගතියේ හා සංවර්ධනය කරා රැගෙන යාමට මංපෙත් සලසා දෙමින්, ප‍්‍රගතියේ සැබෑ හවුල්කරුවෙකු ලෙස මෙරට ජනතාවට කැපවීමෙන් සේවය කිරීමට අප ස්ථිරව සිටිනවා.’’ යනුවෙනි
පාරිභෝගික බැංකුකරණය යනු HNB හි ප‍්‍රමුඛතම අංශයකිx එය දිවයින පුරා විසිරී සිටින මිලියන 2.5 කට අධික ශ‍්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරානු ලබයි. බැංකු ශාඛා 255ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 787කින් සමන්විත බැංකුවේ පුළුල් පාරිභෝගික සේවා ජාලයට අමතරව HNB පාරිභෝගිකයින්ට දුරස්ථව සිට ගනුදෙනු කිරීමට පහසු, පුළුල් සහ ආරක්ෂාව සහිත විකල්ප ලබා දීම සඳහා ඩිජිටල් බැංකු සේවා හා ප‍්‍රවාහයන් වඩාත් උපරිම ලෙස භාවිත කරන පුරෝගාමියා ද වෙයි.
බැංකුවේ ඩිජිටල් බැංකු ගනුදෙනු කටයුතු 105%කින් වර්ධනය වීම සහ නව ගනුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව 80% ක වර්ධනය සැලකිල්ලට ගනිමින් සැලකිය යුතු අභියෝග මධ්‍යයේ වුවද පසුගිය වසරේදී බැංකුව නැවතත් ශක්තිමත් සහ ස්ථාවර කාර්යසාධනයක් වාර්තා කළේය.
තවද වඩාත් තාක්ෂණික බැංකුවක් ලෙස එම ක්ෂේත‍්‍රය තුළ සිය නායකත්වය පෙන්නුම් කරමින් බැංකු ගිණුම්, ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඞ්පත් හරහා සම්බන්ධිත ඩිජිටල් ගෙවීම් වේදිකා සඳහා ව්‍යාපාරික සේවා මධ්‍යස්ථාන (one-stop-shop) ලෙස කටයුතු කරන ඉතා වේගයෙන් ජනප‍්‍රියත්වයට පත් වූ HNB SOLO වැනි පෙරළිකාර හා නව්‍ය වේදිකා රැසක් HNB හඳුන්වා දුන්නේය.
”ඒෂියන් බෑන්කර් සඟරාව විසින් 13 වන වරටත් මෙරට විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස නම් කිරීම ගැන අප අතිශයින් ආඩම්බර වනවා. මෙම ඇගයීම විශිෂ්ටත්වය කරා යාමේ අපගේ අඛණ්ඩ කැපවීම සහ ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතා සපුරාලන නව බැංකු විසඳුම් ලබා දීම කෙරෙහි අපගේ වූ ස්ථිර උත්සාහය සඳහා සාක්ෂියක්. පසුගිය වසර පුරාවට අපගේ පාරිභෝගිකයින්ට වේගවත්, පහසු සහ වඩාත් ආරක්ෂිත බැංකු සේවා ලබා දීම සඳහා අති නවීන තාක්ෂණයන් සහ හැකියාවන්වලට අප ආයෝජනය කර තිබෙනවා. අනාගතයේදී ශ‍්‍රී ලංකාව ප‍්‍රගතිය සහ සෞභාග්‍යය කරා රැගෙන යාමට අප සතු හැකියාවන් සහ ශක්තීන් උපරිම ලෙස භාවිත කිරීමට අපි අඛණ්ඩව කැපවී සිටිනවා.’’ යනුවෙන් HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේය.
බැංකුව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් පවත්වන ලද හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන 2022 (CCC BCCSA) හිදී විශිෂ්ට ජයග‍්‍රහණයක් සමඟින් තිරසාරභාවය, යහපාලනය සහ ආයතනික විශිෂ්ටත්වය පිළිබඳ සිය විශිෂ්ටත්වය නැවතත් පිළිබිඹු කළේය.
තවද එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව මගින් අඛණ්ඩව හයවන වරටත් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට HNB සම්මානයට පාත‍්‍ර කර ඇති අතර යුරෝමනී (Euromoney) සඟරාව විසින් 2023 වසරේ ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ මූල්‍ය (Trade Finance) ක්ෂේත‍්‍රයේ ‘හොඳම සේවා සපයන්නා’ සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ ‘වෙළෙඳපොල ප‍්‍රමුඛයා’ ලෙස ද HNB ඇගයීමට ලක් කළේය.

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...