HNB 16 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස TAB Global Excellence in Retail Finance Awards හිදී සම්මානයට පාත්‍ර වෙයි

Share

Share

Share

Share

හැටන් නැෂනල් බැංකුව පසුගියදා චීනයේ ෂැංහයි නුවරදී පැවති TAB Global Excellence in Retail Financial Services Awards 2026 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය HNB විසින් දිනාගනු ලැබුවේ 16 වැනි වරට වීම විශේෂත්වයකි. පාරිභෝගික බැංකුකරණයේ විශිෂ්ටත්වය සහ නවෝත්පාදන ඉදිරිපත් කරන මූල්‍ය ආයතන ඇගයීම සඳහා මෙම සම්මානය පිරිනමනු ලැබේ.

අද වන විට HNB මිලියන දෙකකට අධික පාරිභෝගික පිරිසකට සේවා සපයන අතර, ඉන් 80% ක් පමණ ඩිජිටල් බැංකු සේවා භාවිතා කරන්නන් වීම විශේෂත්වයකි. මෙයින් බැංකුවේ ඩිජිටල් බැංකු පද්ධතීන් පාරිභෝගිකයන් අතර බෙහෙවින් ප්‍රචලිත වී ඇති බව පෙන්නුම් කරයි.

මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී, දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “පාරිභෝගිකයන් දැන් වඩාත් පහසු සහ තාක්ෂණය මත පදනම් වූ මූල්‍ය සේවාවන් අපේක්ෂා කරන බැවින්, පාරිභෝගික බැංකුකරණය නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතිනවා. HNB හි අප අපගේ පාරිභෝගිකයින්ගේ මෙම වෙනස් වන අවශ්‍යතාවලට සරිලන විශ්වාසදායක සහ නව්‍ය නිෂ්පාදන පිරිනමන අතරම, බැංකුවේ ඩිජිටල් බැංකුකරණ හැකියාවන් ශක්තිමත් කිරීම කෙරෙහි අප අඛණ්ඩව අවධානය යොමු කරනවා. මෙම ඇගයීම හරහා අපගේ පාරිභෝගිකයින්ට උපරිම බැංකු අත්දැකීමක් ලබා දීමටත්, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතියට සහාය වීමටත් අප තුළ ඇති කැපවීම මැනවින් පෙන්නුම් කරනවා.” යනුවෙනි. තවද HNB ලීසිං ක්ෂේත්‍රයේ විශාලතම වෙළඳපල කොටස හිමිකර ගනිමින් එම ක්ෂේත්‍රයේ වෙළෙඳපල ප්‍රමුඛයා ලෙස තවදුරටත් රැඳී සිටී.

“මෙම සම්මානය 16 වන වරටත් දිනා ගැනීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත්වනවා. මෙය බැංකුවේ විශිෂ්ටත්වය සහ නවෝත්පාදන සඳහා වූ කැපවීම තහවුරු කරන කදිම සාක්ෂියක්. පාරිභෝගිකයින්ට උපරිම වටිනාකමක් ලබා දීම සඳහා අපගේ සේවාවන් සරල සහ කාර්යක්ෂම කිරීමට අප අඛණ්ඩව උත්සාහ කරනවා.යනුවෙන් HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා පැවසීය.

පාරිභෝගිකයා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙන්ම සිය ඩිජිටල් තාක්ෂණය නිරන්තරයෙන් දියුණු කරමින්, ශ්‍රී ලංකාවේ මූල්‍ය සවිබල ගැන්වීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතියට දායක වන විශ්වසනීය සහකරුවෙකු ලෙස HNB අඛණ්ඩව කටයුතු කරයි.

ෆිච් රේටින්ග්ස් ලංකා විසින් HNB හි ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම AA‑(lka) ක් ලෙස ඉහළ දමා ඇති අතර ලංකා වාණිජ මණ්ඩලය විසින් 2026 වසරේ ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ටතම ආයතනික පුරවැසියා‘ ලෙසද බැංකුව ඇගයීමට ලක් විය. සිය විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරමින්, එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව වෙතින් ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙස බ්‍රැකන් සම්මානයෙන් ද HNB පිදුම් ලැබීය. මීට අමතරව ඒෂියන් බෑන්කර් විසින් ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙසත් 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශාල සමාගම් සඳහා හොඳම බැංකුව ලෙසත් HNB පිළිගැනීමට ලක් විය. තවද බැංකුවේ ගෝලීය ස්ථාවරත්වය සහ මූල්‍යමය ශක්තිය පිළිබිඹු කරමින් එක්සත් රාජධානියේ කීර්තිමත් ද බෑන්කර් සඟරාව විසින් ‘ලෝකයේ හොඳම බැංකු 1000’ අතරට ද HNB ශ්‍රේණිගත කර ඇත.

ஜப்பானிய பிரதிநிதிகள் 250 பேர் பங்கேற்கும்...
Syntetica raises $30M Series A...
ජපන් නියෝජිතයින් 250කගේ සහභාගීත්වයෙන් ‘Little...
Geoffrey Bawa Trust Expands Sri...
කොළඹ නගරයේ ආගන්තුක සත්කාර සහ...
Five Sri Lankan Artists Unite...
Colombo Dockyard marks 52 years...
City of Dreams Sri Lanka...
Five Sri Lankan Artists Unite...
Colombo Dockyard marks 52 years...
City of Dreams Sri Lanka...
Sri Lanka to Host Leading...