HNB, ATM Dynamic Currency Conversion (DCC) පහසුකම මාතර Doctor’s House හිදී දියත් කරයි

Share

Share

Share

Share

විදේශ කාඞ්පත් හිමියන්ට මුදල් හුවමාරුව වඩාත් පහසු කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මාතර මඩිහ පිහිටි සුප‍්‍රසිද්ධ Doctor’s House අවන්හලේදී සිය 801 වැනි ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රය දියත් කරමින් Dynamic Currency Conversion (DCC) විශේෂාංගය හඳුන්වා දී ඇත.

Dynamic Currency Conversion (DCC) විශේෂාංගය මගින් ජාත්‍යන්තර වීසා සහ මාස්ටර්කාඞ් හිමියන්ට ඔවුන්ගේ රටේ මුදලින් අය කරනු ලබන නිශ්චිත මුදල පරීක්ෂා කරමින් HNB ATM යන්ත‍්‍රවලින් ශ‍්‍රී ලංකා රුපියල් ලබා ගැනීමට හැකිය. මෙම පහසුකම එළිදැක්වීමේ විශේෂ උත්සවයට Doctor’s House හි අධ්‍යක්ෂ මයිකල් මෝර්හෙඞ්, HNB සහකාර සාමාන්‍යාධිකාරී – ඩිජිටල් ව්‍යාපාර චම්මික වීරසිංහ සමඟින් HNB කලාපීය ව්‍යාපාර ප‍්‍රධානී (දකුණ) රාජිත විජේනායක සහ HNB ජ්‍යෙෂ්ඨ කළමනාකාර – ඩිජිටල් බැංකුකරණ චක්ෂිකා අමරවර්ධන යන මහත්ම මහත්මීන් සහභාගි විය.

මෙහිදී අදහස් දක්වමින් HNB සහකාර සාමාන්‍යාධිකාරී – ඩිජිටල් ව්‍යාපාර චම්මික වීරසිංහ මහතා පැවසුවේ ”අපගේ Smart Self-Service Machines (SSMs) සඳහා Dynamic Currency Conversion හඳුන්වා දීමට ලැබීම ගැන HNB සතුටට පත්වෙනවා. DCC වැනි අගය එකතු කිරීමේ පහසුකම් සංචාරකයින්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඉතා වැදගත් වනවා.” යනුවෙනි.

මෙය තුන්වන පාර්ශ්වීය DCC සේවා සපයන්නෙකුගේ මැදිහත්වීමකින් තොරව මෙරට තුළ ක‍්‍රියාත්මක කරන ලද ශ‍්‍රී ලංකාවේ පළමු ATM DCC ව්‍යාපෘතියයි. මෙම අති නවීන DCC පහසුකම හරහා ජාත්‍යන්තර සංචාරකයින්ට ඔවුන්ගේ රටේ මුදල් ශ‍්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය වීම real-time දැක ගැනීමට ඉඩ සලසයි. විනිමය අනුපාතවල උච්චාවචනයන් නිසා සිදුවන පාඩු අවම කර ගනිමින් විදේශ කාඞ්පත් හිමියන්ට ATM යන්ත‍්‍රයෙන් මුදල් ලබා ගන්නා විට තම රටේ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය වන ආකාරය තේරුම් ගැනීමට මෙම පහසුකම උපකාර වේ.

”Doctor’s House වෙත පැමිණෙන පාරිභෝගිකයින්, විශේෂයෙන් Surf කිරීමට දැඩි කැමැත්තක් දක්වන දේශීය හා ජාත්‍යන්තර අය මෙම නව SSM සහ DCC පහසුකම ගැන සතුටු වනු නොඅනුමානයි. ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනා ඇති මෙම පරිශ‍්‍රයට පැමිණෙන අමුත්තන්ට සුවපහසු අත්දැකීම් ලබාදීම කෙරෙහි මෙම DCC පහසුකම මගින් ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. එමෙන්ම රටේ යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය පහසුකම් සැපයීමට අපි අඛණ්ඩව කැපවී සිටිනවා.” යනුවෙන් HNB ජ්‍යෙෂ්ඨ කළමනාකාර – ඩිජිටල් බැංකුකරණය, චක්ෂිකා අමරවර්ධන මහත්මිය පැවසුවාය.

Doctor’s House යනු වසර 200ක් පැරණි ලන්දේසි ආයුර්වේද රෝහලක් වන අතර එය ශ‍්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ මඩිහ නම් සුන්දර වෙරළාසන්න ගම්මානයේ පිහිටා ඇත. මෙම කලාපය ජාත්‍යන්තර Surf ලෝලීන්ගේ ඉහළ ආකර්ෂණයක් දිනා ඇති ස්ථානයක් ලෙස ලොව පුරා ප‍්‍රචලිතය.

ඡායාරූප:

HNB AGM – ඩිජිටල් ව්‍යාපාර චමික වීරසිංහ සහ Doctor’s House හි අධ්‍යක්ෂ මයිකල් මෝර්හෙඞ් යන මහත්වරුන් නව SSM විවෘත කරමින්

(පහළ): HNB AGM – ඩිජිටල් ව්‍යාපාර චම්මික වීරසිංහ, HNB ප‍්‍රාදේශීය ව්‍යාපාර ප‍්‍රධානී (දකුණු) රාජිත විජේනායක, Doctor’s House හි අධ්‍යක්ෂ මයිකල් මෝර්හෙඞ්, HNB ජ්‍යෙෂ්ඨ කළමනාකාර – ඩිජිටල් බැංකුකරණ චක්ෂිකා අමරවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු HNB නිලධාරීන් පිරිසක් මෙම ඡායාරූපයේ වෙයි.

 

 

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...