HNB FINANCE නාවලපිටිය ශාඛා රන් ණය මධ්‍යස්ථානය විවෘත කෙරේ

Share

Share

Share

Share

මහනුවර දිස්ත‍්‍රික්කයේ රන් ණය සේවා සඳහා ඉහළ යන ඉල්ලූමට ප‍්‍රතිචාර දක්වමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඒකාබද්ධ මූල්‍ය සේවා සපයන්නකු වන HNB FINANCE PLC විසින්, නාවලපිටිය, අඹගමුව පාර, අංක 32/2 හි පිහිටි සිය නාවලපිටිය ශාඛාවේ නවතම රන් ණය මධ්‍යස්ථානය පසුගියදා ස්ථාපිත කළේය.
නාවලපිටිය ප‍්‍රදේශයේ දැනට සිටින සහ අනාගත ගනුදෙනුකරුවන්ට රන් ණය, Gold Plan සහ VIP Gold Loan ඇතුළු සමාගමේ නව්‍ය රන් ණය සේවා සමඟ එක්වීමට හැකියාව ලබා දීම සඳහා නව රන් ණය ඒකකය හඳුන්වා දෙන ලදී. රන් ණය ක්ෂේත‍්‍රයේ තරගකාරී පොළී අනුපාතයක් යටතේ ඉතා ඉක්මනින් සේවාවන් සලසා ගැනීමටත් සහනදායී ගෙවීම් ක‍්‍රම තුළින් රන් ණය පියවීමට අවශ්‍ය පහසුකම් සැලසීමත් HNB FINANCE රන් ණය සේවාවේ විශේෂත්වයන් ලෙස හැඳින්විය හැක. එමෙන්ම කිසිම අවස්ථාවක ලේඛන ගාස්තු හෝ සැඟවුණු ගාස්තු කිසිවක් සමාගම විසින් අය නොකරයි.
”අපගේ නාවලපිටිය ශාඛාව සඳහා නව රන් ණය මධ්‍යස්ථානයක් හඳුන්වාදීමත් සමඟ ප‍්‍රදේශයේ සහ ඒ අවට සිටින ගනුදෙනුකරුවන්ගෙන් විශාල පිරිසකට බාධාවකින් තොරව රන් ණය සහ ඒ ආශ‍්‍රිත සේවාවන් ලබා ගැනීමේ හැකියාව ලබා දීමට හැකි වෙනවා. අපගේ වර්තමාන සහ අනාගත ගනුදෙනුකරුවන්ට ඒ ඒ පුද්ගලයාට සුදුසු පරිදි සහතික කළ සේවාවක් සැපයීම සඳහා අපි කැපවෙනවා.” යනුවෙන් HNB FINANCE හි සහකාර සාමාන්‍යාධිකාරී /අංශ ප‍්‍රධානී – රන් ණය, ලක්ෂ්මන් රණසිංහ මහතා සඳහන් කළේය.
”අපි සමාජයේ පවතින මූල්‍ය සේවා ප‍්‍රවණතාවන් අධ්‍යයනය කර ඇති බැවින් බාධාවකින් තොරව සහ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවා සහ රන් ණය පහසුකම් සැපයීම සඳහා පෙරමුණ ගනිමින් පාරිභෝගික අපේක්ෂාවන් තෘප්තිමත් කිරීම සඳහා අපගේ නව්‍ය සේවාවන් උපායමාර්ගිකව හඳුන්වාදීමට සහ ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ‍්‍රී ලංකාවේ රන් මිල දිගින් දිගටම ඉහළ යද්දී, බොහෝ පුරවැසියන් රන් භාණ්ඩ මිලදී ගැනීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දෙයි. මෙම සන්දර්භය තුළ HNB FINANCE හි “Gold Plan රන් ණය සැලසුම මඟින් වාරික වශයෙන් ගෙවීමෙන් තමන් කැමති රන් ආභරණ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දීම විශේෂත්වයකි.
මෙම යෝජනා ක‍්‍රමය හරහා ගනුදෙනුකරුවන්ට තම රන් සංචිත වැඩිකර ගැනීමට සහ ඔවුන්ගේ දරුවන්ගේ මංගල උත්සව වැනි උත්සව අවශ්‍යතා සඳහා ස්වර්ණාභරණ මිලදී ගැනීමට නම්‍යශීලී පහසුවක් ලබා දේ. ණය ගෙවා අවසන් වූ පසු අනාගතයේදී ඔවුන්ගේ ක්ෂණික මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට මෙන්ම කදිම ආයෝජන අවස්ථාවක් ලෙසද “Gold Plan රන් ණය සැලසුම භාවිතා කළ හැකිය.
තම රන් භාණ්ඩ වලට අමතරව මුදල් ණය ලබා ගැනීමට අපේක්ෂා කරන ගනුදෙනුකරුවන් සඳහා HNB FINANCE හි —VIP Gold Loan˜ යෝජනා ක‍්‍රමය සැලසුම් කර ඇත්තේ ඕනෑම ව්‍යාපාරයකට හෝ පුද්ගලයෙකුට ඉහළම ඒ ඒ පුද්ගලයාට සුදුසු රැකවරණයක් සහිතව උපරිම වටිනාකමක් ගෙන ඒමටය.
මෙම යෝජනා ක‍්‍රමය යටතේ ණයක් සඳහා ඉල්ලූම් කරන පාරිභෝගිකයින්ට ප‍්‍රමුඛතා පදනමක් මත මූල්‍ය සේවා සපයනු ලබන අතර ඔවුන්ගේ පහසුව අනුව ක‍්‍රියාවලිය සිදු කිරීමට කැමති පාරිභෝගිකයින් සඳහා ඔවුන්ට වඩාත් ගැලපෙන සුදුසු සේවා ඇතුළුව, HNB FINANCE හි පූර්ණ සහාය සහ මගපෙන්වීම සිදු කරනු ඇත.
එදිනෙදා ක‍්‍රියාකාරකම් සඳහා කඩිනම් සහ සරළ මුදල් ප‍්‍රවාහයක් අත්‍යවශ්‍ය වන බැවින්, ණයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බොහෝ ව්‍යාපාර යොමුවන්නේ ඉහළ පොලී අනුපාත සහිත ණය සඳහා අයදුම් කිරීම හෝ වෙනත් ඕනෑම මාර්ගයක් හරහා වඩාත් කඩිනමින් මුදල් ලබාගැනීම සහතික කිරීම සඳහායග
මෙම තත්වය තුළ, ඕනෑම ව්‍යාපාරයක් මෙන්ම තම රත්තරන් සඳහා ණයක් ලබා ගැනීමට අපේක්ෂා කරන ඕනෑම පුද්ගලයෙකුට ද HNB FINANCE රන් ණය තුළින් ඔවුන්ගේ කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතාව සපුරා ගැනීමට හැකි වනු ඇත.

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...