HNB FINANCE වත්තල ශාඛාව නව නිවහනකට පිවිසෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි වත්තල ශාඛාව පසුගියදා ඉඩකඩ සහිත නව නිවහනකට ගෙන යනු ලැබීය. HNB FINANCE සමාගමේ සේවාවන් දීපව්‍යාප්තව පවත්වාගෙන යමින් තම පාරිභෝගිකයින් වෙත වඩාත් වැඩි පහසුකම් සහිතව සිය මූල්‍ය සේවාවන් ලබා දීමේ අරමුණෙන් ශාඛාවන් නව ස්ථානයන් වෙත රැගෙන යෑම සිදු කරනු ලබයි.

අභිනව වත්තල ශාඛාව කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ අංක 420 වත්තල යන ලිපිනයෙහි පිහිටා ඇත. HNB FINANCE PLC මගින් ලබා දෙන සියලු මූල්‍ය සේවාවන් වත්තල ශාඛාවෙන් ද ලබා ගත හැකි අතර ලීසිං, ඉතුරුම්, ස්ථාවර තැන්පතු, ව්‍යාපාර ණය, නිවාස ණය, සහ ක්ෂේත්‍රයේ වඩාත් ජනප්‍රිය රන් ණය සේවාව ද මෙම සේවාවන් අතර වෙති.

රන් ණය සඳහා වත්තල සහ ඒ අවට විශාල ඉල්ලුමක් පවතින බැවින් HNB FINANCE වත්තල ශාඛාව තුළ නව රන් ණය මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇත. HNB FINANCE විසින් පුද්ගල අවශ්‍යතා අනුව වෙනස් වන රන් ණය සේවාවන් කිහිපයක් හඳුන්වා දී ඇති අතර මේ අතුරින් HNB FINANCE රන් ණය, රන් භාණ්ඩ මිලදී ගැනීමේ ආයෝජන සැලසුම වන Gold Plan, සහ ව්‍යාපාරික සහ පුද්ගල මුල්‍ය අවශ්‍යතා සඳහා වඩාත් ප්‍රශස්ත මූල්‍ය විසඳුමක් ලෙස පැවසිය හැකි VIP Gold Loan යන රන් ණය සේවාවන් විශේෂයෙන් හඳුන්වාදිය හැකිය. rka mjqula i|yd jeäu w;a;sldrï uqo,la wju fmd,shla hgf;a විනාඩි තුනක් වැනි ඉතා කෙටි කලකදී ,nd.ekSug HNB FINANCE රන්ණය fiajdj u.ska bvlv ie,fik w;r අතේ ඇති පරිදි ටික ටික ගෙවා බේරා ගැනිමේ හැකියාව සහිත úYajdijka;, ආරක්ෂාකාරී .kqfokqjla wfmalaId lrk mdßfNda.slhka i|yd fuu kj rka Kh fiajd tallh losu úiÿula jkq we;’

නව නිවහනකට පිවිසි HNB FINANCE වත්තල ශාඛාවේ සමාරම්භක අවස්ථාව සඳහා එහි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී මදුරංග හීන්කෙන්ද යන මහත්වරු ඇතුළුව සමාගමේ ඉහළ කළමනාකාරීත්වය සහභාගී වූහ.

“HNB FINANCE සමාගම සියලු ආකාරයේ මූල්‍ය පහසුකම් ලබා දෙන බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ පළමු තෝරාගැනීම බවට පාරිභෝගිකයින් අතර අපගේ ස්ථානය තහවුරු කිරීම අපගේ ව්‍යාපාරික උපායමාර්ගයෙහි මූලික අරමුණයි. මෙම අභිනව වත්තල ශාඛාව මගින් අපගේ අලුත්ම මූල්‍ය පහසුකම් සමග වඩාත් ප්‍රශස්ත මූල්‍ය සේවා අත්දැකීමක් ලබා ගැනීමට වත්තල සහ ඒ අවට පාරිභෝගිකයින්ට හැකියාව ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. HNB FINANCE හි මූල්‍ය සේවා පාරිභෝගික අවශ්‍යතා අනුව සකසා ගත හැකි බැවින් අභියෝගාත්මක ආර්ථික පරිසරයක් තුළ පවා මූල්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින මූල්‍ය සමාගමක් බවට පත් වීමට අපට හැකි වී තිබෙනවා. පාරිභෝගික සේවා විශිෂ්ටත්වයෙහි කැපවීම අභිනව වත්තල ශාඛාව තුළින් ද අත්විඳීමට හැකි බව මම විශ්වාස කරනවා” යනුවෙන් HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා පැවසීය.

 

 

 

 

 

 

සතුට, විනෝදය සහ එකමුතුකම සමඟින්...
Global Talent Competes to Solve...
අපනයනාභිමුඛ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව...
MAS wins multiple honours at...
ලොව පිළිගත් DENZA නව බලශක්ති...
வலுவான நிதி செயல்திறனை வெளிப்படுத்தி, வங்கியின்...
கண்ணுக்குத் தெரியாமலும், மதிப்பிடப்படாமலும்: இலங்கையின் சிறு...
කොළඹ වරායේ බහලුම් තදබදය අවම...
வலுவான நிதி செயல்திறனை வெளிப்படுத்தி, வங்கியின்...
கண்ணுக்குத் தெரியாமலும், மதிப்பிடப்படாமலும்: இலங்கையின் சிறு...
කොළඹ වරායේ බහලුම් තදබදය අවම...
Softlogic Life wins best “AI...