HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ මූල්‍ය සේවා සපයන්නෙකු වන HNB FINANCE PLC පසුගියදා පැවති හොඳම කළමනාකරණ ක්‍රමවේදයන් සහිත සමාගම් සඳහා වන සම්මාන උළෙලේදී (Best Management Practices Company (BMPC) Awards) සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. මෙය සමාගම විසින් BMPC සම්මාන උළෙලකදී දිනාගත් කුළුදුල් සම්මානය වීම විශේෂත්වයකි. මෙම සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

එහිදී, HNB FINANCE පෞද්ගලික අංශයේ මූල්‍ය හා ලීසිං ක්ෂේත්‍රයේ ජයග්‍රාහකයා බවට වූ අතර 2026 BMPC සම්මාන උළෙලේ විශිෂ්ටතම සමාගම් හතළිහ අතරට ඇතුළත් වීමටද HNB FINANCE සමාගම සමත් විය.

ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM ශ්‍රී ලංකා) මගින් සංවිධානය කරනු ලැබූ 2026 BMPC සම්මාන උළෙලේ අරමුණ වන්නේ, විශිෂ්ට කළමනාකරණ භාවිතයන්, උපායමාර්ගික නායකත්වය සහ වෘත්තීයමය ප්‍රමිතිය මනාව පෙන්නුම් කරන සමාගම් ඇගයීමට ලක් කිරීමයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB FINANCE කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා සඳහන් කළේ “HNB FINANCE වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා භාවිතා කළ හොඳම කළමනාකරණ ක්‍රමවේද හරහා ලබාගත් සාර්ථක ප්‍රගතිය මෙම ඇගයීමෙන් පිළිබිඹු වෙනවා. පසුගිය මූල්‍ය වසරේදී අප සියලු අංශවලින් විශිෂ්ට ප්‍රතිඵල අත්කරගත් අතර අපගේ ව්‍යාපාරික ආකෘතිය වෙනස් කරමින් ඉහළ සාර්ථකත්වයක් ලබා ගැනීමට දැරූ උත්සාහය ඇගයීමට ලක්වීම පිළිබඳව අප ආඩම්බර වෙනවා. තවද, අපගේ සියලුම පාර්ශවකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරමින්, තවදුරටත් වර්ධනය වීමට මෙම ජයග්‍රහණය විශාල දිරිගැන්වීමක් ද වන බව සඳහන් කිරීමට කැමතියි.” යනුවෙනි.

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...