HNB MOMO නවතම mini POS උපාංගය හරහා ව්‍යාපාර සවිබල ගැන්වීමට කටයුතු කරයි

Share

Share

Share

Share

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම ගෙවුම් විසඳුමක් වන HNB MOMO නවතම mini POS උපාංගය PAX D188 පසුගියදා හඳුන්වා දුන්නේය. ඒ තුළින් සිය ගෙවීම් විසඳුම් තුළ සැලකිය යුතු ඉහළ නැංවීමක් සිදු කිරීම HNB හි අපේක්ෂාවයි.

ඒකාබද්ධ QR කේත කැමරාවකින් සමන්විත වඩාත් නවීන සහ බහුකාර්ය හැකියාවකින් යුතු MiniPOS උපාංගය මඟින් සම්ප්‍රදායික කාඩ්පත් swipe කිරීම, සම්බන්ධතා රහිත ගෙවීම් සහ බොහෝ දෙනා භාවිත කරන ගෙවීම් වේදිකාවන් හරහා QR කේත ගෙවීම් සිදු කිරීමට සැලසුම් කොට ඇත. ඒ තුළින් පුළුල් පරාසයක විහිදුණු ගෙවීම් ක්‍රමයන් පිළිගැනීමේ අවස්ථාව වෙළෙඳුන්ට උදා කර දීමට කටයුතු කර ඇති HNB MOMO ගනුදෙනු විධිමත් කිරීමට මෙන්ම ආදායම් ඉපයීමේ වේගය ඉහළ නැංවීමට උපකාර කරනු ලබයි. අතේ ගෙන යා හැකි උපාංගයක් තුළින් මෙම ගනුදෙනු සිදු කිරීමේ අවස්ථාව වෙළෙඳුන් වෙත උදා වන බැවින් ඕනෑම ස්ථානයක සිට පහසුවෙන් ගෙවීම් භාර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබේ. තවද මේ සඳහා POS පද්ධතියක අවශ්‍යතාවක් නොවීමද ඊට තවත් පහසුවක් එක් කරනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB කාඩ්පත් ප්‍රධානී ගෞතමී නිරන්ජන් මහත්මිය සඳහන් කළේ “වර්තමානය වන විට මෙරට බොහෝ ව්‍යාපාර සුවිසල් පරිවර්තනයකට ලක් වෙමින් තිබෙනවා. එම පරිවර්තනය වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම අපගේ අරමුණයි. මෙම mini POS උපාංගය හඳුන්වා දීම තුළින් ඔවුන්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීම සඳහා වන අපගේ කැපවීම මනාව අවධාරණය කරනවා. ගෙවීම් විසඳුමකට එහා ගිය මෙම උපාංගය විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාර සඳහා උපාය මාර්ගික වත්කම, බහුකාර්ය බව, ආරක්ෂාව හා විශාල හා කුඩා පරිමාණයේ ව්‍යාපාරවල විවිධ අවශ්‍යතා සපුරාලීමේ පහසුව ලබා දෙනවා. අපගේ අරමුණ වන්නේ ඩිජිටල් නවෝත්පාදනයන් ඉහළ නංවමින් මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ වර්ධනයක් ඇති කිරීමයි.” යනුවෙනි.

විද්්‍යුත් ගෙවීම් කාඩ්පත් හා QR කේතය හරහා ගෙවීම් අනුමත කරන වෙළෙන්දන් සඳහා පහසු හා අඩු වියදම් POS විසඳුමක් ලෙස HNB MOMO හඳුන්වා දිය හැකිය. නව mini POS උපාංගය සමඟින් සිය ගනුදෙනුකරුවන්ගේ ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් හා QR ගෙවීම් වඩාත් පහසුවෙන් අනුමත කිරීමේ අවස්ථාව වෙළෙඳුන්ට උදා වේ.

එසේම කුඩා ව්‍යාපාර, ගෘහ ආශ්‍රිත ව්‍යාපාර, බෙදාහැරීම් සේවාවන්, වීදී වෙළෙන්දන්, ජංගම වෙළෙසැල්, විනෝදාස්වාද සේවා සහ උත්සව සංවිධායකයින් වැනි විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාරිකයින් හට පහසුවෙන් ගෙවීම් ලබා ගැනීමට ආරක්ෂිත, කාර්යක්ෂම හා පහසු විසඳුමක් ගෙන එමින් මෙම D188 mini POS උපාංගය ඔවුන්ව සවිබල ගන්වනු ඇත.

*ඡායාරූපය – ඩිජිටල් ගෙවීම් රැසක් සිදු කිරීමේ හැකියාව සහිත HNB MOMO හි PAX D188 mini POS උපාංගය*

இலங்கை நுரையீரல் நிபுணர்கள் கல்லூரியின் ‘RESPIRE...
Lina මැනුෆැක්චරින්,ශ්‍රී ලංකා ශ්වසන රෝග...
2026 சர்வதேச மகளிர் தினத்தை ஒட்டி...
Lina Manufacturing supports SL College...
Sampath Bank and Apartner Bring...
How Samsung’s Hospitality TV Series...
HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
How Samsung’s Hospitality TV Series...
HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...