HNB, SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී වසරේ සේවා සන්නාම කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගනී

Share

Share

Share

Share

ශ‍්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප‍්‍රමුඛතම ආයතනය වන ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 22 වන වරටත් සංවිධානය කළ 2023 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වසරේ සේවා සන්නාම කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා ගැනීමට සමත් විය.

බැංකු, රක්ෂණ, විදුලි සංදේශ, විනෝදාස්වාදය, අධ්‍යාපනය, විවේකය, ආයෝජනය, දේපළ වෙළඳාම්, සංචාරක, සැපයුම්, ප‍්‍රවාහන සහ සේවා අංශය වැනි ක්ෂේත‍්‍ර අතර පැවති තියුණු තරඟයකින් අනතුරුව HNB මෙම ලෝකඩ සම්මානය හිමිකර ගත්තේය.

ලබා ගත් මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාරිභෝගික බැංකුකරණ සමූහ සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ”HNB පරම්පරා ගණනාවක් පුරා ශ‍්‍රී ලාංකිකයන් සඳහා විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව කටයුතු කර තිබෙනවා. විශ්වාසනීය අනාගතයක් සඳහා HNB හි පරිවර්තනීය සේවා පෙළගැස්වීම වෙනුවෙන් අපි පසුගිය වසරේ අපගේ සන්නාමය උපායශීලීව යාවත්කාලීන කළා. SLIM වෙතින් සේවා කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා ගැනීම තුළින් අපගේ අඛණ්ඩ වර්ධනය සහ විශිෂ්ටත්වය යළිත් පිළිබිඹු කරනවා.” යනුවෙනි.

SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙල මෙරට අලෙවිකරුවන්ගේ නිර්මාණශීලීත්වය සඳහා තරඟකාරී වේදිකාවකි. මෙම සම්මාන උළෙල මඟින් වෙළෙඳපල ජයග‍්‍රහණය කිරීමට සහ පාරිභෝගිකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකි ප‍්‍රබල උපාය මාර්ග සැකසීමට සහ ක‍්‍රියාත්මක කිරීමට ආයතනවලට උපකාර කරමින් ප‍්‍රධාන ආර්ථික බලවේගයක් ලෙස අලෙවිකරණය ඉහළ නැංවීම පිළිබඳව SLIM ආයතනය දක්වන දායකත්වය සහ එහි ප‍්‍රයත්නය මැනවින් පිළිබිඹු වේ.

”පසුගිය වසරේදී, අපගේ කණ්ඩායම HNB හි අනන්‍යතාවය නැවත අලූත් කිරීම සඳහා එඩිතර ක‍්‍රියාමාර්ගයක් ගනු ලැබුවා. එහිදී අප සමඟ බැංකුකරණයේ සතුට සහ ශක්තිය නියෝජනය කරන නව, විචිත‍්‍රවත් ලාංඡුනයක් නිර්මාණය කිරීමට අප කටයුතු කරනු ලැබුවා. අපගේ මෙම පරිවර්තනීය ගමන් මඟ හුදු සංකල්පයකින් ඔබ්බට ගොස්, අපගේ ජංගම යෙදුම්වල සිට අපගේ ශාඛා ජාලය දක්වා අප පිරිනමන සෑම සේවාවකට උපරිම වටිනාකමක් සහ කාර්යක්ෂමතාවයක් එකතු කරනවා.”

‘‘අපගේ අභිප‍්‍රාය වූයේ අපගේ උසස් බැංකු සේවා, නව්‍ය නිෂ්පාදන සමඟින් සෑම දෙනාටම සුවිශේෂී අත්දැකීමක් ලබාදීම සඳහා මහජනතාව අතරට අපගේ සන්නාමය ගෙනයාමයි. අපගේ සන්නාමය තුළ ඇති වැදගත්කම අවධාරණය කරමින්, අපි කාර්යයක්ෂම සහ විශ්වාසනීය බැංකුවක් බවට පත් වෙමින් ගනුදෙනුකරුවන් සමඟ අපගේ සබඳතාව ශක්තිමත් කරගෙන තිබෙනවා. මෙම බැඳීම තරඟකාරී වෙළඳපොලක අපගේ සන්නාමයේ සාර්ථකත්වය සඳහා තදින්ම බලපා තිබෙනවා.” යනුවෙන් HNB හි අලෙවි ප‍්‍රධානී උපුල් අධිකාරි මහතා ප‍්‍රකාශ කළේය.

විශිෂ්ට සහ සවිමත් තරඟයක් තුළින් වසර පුරාවට කැපී පෙනෙන දස්කම් දක්වමින් ව්‍යපාර ක්ෂේත‍්‍රයේ සහ පාරිභෝගිකයින් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමිකර ගත් සන්නාම රැසක් ඔවුන් දැක්වූ කැපවීම සහ උත්සහයේ සාර්ථක ප‍්‍රතිඵල සිහිපත් කරමින් ඇගයීම SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ මූලික අපේක්ෂාව වේ. මෙම වේදිකාව හරහා සන්නාම ගොඩනැංවීම වෙනුවෙන් සිදුකළ මෙහෙවර විශාල පේ‍්‍රක්ෂක පිරිසක් ඉදිරියේ ඇගයීම පමණක් නොව අලෙවිකරණ වෘත්තිය වෙනුවෙන් ඔවුන් ලබා දුන් දායකත්වයට ද ඉහළම පිළිගැනීමක් ලබා දෙමින් ඔවුන්ගේ හැකියාවන් සහ උනන්දුව වැඩි දියුණු කිරීම සඳහා අභිපේ‍්‍රරණය කිරීම ද සිදු වේ.

ඡායාරූපය 01:

HNB කළමනාකාර අලෙවිකරණ සන්නිවේදන අනුක් ද සිල්වා මහතා HNB අලෙවිකරණ කණ්ඩායම වෙනුවෙන් වසරේ SLIM සේවා සන්නාම කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය ලබාගනිමින්

 

Minoli Wickramasinghe appointed President of...
City of Dreams பெருமையுடன் வழங்கும்...
ஜனசக்தி பைனான்ஸ், பெண்களின் புத்திசாதுரியமான நிதி...
Janashakthi Foundation and President’s Fund...
ජනශක්ති පදනම සහ ජනාධිපති අරමුදල...
Samsung இன் புதிய Galaxy A57...
Stopping Financial Fraud Before It...
Janashakthi Life strengthens commitment to...
Samsung இன் புதிய Galaxy A57...
Stopping Financial Fraud Before It...
Janashakthi Life strengthens commitment to...
HNB FINANCE PLC, BMPC 2026...