IASL, රක්ෂණයේ නව්‍ය හෙට දවසකට මග විවර කරමින් 16 වැනි NAFLIA සමුළුව සංවිධානය කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් අඛණ්ඩව 16 වැනි වරටත් පවත්වනු ලැබූ NAFLIA සමුළුව පසුගියදා Monarch Imperial හිදී පැවැත්විණ. මෙරට ජීවිත රක්ෂණ උපදේශකයින්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම හා ඇගයීම සඳහා වන සුවිශේෂී අවස්ථාවක් වූ මෙය ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ අලෙවිකරණ හා විකූණුම් සංසදය හරහා සංවිධානය කරනු ලැබීය. එම සමුළුව තුලින් කර්මාන්ත ප්‍රමිතීන් ඉහළ නැංවීමට මෙන්ම ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය තවදුරටත් ආරක්ෂා කිරීමට IASL හි කැපවීම ද නැවත නැවතත් තහවුරු විය. ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ හෙට දවස වෙනුවෙන් වටිනා අදහස් රැසක් බෙදා හදා ගත් මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ නියෝජිතයින්, IASL සාමාජිකයින්, ප්‍රධාන රක්ෂණ සමාගම්හි ප්‍රධාන විධායක නිලධාරීන්, උපදේශකයින්, කණ්ඩායම් සාමාජිකයින් සහ ප්‍රධාන කොටස්කරුවන් ඇතුලු 700කට අධික පිරිසක් එක්ව සිටියහ.

මෙම වසරේ සමුළුව ‘Drivers of Change: Driving Growth in a New World of Insurance’ යන්න තේමා කරගනිමින් සංවිධානය විය. එහිදී විශේෂයෙන් තාක්ෂණික දියුණුව, වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා, ජන විකාශනයේ වෙනස්කම්, නියාමන ප්‍රතිසංස්කරණය හා සුවිශේෂී වෙළෙඳපොල ප්‍රවණතා තුළින් ශක්තිමත්ව වේගයෙන් පරිවර්තනය වන කර්මාන්ත ක්ෂේත්‍රයක් තුළ ජීවිත රක්ෂණ උපදේශකයින්ගේ වෘත්තීය වර්ධනය පිළිබඳව අවධානය යොමු කරන ලදී. මෙහිදී අවධාරණය කර සිටියේ රක්ෂණ නියෝජිතයින් පවතින තත්වයට හැඩ ගැසීමට වඩා පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට කටයුතු කළ යුතු බවයි. එසේම සියලු දෙනාට පෙර නවෝත්පාදනයන් අනුගමනය කිරීමට ඔවුන්ට හැකි විය යුතු අතර ඩිජිටල් කුසලතා වැඩි දියුණු කර ගනිමින් විශ්වසනීය හා දිගුකාලීන බලපෑමක් ඇති කිරීම සඳහා පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් විසඳුම් ලබා දිය යුතු බවද මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙහි ප්‍රධාන දේශනය පැවැත්වූ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ (PIM) අධ්‍යක්ෂ හා සභාපති ආචාර්ය අසංග රණසිංහ මහතා ජන විකාශය හා තාක්ෂණික වෙනස්කම් හේතුවෙන් ක්ෂේත්‍රය තුළ අවස්ථා, නායකත්වය, වර්ධනය සහ පරිවර්තනය සඳහා සුවිසල් අවස්ථාවක් නිර්මාණය වී ඇති බව පෙන්වා දෙන ලදී.

IRCSL හි අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය සිය දේශනය තුලින් පවසා සිටියේ “මූල්‍යමය ශක්තිය හා විශ්වාසය ගොඩනැගීමේ සුවිශේෂී හවුල්කරුවන් ලෙස ජීවිත රක්ෂණ උපදේශකයින් පෙන්වා දිය හැකියි. ඔවුන්ගේ විශිෂ්ටත්වය ඇගයීම, අඛණ්ඩ ඉගෙන්ම දිරිමත් කිරීම හා වෙනස්වන පරිසරයක් තුළ වර්ධනය වීම සඳහා වෘත්තියින් සූදානම් කිරීම සඳහා NAFLIA වැනි අවස්ථාවන් ඉතා වැදගත් වනවා. ඊට අදාල තේමාවන් පාදක කර ගනිමින් මෙවර උත්සවය සංවිධානය කිරීම පිළිබඳව IASL සහ MSF වෙත ස්තුතිය පළ කර සිටින අතර ඉදිරියේදීත් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගතිය වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ IASL හි සභාපති ලසිත විමලරත්න මහතා “කර්මාන්තයේ හෙට දවසේ පැවැත්ම වෙනුවෙන් ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය සහ වෘත්තීය සංවර්ධන ඉතා වැදගත් වනවා. අද වන විට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය සුවිසල් පරිවර්තනයකට ලක් වෙමින් පවතින අතර එහි ප්‍රධාන භූමිකාව අපගේ උපදේශකයින් විසින් සපයනවා. IASL ලෙස අපගේ දැක්ම හා නායකත්වය තුළින් ඔවුන්ව ශක්තිමත් කිරීමට අවධානය යොමු කර ඇති අතර 2025 NAFLIA සමුළුව තුලින් ඒ සඳහා වන අපගේ කැපවීම මනාව තහවුරු වෙනවා.” යනුවෙන් පැවසීය.

ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ විශිෂ්ට හා කැපී පෙනෙන හැකියාවන් ප්‍රදර්ශනය කළ රක්ෂණ නියෝජිතයින් ඇගයීම මෙම සමුළුවේ සුවිශේෂී අවස්ථාවක් විය. එහිදී හොඳම බැංකු රක්ෂණ අලෙවි නිලධාරියා ලෙස AIA හි ඊ. තුවරාගා සහ ජාතික කාණ්ඩයේ හොඳම බැංකු රක්ෂණ අලෙවි අධීක්ෂක/ කණ්ඩායම් නායක ලෙස Union Assurance හි ධර්මරාජ ගෝකුලරාමනන් විසින් ජාතික කාණ්ඩයේ රන් සම්මාන හිමි කර ගන්නා ලදී. එසේම Ceylinco Life හි එස්. දර්ශන් හොඳම ශාඛා කළමනාකරු ලෙස ජාතික කාණ්ඩයේ රන් සම්මානය දිනා ගත් අතර එහිම ආර්. පී. එදිරිසිංහ ජාතික කාණ්ඩයේ හොඳම අධීක්ෂක ලෙස රන් සම්මාන දිනා ගත්තේය. තවද යලිත් වරක් Ceylinco Life නියෝජනය කරමින් හොඳම උපදේශක ලෙස ජාතික කාණ්ඩයේ රන් සම්මානය දිනා ගැනීමට ඒ. එස්. හෙට්ටිආරච්චි සමත් වීමද මෙහි විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ අලෙවිකරණ හා විකුණුම් සංසදය (MSF), රක්ෂණ ක්ෂේත්‍රය වෙත මහජන ආකර්ෂණ ඇති කිරීම හා දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා වැඩසටහන් නිර්මාණය, සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි. ඒ වෙනුවෙන් රක්ෂණ දැනුවත් කිරීමේ මාසයේදී NAFLIA වැනි වැඩසටහන් සංවිධානය කිරීමට ඔවුන් කටයුතු කර ඇත.

தேசிய பொருளாதார மீட்புக்காக ஃபாம் ஒயில்...
நற்காரியங்களின் 23வது RO நிலையத்திற்கான சன்ஷைன்...
Huawei Named Sole Leader in...
Sri Lanka’s Business Leaders Convene...
වෙළෙඳ සේවා වොලිබෝල් තරඟාවලියේදී MAS...
IASL, රක්ෂණයේ නව්‍ය හෙට දවසකට...
Cinnamon Life at City of...
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සැබෑ විනෝදාස්වාදය වෙනුවෙන්...
IASL, රක්ෂණයේ නව්‍ය හෙට දවසකට...
Cinnamon Life at City of...
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සැබෑ විනෝදාස්වාදය වෙනුවෙන්...
2025 ගෘහ පාලන සතිය සමඟින්...