ILO වෙතින් ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වලට බහුවිධ අර්බුද බලපාන ආකාරය පිළිබඳ වැදගත් වාර්තාවක්

Share

Share

Share

Share

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් 2023 නොවැම්බර් මස 7 වන දින ‘‘ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වල බහුවිධ අර්බුදවල බලපෑම’’ නම් වන සිය ප‍්‍රධාන වාර්තාව නිකුත් කිරීමට නියමිත බව නිවේදනය කර සිටී. මෙම වාර්තාව, ILO මගින් සිදු කරන ලද පුළුල් විශ්ලේෂණයක ප‍්‍රතිඵලයක් වන අතර එය ශ්‍රී ලංකාවේ දිස්ත‍්‍රික්ක 10 ක් ආවරණය කරමින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර (MSMEs) 550 කට වැඩි සංඛ්‍යාවක් ආවරණය වන අයුරින් සිදු කරන ලද සමීක්ෂණ මෙන්ම රජයේ නියෝජිතයින් සහ රාජ්‍ය නොවන සංවිධාන පදනම් කරගත් සම්මුඛ සාකච්ඡා ඇතුළත් වේ.

මෙම වැදගත් සහ කාලෝචිත අධ්‍යයනය මගින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරවලට (MSMEs) බහුවිධ අර්බුද බලපා ඇති ආකාරය විමසා බලයි. එය ශ‍්‍රම වෙළඳපොළ යථා තත්වයට පත් කිරීමට සහ පරිවර්තනීය වෙනසකට ලක් කිරීම සඳහා උපායමාර්ග සැකසීමට වැදගත් මූලාශ‍්‍රයක් ලෙස ක‍්‍රියා කිරීමට උපකාරී වන අතර ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට සහ මෙම අංශය තුළ රැකියා ජනනය වැඩි කිරීමට අවශ්‍ය ප‍්‍රතිපත්ති පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂිකා සිම්රින් සිං මහත්මිය පැවසුවේ ‘‘රැකියා නැවත උත්පාදනය කරගැනීමට සහ අනාගත ආර්ථික දියුණුව සඳහා ශ‍්‍රී ලංකාව දරන උත්සාහයේ සැලකිය යුතු කොටසක් රඳා පවතින්නේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර කෙතරම් හොඳින් ක‍්‍රියා කරයිද යන්න මතයි. මෙම වාර්තාවේ තොරතුරු ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට සහ පුනර්ජීවනය කිරීමට අත්‍යවශ්‍ය වන රැකියා උත්පාදනය කිරීමට මෙන්ම අර්බුදවලට ලක්ව ඇති ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර නැවත නගා සිටු වීමට හා ඔවුන්ගේ දියුණුවට සහාය වීම සඳහා ප‍්‍රතිපත්ති සහ උපායමාර්ග නිර්මාණය කිරීමට උපකාරී වනු ඇතැයි අපි විශ්වාස කරනවා.’’ යනුවෙනි.

මෙම වාර්තාවේ එක් ප‍්‍රධාන සොයාගැනීමක් මගින් පෙන්නුම් කරන්නේ කොවිඞ්-19 වසංගතය හේතුවෙන් දැනට පවතින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් 80% කට ආසන්න ප‍්‍රමාණයකගේ ව්‍යාපාරික මෙහෙයුම්වලට දැඩි බලපෑමක් එල්ල කළ බවයි. ඒ අතර 2022 වසරේ ආර්ථික අර්බුදයට සමීක්ෂණයට ලක් වූවන්ගෙන් 89% කට විශේෂයෙන් සංචාරක කර්මාන්තය, නිෂ්පාදන, ඉදිකිරීම්, ප‍්‍රවාහනය සහ ගබඩා කිරීම, තොග සහ සිල්ලර වෙළෙඳාම සහ අනෙකුත් සේවාවලට දැඩි බලපෑමක් ඇති කළ බව ද මෙම සොයාගැනීම මගින් පෙන්වා දෙයි. තවද ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සංවර්ධනය උදෙසා සහාය දැක්වීමට කැපවූ ආයතනවලින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර බහුතරයකට සහාය නොලැබුණු අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට සිය ව්‍යාපාර වසා දැමීමට හෝ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූ බව මෙහිදී හෙළි විය.

මීට අමතරව, මෙම අර්බුදවලට මුහුණ දුන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර සිය ව්‍යාපාර සඳහා වඩාත් නම්‍යශීලී ප‍්‍රවේශයන් අනුගමනය කළහ. ඔවුන් තම ව්‍යාපාර මෙහෙයුම් සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීමට පටන් ගත් අතර පවත්නා සේවා නියුක්තියට අනුව සිය ව්‍යාපාර මෙහෙයුම් අනුවර්තනය කරගත්හ. තවද මෙම අධ්‍යයනය මගින් ව්‍යවසායකත්ව මානසිකත්වයක් තිබීම, නව තාක්ෂණයන්ට අනුගත වීම, සම්පත් කාර්යක්ෂමව ආදේශ කිරීම, නාස්තිය අවම කිරීම සහ නව වෙළඳපල ගවේෂණය කිරීම ආදිය ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාවට දායක වන ප‍්‍රධාන සාධක ලෙස හඳුනා ගෙන ඇත.

මෙම වාර්තාව මගින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරවල දියුණුව සඳහා පහසුකම් සැලසීමට විවිධ නිර්දේශ ඉදිරිපත් කරයි. එය ශ‍්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ යථා තත්වයට පත් කිරීමට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි වැදගත් ක්ෂේත‍්‍ර 12 ක් කෙරෙහි අවධානය යොමු කර ඇති අතර ඒවාට ඉහළ ප‍්‍රමුඛතාවයක් ලබා දිය යුතුය. මෙයට හිතකර සාර්වආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමත්, සාර්වආර්ථික ප‍්‍රතිපත්තිවල වෙනස්කම් ශ‍්‍රම වෙළඳපොළට බලපාන්නේ කෙසේද යන්න අධීක්ෂණය කිරීම මෙන්ම දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ප‍්‍රවේශය පුළුල් කරමින් බලශක්ති හා අත්‍යාවශ්‍ය සේවා පිරිවැය කළමනාකරණය කිරීම සඳහා ආයතනික වෙනස්කම් ක‍්‍රියාත්මක කිරීම යන මූලික ක්ෂේත‍්‍ර ඇතුළත් වේ.

මෙම වාර්තාව ප‍්‍රතිපත්ති සම්පාදකයින්ට, ව්‍යාපාරික නායකයින්ට සහ ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල අනාගතය ගැන උනන්දුවක් දක්වන පාර්ශවකරුවන් සඳහා ඉතා වටිනා සම්පතකි. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සඳහා වැදගත් දායකත්වයක් ලබා දෙන මෙම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර මුහුණ දෙන අභියෝග පිළිබඳ සම්පූර්ණ විශ්ලේෂණයක් ඉදිරිපත් කරන අතර ඔවුන්ගේ කාර්යසාධනය වැඩිදියුණු කිරීමට සහ රැකියා උත්පාදනය කිරීමට අවශ්‍ය සහාය පිළිබඳ වැදගත් අවබෝධයක් ලබා දෙයි.

‘‘ශ‍්‍රී ලංකාව සිය රැකියා වෙළෙඳපොළ යථා තත්වයට පත් කිරීමට මෙන්ම වෙළෙඳපල ප‍්‍රතියෝජනය කිරීමට යන ගමනට සහාය දැක්වීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය කැපවී සිටින අතර මෙම වාර්තාව එයට සැලකිය යුතු පියවරක් බව අප විශ්වාස කරනවා.” යනුවෙන් සිම්රින් සිං මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

 

2026 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය...
Prime සමූහය LMD වෙතින් මෙරට...
FACETS Sri Lanka 2027: ஒரு...
Shantha Bandara reappointed SLCPI President...
500 ட்ரோன்கள், முன்னணி கலைஞர்களின் இசை...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
உலகளாவிய சைபர் பாதுகாப்புப் தரவரிசையில் Sophos...