Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස ඉවෝන් බ්‍රෝහියර් මහත්මිය පත් කෙරේ

Share

Share

Share

Share

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී. එල්. සී. (Janashakthi Finance PLC) සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස ඉවෝන් බ්‍රෝහියර් මහත්මිය පත් කර ඇත. 2026 අගෝස්තු 18 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර තිබේ. ජනශක්ති ෆිනෑන්ස් සමාගම සිය වර්ධනය, මූල්‍ය කාර්යසාධනය සහ ආයතනික පරිවර්තනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සිටින අවස්ථාවක මෙම පත්වීම සිදු කර ඇති අතර, එමඟින් සමාගමේ ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායම තවදුරටත් ශක්තිමත් වනු ඇත.

මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නායකත්ව තනතුරු දැරීම සම්බන්ධයෙන් වසර 20 කට අධික පළපුරුද්දක් හිමි ඉවෝන් බ්‍රෝහියර් මහත්මිය, ආයතනික මූල්‍ය කළමනාකරණය, ක්‍රමෝපායික සැලසුම්කරණය, මූල්‍ය පාලනය, අවදානම් කළමනාකරණය සහ ව්‍යාපාර පරිවර්තනය යන ක්ෂේත්‍ර සම්බන්ධ විශේෂඥ දැනුමක් ඇති වෘත්තීයවේදිනියකි. මීට ඉහත ඇය PMF Finance PLC, Softlogic Finance PLC, Abans Finance PLC, Nations Trust Bank සහ AMW Capital Leasing and Finance PLC යන සමාගම්වල ජ්‍යෙෂ්ඨ නායකත්ව තනතුරු දරා ඇත.

ජනශක්ති ෆිනෑන්ස් සමාගමට එක්වීමට පෙර PMF Finance PLC හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය ලෙස කටයුතු කළ බ්‍රෝහියර් මහත්මිය, ඊට පෙර Softlogic Finance PLC හි ප්‍රධාන විධායක නිලධාරිනිය සහ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස කටයුතු කර තිබේ. මෙම තනතුරු දරමින් ඇය ව්‍යාපාර පුළුල් කිරීම, මූල්‍ය හා මෙහෙයුම් කාර්යසාධනය ශක්තිමත් කිරීම, පාලන රාමු වැඩිදියුණු කිරීම සහ ආයතනික පරිවර්තනයට සහාය වීම ඇතුළු කාර්යයන් රැසකට දායක වී ඇත.

මෙම පත්වීම පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගනේන්ද්‍රන් මහතා මෙසේ පැවසීය: “ඉවෝන් බ්‍රෝහියර් යනු මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම, නායකත්ව පළපුරුද්ද සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රය පිළිබඳ ගැඹුරු අවබෝධය යන සියල්ල හිමි ප්‍රවීණ වෘත්තීයවේදිනියක්. ඇයගේ පත්වීම සිදු වන්නේ ජනශක්ති ෆිනෑන්ස් සමාගමේ ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයකදීයි. වඩාත් ශක්තිමත් සහ තරගකාරී ව්‍යාපාරයක් ගොඩනැංවීම සඳහා අප දරන අඛණ්ඩ ප්‍රයත්නය තුළ, ඇයගේ විශේෂඥ දැනුම ඔස්සේ සමාගමේ මූල්‍ය කළමනාකරණය, ආයතනික පාලනය සහ ක්‍රමෝපායික තීරණ ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි කියා මා විශ්වාස කරනවා.”

නව තනතුර දරමින් ඉවෝන් බ්‍රෝහියර් මහත්මිය සමාගමේ ව්‍යාපාර සැලසුම්කරණය, අවදානම් කළමනාකරණය සහ ක්‍රමෝපායික තීරණ ගැනීම ඇතුළු අංශ රැසකට දායක වනු ඇති අතර, මූල්‍ය කළමනාකරණය සහ ආයතනික පාලනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහාද කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරනු ඇත.
ඉවෝන් බ්‍රෝහියර් මහත්මියගේ පත්වීමත් සමඟ සිය නායකත්ව කණ්ඩායම තවදුරටත් ශක්තිමත් කරගනිමින්, වර්ධන ක්‍රමෝපායන් ඔස්සේ මූල්‍ය ශක්තිය පුළුල් කරගන්නා අතරම සිය ගනුදෙනුකරුවන් සහ පාර්ශ්වකරුවන් වෙනුවෙන් වඩාත් ඉහළ ප්‍රතිලාභ පිරිනැමීම ජනශක්ති ෆිනෑන්ස් සමාගමේ අරමුණ වී තිබේ.

ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී පිළිබඳව
ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගම සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, කල්බදු (ලීසිං), රන් ණය (උකස් ඒවා), විකල්ප ,මූල්‍ය විසඳුම් සහ ආයතනික මූල්‍ය සේවා ඇතුළු විසඳුම් හා සේවාවන් රාශියක් පිරිනමයි. මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ වසර 45 ක ශක්තිමත් හා ස්ථාවර උරුමයක් එම සමාගම සතුය. නවෝත්පාදනයට මුල් තැන දෙමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම මූල්‍ය විසඳුම් හා සේවා සම්පාදකයෙකු ලෙස ගනුදෙනුකරුවන් අතර විශාල පිළිගැනීමක් හිමි කර ගැනීමට ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගම සමත් වී ඇත. JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී, ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී සමාගමක් වන අතර, Lanka Rating Agency (LRA) වෙතින් BB+ (Positive Outlook) ශ්‍රේණිය හිමි කරගෙන තිබේ.

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. – https://www.janashakthifinance.lk/

Huawei’s E-band Microwave RTN 3800...
Asia-Pacific Business Leaders to Accelerate...
Beyond the Classroom: Rethinking How...
සමර්සෙට් වතුයාය, කිසිදා නොබිඳුණු උරුමයක...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Built for the Game: Carnage...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Built for the Game: Carnage...
MAS Holdings மற்றும் Brandix லங்காவின்...