Janashakthi Life අධ්‍යාපනික මෙහෙවරේ තවත් පියවරක් වූ ‘ශිල්ප ශක්ති’ සාර්ථක ලෙස නිමාව දකී

Share

Share

Share

Share

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමය මෙන්ම ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Janashakthi Life විසින් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කරන ලද ‘ශිල්ප ශක්ති’ වැඩසටහන පසුගියදා සාර්ථක අන්දමින් පැවැත්විණි. ප්‍රවීණ හා ජනප්‍රිය ගුරුවරයෙකු වන භාරත ලංකාගේ මහතා සමඟ එක්ව ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහනට සිසු සිසුවියන් 5,000 කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙහිදී දිනුම් ඇදීමක් තුළින් තෝරාගන්නා ලද සිසු සිසුවියන් 5 දෙනෙකුට ටැබ්ලට් පරිගණක හිමිවූ අතර ඩබල් ඩෙකර් බසයක නැගී කොළඹ නගරයේ සංචාරයක නිරත වීමටද අවස්ථාව හිමි විය. මෙය අධ්‍යාපනය තුළින් මෙරට සිසු පරපුර සවිබල ගැන්වීම සඳහා Janashakthi Life දරන නිරන්තර උත්සාහයේ තවත් වැදගත් පියවරකි.

එල්. තරිඳු ධනුෂ්ක, ඒ. ජී. හසන්ති සංජලිකා සත්සරණි, කේ. එම්. නේහා දෙව්ලින්දි ගුණතිලක, ඩබ්ලිව්. දිනක්ෂ සස්විඳු කරුණාතිලක සහ කේ. ලකිඳු අයේෂ් ඉඳුවර යන සිසු සිසුවියෝ මෙලෙස ‘ශිල්ප ශක්ති’ දිනුම් ඇදීමෙන් ජයග්‍රහණ හිමි කර ගත්හ. Janashakthi Insurance PLC සමාගමේ මානව සම්පත් ප්‍රධානී ධනුෂ්ක සමරසිංහ, ප්‍රධාන ව්‍යාපාර නිලධාරිනී නාමලී ඒ සිල්වා, ජ්‍යෙෂ්ඨ විධායක (අලෙවි සේවා) උමේෂ් මධුෂාන්ත් සහ ක්‍රමෝපාය හා සැලසුම්කරණ ප්‍රධානී ජූඩ් සිල්වා යන මහත්ම මහත්මීන් විසින් එම සිසු සිසුවියන් වෙත ත්‍යාග ප්‍රදානය කරන ලදි.

Janashakthi Life පිළිබඳව
1994 වසරේදී ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ආරම්භ වූ Janashakthi Insurance PLC (Janashakthi Life) වසර 30 කට අධික උරුමයක් සමගින් මෙරටට නව්‍ය ජීවිත රක්ෂණ විසඳුම් හඳුන්වා දෙන, දොරින් දොර කියැවෙන නාමයක් බවට පත්වීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ බලපත්‍රලාභී ජීවිත රක්ෂණ සමාගමක් වන Janashakthi Insurance PLC මේ වන විට දිවයින පුරා ශාඛා 76 කට අධික සංඛ්‍යාවක් පිහිටුවා ඇත. “Uplifting lives and empowering dreams” (‘ජිවිතයන් නඟා සිටුවීම සහ සිහිනයන් බලගැන්වීම’) යන ආයතනික අරමුණට සමගාමීව සිය ගනුදෙනුකරුවන්ට සහ සියලුම හවුල්කරුවන්ට රක්ෂණ ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට ගිය විශිෂ්ට සේවාවක් සලසමින් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වීම එම සමාගමේ අරමුණ වී තිබේ.

Sri Lanka strengthens business confidence...
ජී.එස්.පී ප්ලස් යලි සලකා බැලීම...
99x Rebuilds Flood-Damaged IT Labs...
Sunshine Holdings records 16.6% YoY...
Janashakthi Life සමාගම Great Place...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
கிழக்கிலங்கையில் தடம் பதிக்கும் BYD: மட்டக்களப்பில்...
Samsung Sri Lanka Opens Pre-orders...
The Royal College Union, jointly...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් අනාගතය වෙනුවෙන් සිය...