John Keells CG Auto පුද්. සමාගමේ ප්‍රකාශය

Share

Share

Share

Share

2025 ජූලි මස 29 වන දින නිකුත් කරනු ලැබූ ප්‍රකාශයෙන් පසුව BYD රථවාහනවල මෙරට බලයලත් බෙදා හරින්නා වන John Keells CG Auto පුද්. සමාගම (JKCG) 2025 අගෝස්තු 04 වන දින අතුරු සහනයක් ඉල්ලමින් අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කර ඇත.
එසේම මෙහිදී JKCG විසින් තවත් සහන කිහිපයක් ඉල්ලා සිටි අතර එහි එක් සහනයක් වූයේ දැනට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින BYD රථ වාහනයන්හි තෝරාගත් මාදිලි කිහිපයක් මුදා හැරීමයි. මේ වන විට රේගුව විසින් රඳවා තබාගෙන ඇති එම රථ වාහන බැංකු ඇපකරයක් මත නිදහස් කිරීමට ශ්‍රී ලංකා රේගුව එකඟ විය. මෙය අපගේ වටිනා පාරිභෝගිකයින් 1,000කට ආසන්න පිරිසකට මෙතෙක් මුහුණ දී ඇති අනපේක්ෂිත ප්‍රමාදයෙන් පසු බලාපොරොත්තු සහගත සහනයක් වනු ඇත.

අන්තර්ජාතිකව පිළිගත් මෝටර් රථ නිෂ්පාදකයින්, මෝටර් රථ නිෂ්පාදනයේදී ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි නීතිමය සම්මතයන්ට අනුව පාරිසරික කොන්දේසි හා පාරිභෝගික ඉල්ලීම් සපුරාලීම උදෙසා වාහන උපාංග නිර්මාණය කිරීම ප්‍රමුඛපෙලේ ජාත්‍යන්තර වාහන නිෂ්පාදකයින් අතර සම්මත ක්‍රියාවලියක් වේ.

උදාහරණයක් ලෙස ජපානය සහ තායිලන්තය වැනි වෙළෙඳපොල සඳහා BYD ATTO 3 මාදිලිය 150 kW මෝටර් ප්‍රභේදයකින් නිෂ්පාදනය කර ඇති අතර සිංගප්පූරුව, නේපාලය හා ශ්‍රී ලංකාව සඳහා 100 kW මෝටර් ප්‍රභේදයකින් නිෂ්පාදනය කර තිබීම පෙන්වා දිය හැකිය.
මෙම සියලු රථ වාහන සම්මත තාක්ෂණික විශේෂණයන්ට අනුව නිර්මාණය කර ඇති අතර, මෙහි මෝටර් බලය සම්බන්ධ දෘඩාංග සහ මෘදුකාංග සංරචක, ඒවාට ආවේණික විශේෂිත අංගයන් වේ. එය නිෂ්පාදනයෙන් පසුව වෙනස් කළ නොහැක. එය නිෂ්පාදක සීමාවන් මත පදනම් වූ සම්මතයන්ට අනුකූලව ස්ථිර චුම්බක සමතුලිත මෝටරයද ඇතුළත් ධාවක පද්ධතියේ සංකීර්ණත්වය වැනි කරුණු මේ සඳහා හේතු වේ.

වාහන මුදාහැරීම සඳහා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් සත්‍යාපනය කරනු ලබන මූලික ලේඛන ලෙස නිෂ්පාදක ආයතනය නිකුත් කරන සහතිකය සැලකේ. BYD ආයතනය විසින් නිකුත් කළ සහතිකය JKCG විසින් ආනයනය කරනු ලැබූ සියලු තොග සඳහා රේගුවට නිසි පරිදි ලබාදීමට JKCG කටයුතු කර ඇත. ස්ථාපිත ක්‍රියාවලියක් ලෙස, මෙම සහතිකය පෙර ආනයනය කරන ලද නිෂ්පාදන මුදා හැරීමේදී ස්ථිර පදනම වශයෙන් භාවිතා වී ඇත.

සෑම විටම විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට කැපවී සිටින වගකිවයුතු ආයතනයක් ලෙස JKCG විසින් සිදු කරනු ලබන සියලු වාහන ආනයනයන් දේශීය නීතී රෙගුලාසිවලට සම්පූර්ණයෙන් අනුකූල වන බවට සහතික කරමු. නියාමන අවශ්‍යතාවන්ට අනුව වාහන මුදා හැරීමට හා අනාගත සියලු තොග නිෂ්කාශනය කිරීමේ පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා රේගුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටද අප කැපවී සිටිමු.

මෙම ප්‍රමාදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පාරිභෝගිකයින් සමඟ එක්ව කටයුතු කරන අප ඔවුන්ගේ වාහන බෙදාහැරීමේ නවතම කාලසීමාවන් පිළිබඳව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමු. මෙම ගැටලුව විසඳීම සඳහා අප මේ පියවර ගනු ලබන අතර ඒ සම්බන්ධයෙන් ඔබ දැක්වූ අවබෝධය සහ ඉවසීම අගය කර සිටිමු. අවශ්‍යතාව පරිදි මින් ඉදිරියට ඔබ සියලු දෙනා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමටද අපි කටයුතු කරමු.

පෙත්සම්කරු JKCG වෙනුවෙන් නීතිඥ රියාඩ් අමීන් මහතා, නීතිඥ වරණ විජේනායක මහතා සහ නීතිඥ ෂහානි මැකී මහත්මිය සමඟ ජනාධිපති නීතිඥ ෆර්සානා ජමීල් මහත්මිය පෙනී සිටියහ.

වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඒ. එස්. ජී. සුමති ධර්මවර්ධන මහතා පෙනී සිටියේය.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...