John Keells CG Auto (JKCG) සුඛෝපභෝගී DENZA විදුලි වාහනය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ තිරසාර ගමනාගමනයේ ප්‍රමුඛයා මෙන්ම දශකයකට අධික කාලයක් පුරාවට නව තාක්ෂණයෙන් සහ විශිෂ්ටත්වයෙන් යුතු සුඛෝපභෝගී විදුලි වාහන සන්නාමයක් වන DENZA මෝටර් රථ සඳහා මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto, DENZA සන්නාමය ඉදිරියේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිතය. ඒ අනුව DENZA, තමන්ගේම සුඛෝපභෝගී වාහනයක් පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින මෙරට සුවහසක් ජනතාවට නවතම හැඩයෙන් සහ සුඛෝපභෝගීත්වය සහිත ප්‍රීමියම් තත්ත්වයේ නව බලශක්ති වාහන (NEV) අත්දැකීමක් ලබා දෙනු ඇත.

මෙරටට නිල වශයෙන් හඳුන්වා දීමට පෙර DENZA වාහන කලින් වෙන්කරවා ගැනීමට පාරිභෝගිකයින්ට දැන් හැකියාව ඇත. මෙම වාහන සුඛෝපභෝගී, AI විශේෂාංග සහ ඉහළ කාර්ය සාධනයක් සහිත නව බලශක්ති වාහන මිලදී ගැනීමට අවශ්‍ය පාරිභෝගිකයින් සඳහා නිර්මාණය කර ඇත. මෙම හඳුන්වා දීම ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර තිරසාර ගමනාගමනය වෙත මෙරට රැගෙනයාමට සහාය වීම සඳහා JKCG Auto හි අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාවේදී DENZA සුඛෝපභෝගී EV මාදිලි තුනක් ඉදිරිපත් කිරීමට නියමිතය. DENZA D9 යනු පවුලක සාමාජිකයින් හට එක්ව ගමනාගමනය සඳහා නිර්මාණය කර ඇති සුඛෝපභෝගී විදුලි MPV රථයක් වන අතර DENZA B8 සහ DENZA B5 යනු උද්යෝගිමත් ධාවනයන් සඳහා ඇල්මක් ඇති පාරිභෝගිකයින් සඳහා නිර්මාණය කරන ලද plug-in hybrid SUV රථ වේ. මෙම වාහන උසස් ආරක්ෂිත මෙවලම් සහ තාක්ෂණික විශේෂාංගවලින් සමන්විතය.

සෑම DENZA වාහන මාදිලියක්ම උසස් තත්ත්වයෙන් යුතුව නිර්මාණය කර ඇති අතර දියුණු තාක්ෂණය සහ ඉහළම තත්ත්වයේ විදුලි සහ plug-in hybrid වාහනවලින් අපේක්ෂා කරන උසස් සුඛෝපභෝගී අත්දැකීම පාරිභෝගිකයින් වෙත ළඟා කර දීම කෙරෙහි DENZA සන්නාමය දැඩි අවධානය යොමු කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් John Keells CG Auto හි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා පැවසුවේ “ශ්‍රී ලංකාවට BYD හඳුන්වා දුන් දින සිට එම වාහනවල වේගය, බලය, කාර්යක්ෂමතාව, ආරක්ෂාව සමඟින් පාරිභෝගිකයින්ට ලබා දෙන අද්විතීය ප්‍රතිලාභ හේතුවෙන් BYD ඉක්මනින් රටේ වඩාත්ම ජනප්‍රිය NEV සන්නාමය බවට පත් වුණා. DENZA සමඟින්, අපි දැන් එම පොරොන්දුව සුඛෝපභෝගී වාහන වෙළෙඳපොල දක්වා ව්‍යාප්ත කර තිබෙනවා. තවද DENZA හඳුන්වා දීමත් සමඟින් සිංගප්පූරුව, එක්සත් රාජධානිය සහ හොංකොං වැනි අනෙකුත් ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ ශ්‍රී ලංකාව ද එක්වන අතර, මේ පිළිබඳව අපි ඉතා ආඩම්බර වනවා.”

“DENZA ලොව වඩාත්ම දියුණු සුඛෝපභෝගී NEV අත්දැකීමක් පාරිභෝගිකයින්ට ලබා දෙනවා. එමෙන්ම මෙම වාහන හොඳින් සමතුලිත රිය පැදවීමේ කාර්ය සාධනය, AI තාක්ෂණය සහිත විදුලි පද්ධතියකින් ද සමන්විත වන අතර මගී සුවපහසුව සඳහා විශේෂ අභ්‍යන්තර නිමාවකින් ද යුතුව ඒවා නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. මෙම සියලු පහසුකම්වලින් DENZA සන්නාමය අපගේ වටිනා ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත හඳුන්වා දීමට ලැබීම පිළිබඳව අපට ඉතාමත්ම සතුටුයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ඔක්තෝබර් 1 වන දින සිට ආරම්භ වන කලින් වෙන්කරවා ගැනීම් අතරතුර මෙරට පාරිභෝගිකයින්ට DENZA හි උසස් තාක්ෂණය දැක බලා ගත හැකි අතර ඉතා ඉක්මනින් නිල වශයෙන් හඳුන්වා දීමද සිදු වනු ඇත. මෙයින්, DENZA තිරසාර සුඛෝපභෝගී ගමනාගමනය සඳහා ඇති සිය කැපවීම සහ පරිසර හානිය අවම ප්‍රවාහනයක් වෙත ශ්‍රී ලංකාව ගමන් කිරීම සඳහා සහාය වීම ද පෙන්නුම් කරයි.
DENZA සහ John Keells CG Auto යන දෙපාර්ශවය විසින් මෙම හවුල්කාරිත්වය සඳහා වන අවබෝධතා ගිවිසුමට පසුගියදා අත්සන් තබන ලදී. තවද මෙම හවුල්කාරිත්වය DENZA හි දියුණු NEV තාක්ෂණය සහ ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ John Keells CG Auto හි ශක්තිමත් පැවැත්ම සහතික කරයි.

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...